ගර්භනී අවස්ථාවන්හිදී ඇතිවන දියවැඩියාව - GDM
මෙම දියවැඩියාව දෙවැනි වර්ගයේ දියවැඩියාවට සමාන ඊට
ලඟින් යන තත්වයක් දියවැඩියාව ඇතිවීමට නැඹුරුතාවයක් ඇති මවුවරුන්ගේ ගර්භනී අවස්ථාවන්හිදී නිපදවන හොමෝන වර්ග ඉන්සියුලීන් හොමෝනයට
ප්‍රතිරෝධතාවයක් දැක්වීම නිසා තමා GDM හැදෙන්නෙ. GDM නිසා ගර්භණී අවස්ථාවන්හිදී ඇතිවන සංකූලතාවයන් ඉහළ නංවන අතර ගර්භනී තත්ත්වයන් දියවැඩියාව ඇති මවුවරුන්ගේ දරුවන්ට අනාගතයේ දී දියවැවියාව ඇතිවීමේ නැඹුරුවක් තියෙනවා.ගර්භනී දියවැඩියාව බොහෝ විට දරුප්‍රසූතියෙන් පසුව පහවී ගියත් සමහර අයගෙ එහෙම වෙන්නෙ
නෑ...එතකොට ඒක Type1 DM
හෝ Type2 DM බවට පත්වෙනවා.
දියවැඩියාව
තියෙන අයට ඇතිවන සංකූලතා...
දියවැඩියාව දියවැඩියාව හින්ද මුලු ඇඟම ලෙඩ
වෙනවා.... සංකූලතා (complications) ගොඩයි. බැරෑරුම් දීර්ඝකාලීන සංකූලතාවයන් කිව්වොත් රුධිර සංසරණ පද්ධතියේ රෝගී තත්ත්වයන්, වකුගඩු අඩපණ වීම, ස්නායු දුර්වල වීම , කුඩා රුධිර වාහිණී වලට හානිවීම නිසා සිදුවන පිරිමින්ගේ පුරුෂ ශක්තිය හීනවීයාම,
දෘෂ්ටිවිතානයට හානිවීම හා අවසාන වී අන්ධතාව ඇතිවීම, හා තුවාල සුවවීම ප්‍රමාද වීම, තුවාල ඔඩුදිවීම(මේ නිසා සැත්කමක් මගින් පාදය කපා ඉවත්කිරීමට පවා සිදුවෙන්න
පුලුවන්).
දියවැඩියාව
පාලනය කරන හැටි....
ආහාර පාලනය, බර අඩු කරගැනීම හා දෛනික ව්‍යායාම මඟින් පමණක් දියවැඩියාව පාලනය කල නොහැකි
නම් සාමාන්‍යයෙන් රුධිර සීනි මට්ටම පාලනයට ඖෂධ නියම කරයි.
මෙම ඖෂධ hypoglycemic agents, oral hypoglycemics හෝ oralagents ලෙස හැඳින්වේ. මෙම ඖෂධ භාවිතයෙන් ප්‍රතිකාර කිරීම Oral therapy නම් වේ.
වැඩිපුර දන්න
බේත් තමා Metformin හා Daonil
පළමු පෙළ ඖෂධ (First generation drugs)
1. Acetohexamide 2. Chlorpropamide
3. Tolazamide 4. Tolbatamide
දෙවන පෙළ ඖෂධ (Second generation drugs )
1. Glyburide
2. Glipizide
කොහොම උනත්
දියවැඩියාව හදගන්න එකෙන් වැලකීමට හා තියෙන දියවැඩියාව පාලනයට, කරන්න තියෙන හොඳම දේ තමා කට පරිස්සම් කරගැනීම.......