පලමු පෝස්ටුව කියවපු අයට දැන් යම් අදහසක් ඇති ජීවිත රක්ෂණයක් කියන්නෙ මොකද්ද කියලා...මේ දැනුවත් කිරීමේ අරමුණ රක්ෂණ ගන්න කියල කියන එක නෙමේ...(මම රක්ෂණ විකුණන්නෙ නෑ)...මිනිස්සු දැනුමක් නැතිව මුදල් යොදවල,අන්තිමට මුදලුත් නැති වන්දිත් නැති තත්වෙට පත්වෙන හින්ද...බොහෝ වෙලාවට වැරැද්ද තමන් අතේ..ඒත් බනින්නෙ රක්ෂණයට...
යම් පුද්ගලයෙක් තම ජීවිතය රක්ෂණය කරනවා කියන්නෙ, තමන්ගෙ යැපෙන්නන්ගෙ අනාගතය සුරක්ෂිත කරනවා කියන එකයි...ප්‍රධාන ආදායම් උපයන්නා මිය ගිය පවුල් කීයක් පාරට වැටිල තියෙනවද..සමහර අය මැරෙන්නෙ ගෙවල් උකස් තියල...හිතල මැරෙනවා නෙමෙ තමයි....එත් අවදානම නැති වෙන්නෙ නෑනෙ..අන්න එහෙම අය දන්නව රක්ෂණයේ තියෙන අගය..බැංකුවක් උනත් ලොකු ණය මුදලක් දෙන්න කලින් උකස් රක්ෂණාවරනයක් ( Mortgage Bond) නැත්නම් ණය ලබා දෙන්නෙ නෑ...ඒකෙන් බැංකුව වගේම ණය කාරයගෙ යැපෙන්නොත් අවදානමෙන් මිදෙනවා....
තමන් හැම දෙයක්ම කරන්නෙ තමන්ගෙ පවුල වෙනුවෙන් නේද....උදේ පාන්දර නැගිටගෙන මහ රෑ ගෙදරට එන එක ජීවිතය වෙලා තියෙන අය ඒ ඔක්කොම කරන්නෙ තමන්ගෙ බිරිඳ , දරුවෝ වෙනුවෙන් නේද??කවදාවත් හිතිලා තියෙනවද හදිසියෙන් හරි තමන් මැරුණොත් තමන්ගෙ බිරිඳ , දරුවන්ට යන කල දසාව මොකද්ද කියල....ආර්ථික වශයෙන් බිඳ වැටුනාම මිනිස්සු තමන්ගෙ ඇඟ,ලේ,මස් උනත් විකුණනව...
සාමාන්‍ය රක්ෂණයෙදි වන්දි ගෙවන්නෙ රක්ෂණ ඔප්පුවෙන් ආවරණය කල සිදුවීමක් උනොත් විතරයි...හැබැයි ජීවිත රක්ෂණයෙදි රක්ෂණ ඔප්පුවෙන් ආවරණය කල සිදුවීම් වලට විතරක් නෙවෙයි කල් පිරෙන අවස්ථාවෙදිත් ගෙවීම් කරනවා...ඒකට කියන්නෙ Maturity Value කියලා..ඒ කියන්නෙ ජීවිත රක්ෂණයට ගෙවන වාරික මුදල නොඉක්මවන මුදලක් නැවත ලැබෙනවා ..එතකොට රක්ෂණය කියන්නෙ මූලිකව ජීවිතයට තියෙන අවදානම් මත සිදුවන මූල්‍ය පාඩු පිලිසකර කර ගැනීමේ මෙවලමක් උනත් ඉතුරුම් හා ආයෝජන මෙවලමක් විදියටත් භාවිතා කරන්න පුලුවන්.... අනෙක ජීවිත රක්ෂණයෙදි ගෙවන්න නියම කරන වාරිකය මුලු ආවරණ කාලසීමාව පුරාම එකම මට්ටමෙ තියෙන්නෙ...සාමාන්‍යයෙන් රක්ෂිතයගෙ ආදායම අවුරුදු පතා වැඩි වෙන හින්දා වාරිකය කල්යද්දි ආදායමට සාපේක්ෂව සුලු අගයක් බවට පත්වෙනවා...
අපි ගෙව්වට අපිට ගෙවනවද??
පැහැදිලිවම ඔව්, මොකද රක්ෂණ ඔප්පුවක් කියන්නෙ කොන්දේසි වලට යටත්ව ගිවිසගත් කරුණු වලින් යුත් නීතිමය ගිවිසුමක්....කල යුතු වන්නෙ ගිවිසුම කඩ නොකර පවත්වාගෙන යාම විතරයි.....ප්‍රශ්නෙ තියෙන්නෙ ගිවිසුම කඩ වෙන්නෙ මොන වගෙ අවස්ථාවලදීද කියලා රක්ෂිතයා දන්නෙ නෑ..තමන්ගෙ පැත්තෙන් ඉටු විය යුතු දේවල් දන්නෙ නෑ... අඩුම ගානෙ තමන්ට ඔප්පුව එක්ක ලැබෙන කොන්දේසි හා වරප්‍රසාද අත්පොත වත් කියවන්නෙ නෑ.... ගිවිසුම කඩ උනාම රක්ෂණ ගිවිසුම තාවකාලිකව බල රහිත වෙනවා.... තමන්ට ලැබිල තියෙන ඔප්පුවේ ප්‍රතිලාභ ගැන සෑහීමකට පත්වෙන්න බැරිනම් ඔප්පුව භාරගත් දින සිට දවස් 21 ක කාලයක් දීල තියෙනව ගිවිසුම අවලංගු කරලා නැවත මුදල් ලබාගන්න.
හැම නියෝජිතයෙක්ම මේවා පැහැදිලි කරලා දෙන්නෙ නෑ..තේරුම් ගන්න බැරි කාරණා තියෙනව නම් අදාල ආයතනයෙ ලඟම ශාඛාවට ගිහින් හරි, ප්‍රධානන කාර්යාලයෙ පාරිභෝගික සේවා අංශයට කතා කරලා හරි පැහැදිලි කරගන්න පුලුවන්...තමන් සල්ලි යොදවන්නෙ මොන වගේ දේකටද කියලා තමන් දැනගෙන ඉන්න ඕන...පස්සෙ චුරු චුරු ගාල වැඩක් නෑ..මොකද තමන් සියලු කොන්දේසි වලට එකඟ උනා කියල මුලින්ම අත්සන් කරලනෙ තියෙන්නෙ...
ගෙව්ව තරමට හම්බවෙනවද???
සෑමවිටම නැත, රක්ෂණයෙ මූලික අරමුන ජීවිත අවදානම් ආවරණය…තමන් තැන්පත් කරන මුදල් වලට පොලී එහෙම ඕනනම් බැංකු තියෙන්නෙ ඒවාට තමා. සමහර අය නියෝජිතයා කියන ලොකු ගණන් වලට රැවටෙනවා...තමන් ගෙවන මුදල අනුව එච්චර ගාණක් ගන්න පුලුවන්ද කියල නිකමටවත් හිතල බලන්නෙ නෑ.. කල්පිරීමේ දී ලැබෙන මුදල ගැන නියෝජිතයා මොනවා කීවත් තමන්ට මොලයක් කියල එකක් තියෙනවනෙ...
ජීවිත රක්ෂණ වල නොයෙක් සැලසුම් වර්ග තියෙනව.අපි ඒවට කියන්නෙ Plans නැත්නම් Products…. මේවායෙ ආවරණ අගය,කල් පිරීමේ අගය,ප්‍රතිලාභ හා වාරික එකිනෙකට වෙනස්. සමහර Plan වල ආවරණ අගය වැඩියි, කල් පිරීමේ අගය අඩුයි...තව Plan වල කල් පිරීමේ අගය ගෙවන වාරික මුදලට ආසන්නයි, ආවරණ අගය අඩුයි... නමුත් කල්පිරීමේ අගය වැඩි කරගැනීමේ ක්‍රම සහ විධි සමහර සැලසුම් වල තියෙනවා....තමන්ට අවශ්‍ය මොන වගෙ සැලසුමක් ද කියල නියෝජිතය ලඟ තියෙන සැලසුම්වල විස්තර ලබාගෙන , අධ්‍යයනය කරලා තීරනය කරන්න ඕන...නියෝජිතය කියන පමණින්ම ගන්නෙ නැතුව…
වාරික ගෙවීම නැවැත්තුවොත්???
ගෙවීමට නියමිත දිනට වාරික නොගෙව්වත් තවත් දින 30ක සහන කාලයක්(Grace Period) ලබා දෙනවා...එම දිනයෙන් පසු රක්ෂණ ගිවිසුම තාවකාලිකව බල රහිත(Lapsed/Paid up) වෙනවා....එතකොට හිමිකම් ගෙවීමට රක්ෂණ සමාගමට ඇති වගකීමත් තාවකාලිකව අහෝසි වෙනවා...නැවත මුදල් ගෙවූ විට ගිවිසුම යථා තත්වයට පත්වෙනවා...නමුත් ගෙවීම් කල යුතු දින සිට මාස 06 ක් පසු වූවොත් යහපත් සෞඛ්‍ය ප්‍රකාශනයක් ලබා ගන්නවා...එම ප්‍රකාශනය අනුව තමයි නැවත ඔප්පුව Activate කරන්නෙ....
මෙහිදී සම්පූර්ණ හිඟ මුදල ගෙවීම සාමාන්‍ය ප්‍රාණවත් කිරීම(Normal Revival) ලෙසත්, මාස 06 හෝ ඊට වැඩි කාලය අතහැර අලුත් කිරීම විශේෂ ප්‍රාණවත් කිරීම(Special Revival) ලෙසත් හඳුන්වනවා...
රක්ෂණය අතරමග නතරකලොත්????
සොරි තමා...අවුරුදු 3ක් වාරික ගෙවල නැත්නම් ගෙවපු වාරික මුදල් වලින් සතයක්වත් හම්බවෙන්නෙ නෑ....අවුරුදු 3කට වඩා ගෙවල නම්, තමන් ලබාගෙන තියෙන රක්ෂණ සැලසුමේ හැටියට ගෙවපු මුදලින් යම් ප්‍රතිශතයක් ගෙවනවා...මේ ගාන තීරනය වෙන්න රක්ෂණ ඔප්පුවෙ කාලය,මූලික රක්ෂිත මුදල හා රක්ෂණ සැලසුම කෙලින්ම බලපානවා....
මතු සම්බන්ධයි.....