මං ගැන ඇහැ ගහන් ඉන්න අය..

Saturday, June 22, 2013

ජීවිත රක්ෂණය - ඔබ මේ කරුණු දැන සිටියාද -1 ???





පලමු පෝස්ටුව කියවපු අයට දැන් යම් අදහසක් ඇති ජීවිත රක්ෂණයක් කියන්නෙ මොකද්ද කියලා...මේ දැනුවත් කිරීමේ අරමුණ රක්ෂණ ගන්න කියල කියන එක නෙමේ...(මම රක්ෂණ විකුන්නෙ නෑ)...මිනිස්සු දැනුමක් නැතිව මුදල් යොදවල,අන්තිමට මුදලුත් නැති වන්දිත් නැති තත්වෙට පත්වෙන හින්ද...බොහෝ වෙලාවට වැරැද්ද තමන් අතේ..ඒත් බනින්නෙ රක්ෂණයට...

යම් පුද්ගලයෙක් තම ජීවිතය රක්ෂණය කරනවා කියන්නෙතමන්ගෙ යැපෙන්නන්ගෙ අනාගතය සුරක්ෂිත කරනවා කියන එකයි...ප්‍රධාන ආදායම් උපයන්නා මිය ගිය පවුල් කීයක් පාරට වැටිල තියෙනවද..සමහර අය මැරෙන්නෙ ගෙවල් උකස් තියල...හිතල මැරෙනවා නෙමෙ තමයි....එත් අවදානම නැති වෙන්නෙ නෑනෙ..අන්න එහෙම අය දන්නව රක්ෂණයේ තියෙන අගය..බැංකුවක් උනත් ලොකු ණය මුදලක් දෙන්න කලින් උකස් රක්ෂණාවරනයක් ( Mortgage Bond) නැත්නම් ණය ලබා දෙන්නෙ නෑ...ඒකෙන් බැංකුව වගේම ණය කාරයගෙ යැපෙන්නොත් අවදානමෙන් මිදෙනවා....



තමන් හැම දෙයක්ම කරන්නෙ තමන්ගෙ පවුල වෙනුවෙන් නේද....උදේ පාන්දර නැගිටගෙන මහ රෑ ගෙදරට එන එක  ජීවිතය වෙලා තියෙන අය  ඔක්කොම කරන්නෙ තමන්ගෙ බිරිඳ දරුවෝ වෙනුවෙන් නේද??කවදාවත් හිතිලා තියෙනවද හදිසියෙන් හරි තමන් මැරුණොත් තමන්ගෙ බිරිඳ දරුවන්ට යන කල දසාව මොකද්ද කියල....ආර්ථික වශයෙන් බිඳ වැටුනාම මිනිස්සු තමන්ගෙ ඇඟ,ලේ,මස් උනත් විකුණනව...

සාමාන්‍ය රක්ෂණයෙදි වන්දි ගෙවන්නෙ රක්ෂණ ඔප්පුවෙන් ආවරණය කල සිදුවීමක් උනොත් විතරයි...හැබැයි ජීවිත රක්ෂණයෙදි රක්ෂණ ඔප්පුවෙන් ආවරණය කල සිදුවීම් වලට විතරක් නෙවෙයි කල් පිරෙන අවස්ථාවෙදිත් ගෙවීම් කරනවා...ඒකට කියන්නෙ Maturity Value කියලා.. කියන්නෙ ජීවිත රක්ෂණයට ගෙවන වාරික මුදල නොඉක්මවන මුදලක් නැවත ලැබෙනවා ..එතකොට රක්ෂණය කියන්නෙ මූලිකව ජීවිතයට තියෙන අවදානම් මත සිදුවන  මූල්‍ය පාඩු පිලිසකර කර ගැනීමේ මෙවලමක් උනත් ඉතුරුම් හා ආයෝජන මෙවලමක් විදියටත් භාවිතා කරන්න පුලුවන්.... අනෙක ජීවිත රක්ෂණයෙදි ගෙවන්න නියම කරන වාරිකය  මුලු ආවරණ කාලසීමාව පුරාම එකම මට්ටමෙ තියෙන්නෙ...සාමාන්‍යයෙන් රක්ෂිතයගෙ ආදායම අවුරුදු පතා වැඩි වෙන හින්දා වාරිකය කල්යද්දි ආදායමට සාපේක්ෂව සුලු අගයක් බවට පත්වෙනවා...




අපි ගෙව්වට අපිට ගෙවනවද??

පැහැදිලිවම ඔව්මොකද රක්ෂණ ඔප්පුවක් කියන්නෙ කොන්දේසි වලට යටත්ව ගිවිසගත් කරුණු වලින් යුත් නීතිමය ගිවිසුමක්....කල යුතු වන්නෙ ගිවිසුම කඩ නොකර පවත්වාගෙන යාම විතරයි.....ප්රශ්නෙ තියෙන්නෙ ගිවිසුම කඩ වෙන්නෙ මොන වගෙ අවස්ථාවලදීද කියලා රක්ෂිතයා දන්නෙ නෑ..තමන්ගෙ පැත්තෙන් ඉටු විය යුතු දේවල් දන්නෙ නෑ... අඩුම ගානෙ තමන්ට ඔප්පුව එක්ක ලැබෙන කොන්දේසි හා වරප්රසාද අත්පොත වත් කියවන්නෙ නෑ.... ගිවිසුම කඩ උනාම රක්ෂණ ගිවිසුම තාවකාලිකව බල රහිත වෙනවා.... තමන්ට ලැබිල තියෙන ඔප්පුවේ  ප්‍රතිලාභ ගැන සෑහීමකට පත්වෙන්න බැරිනම් ඔප්පුව භාරගත් දින සිට දවස් 21  කාලයක් දීල තියෙනව ගිවිසුම අවලංගු කරලා නැවත මුදල් ලබාගන්න.

හැම නියෝජිතයෙක්ම මේවා පැහැදිලි කරලා දෙන්නෙ නෑ..තේරුම් ගන්න බැරි කාරණා තියෙනව නම් අදාල ආයතනයෙ ලඟම ශාඛාවට ගිහින් හරිප්‍රධානන කාර්යාලයෙ පාරිභෝගික සේවා අංශයට කතා කරලා හරි පැහැදිලි කරගන්න පුලුවන්...තමන් සල්ලි යොදවන්නෙ මොන වගේ දේකටද කියලා තමන් දැනගෙන ඉන්න ඕන...පස්සෙ චුරු චුරු ගාල වැඩක් නෑ..මොකද තමන් සියලු කොන්දේසි වලට එකඟ උනා කියල මුලින්ම අත්සන් කරලනෙ තියෙන්නෙ...



ගෙව්ව තරමට හම්බවෙනවද???

සෑමවිටම නැතරක්ෂණයෙ මූලික අරමුන ජීවිත අවදානම් ආවරණයතමන් තැන්පත් කරන මුදල් වලට පොලී එහෙම ඕනනම් බැංකු තියෙන්නෙ ඒවාට තමා. සමහර අය නියෝජිතයා කියන ලොකු ගණන් වලට රැවටෙනවා...තමන් ගෙවන මුදල අනුව එච්චර ගාණක් ගන්න පුලුවන්ද කියල නිකමටවත් හිතල බලන්නෙ නෑ.. කල්පිරීමේ දී ලැබෙන මුදල ගැන නියෝජිතයා මොනවා කීවත් තමන්ට මොලයක් කියල එකක් තියෙනවනෙ...

ජීවිත රක්ෂණ වල නොයෙක් සැලසුම් වර්ග තියෙනව.අපි ඒවට කියන්නෙ  Plans නැත්නම් Products….  මේවායෙ ආවරණ අගය,කල් පිරීමේ අගය,ප්‍රතිලාභ හා වාරික එකිනෙකට වෙනස්සමහර Plan වල ආවරණ අගය වැඩියිකල් පිරීමේ අගය අඩුයි...තව  Plan වල කල් පිරීමේ අගය ගෙවන වාරික මුදලට ආසන්නයිආවරණ අගය අඩුයි... නමුත් කල්පිරීමේ අගය වැඩි කරගැනීමේ ක්‍රම සහ විධි සමහර සැලසුම් වල තියෙනවා....තමන්ට අවශ්‍ය මොන වගෙ සැලසුමක්  කියල නියෝජිතය ලඟ තියෙන සැලසුම්වල විස්තර ලබාගෙන අධ්‍යයනය කරලා තීරනය කරන්න ඕන...නියෝජිතය කියන පමණින්ම  ගන්නෙ නැතුව




වාරික ගෙවීම නැවැත්තුවොත්???

ගෙවීමට නියමිත දිනට වාරික නොගෙව්වත් තවත් දින 30ක සහන කාලයක්(Grace Period) ලබා දෙනවා...එම දිනයෙන් පසු රක්ෂණ ගිවිසුම තාවකාලිකව බල රහිත(Lapsed/Paid up) වෙනවා....එතකොට හිමිකම් ගෙවීමට රක්ෂණ සමාගමට ඇති වගකීමත් තාවකාලිකව අහෝසි වෙනවා...නැවත මුදල් ගෙවූ විට ගිවිසුම යථා තත්වයට පත්වෙනවා...නමුත් ගෙවීම් කල යුතු දින සිට මාස 06 ක් පසු වූවොත් යහපත් සෞඛ්‍ය ප්‍රකාශනයක් ලබා ගන්නවා...එම ප්‍රකාශනය අනුව තමයි නැවත ඔප්පුව Activate  කරන්නෙ....


මෙහිදී සම්පූර්ණ හිඟ මුදල ගෙවීම සාමාන්‍ය ප්‍රාණවත් කිරීම(Normal Revival) ලෙසත්මාස 06 හෝ ඊට වැඩි කාලය අතහැර අලුත් කිරීම විශේෂ ප්‍රාණවත් කිරීම(Special Revival) ලෙසත් හඳුන්වනවා...


රක්ෂණය අතරමග නතරකලොත්????

සොරි තමා...අවුරුදු 3ක් වාරික ගෙවල නැත්නම් ගෙවපු වාරික මුදල් වලින් සතයක්වත් හම්බවෙන්නෙ නෑ....අවුරුදු 3කට වඩා ගෙවල නම්තමන් ලබාගෙන තියෙන රක්ෂණ සැලසුමේ හැටියට ගෙවපු මුදලින් යම් ප්‍රතිශතයක් ගෙවනවා...මේ ගාන තීරනය වෙන්න රක්ෂණ ඔප්පුවෙ කාලය,මූලික රක්ෂිත මුදල හා රක්ෂණ සැලසුම කෙලින්ම බලපානවා....



මතු සම්බන්ධයි.....

ජීවිත රක්ෂණය යනු කුමක්ද -2????

දොස්තර නෝනගෙ  රක්ෂණ කතාව හින්දා ඒ රස්නෙන්ම රක්ෂණය ගැන කට්ටියව දැනුවත් කරන්න හිතුනා...මොකද එතනත් තියෙන්නෙ දන්නෙ නැතිකම හින්දා...දොස්තර නෝන නෙමේ අර කතාවෙ නෝනා....හැබැයි මේ වැඩේ ට පෝස්ටු කීයක් දාන්න වෙයිද දන්නෙ නෑ...භාගෙට කියල දීලත් වැඩක් නෑනෙ... හරි අපි දැන් බලමු ජීවිත රක්ෂණය ගැන...

-------------------------------------------------------------------------------------------------------

රක්ෂණය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදනවා..

1. ජීවිත රක්ෂණය

2. සාමාන්‍ය රක්ෂණය

මම කතා කරන්නෙ ජීවිත රක්ෂණය ගැන හින්ද සාමාන්‍ය රක්ෂණය ගැන පොඩි විස්තරයක් කරන්නම්

සාමාන්‍ය රක්ෂණය තවත් වර්ග කීපයකට බෙදනවා... මුහුදු, ගිනි, වාහන, ගොඩනැගිලි, සෞඛ්‍ය,සොරබිය,ගංවතුර අවදානම්,මාර්ගස්ථ මුදල්,කම්කරු වන්දි,කෘෂි රක්ෂණය ආදී වශයෙන්...සාමාන්‍ය රක්ෂණයෙදි ගෙවන්නෙ හානි පූරණ මූලධර්මය මත...ඒ කියන්නෙ සිදුවී ඇති හානියට පමණයි වන්දි ගෙවන්නෙ..... සාමාන්‍ය වෙළෙඳ කටයුතු වලදි භාවිතා වන සංකල්පය තමයි "ගැනුම්කරු ප්‍රවේසම් විය යුතුයි - Coveat Emptor/Let the Buyer beware" කියන්නෙ...මෙයින් අදහස් කරන්නෙ තමන් මිලදී ගන්න දේ පරීක්ෂා කර හොඳ වැටහීමකින් මිලදී ගත යුතුයි කියන එක............උදාහරණයක් විදියට තමන් මිලදී ගන්නා වාහනෙ පරීක්ෂා නොකර, මිලදී ගත් පසුව එහි අඩුපාඩු වලට විකිණුම්කරුගෙන් නැවත මුදල් ඉල්ලන්න බෑ... එත් රක්ෂණ කටයුතු වලට මේ සංකල්පය බලපන්නෙ නෑ......ඒ වෙනුවට තියෙන්නෙ " උපරිම විශ්වාසය - uberima fides / Utmost Good Faith" කියන මූලධර්මය...මෙයින් අදහස් කරන්නෙ තමන් දන්නා සියලු තොරතුරු සපයනවාය කියන එක....




ජීවිත රක්ෂණය යනු කුමක්ද ????


මූලික විදියට බැලුවොත් ජීවිත රක්ෂණය කියන්නෙ ගිවිසගත් කාල සීමාවක් තුලදි පුද්ගලයකුට සිදුවන හානි සඳහා ගිවිසගත් වන්දි මුදලක් ගෙවන බවට රක්ෂකයා හා රක්ෂිතයා අතර ඇති කරගන්න ගිවිසුමක්/ එකඟතාවක් හැටියට හඳුන්වන්න පුලුවන්....
මෙතනදි හානි කියල කියන්නෙ...සාමාන්‍ය මරණය,අහඹු මරණය,අවයව වලට හානි වීම,අවයව අහිමි වීම හා භාවිතා කීරීමට නොහැකි වීම වගේ ඒවා...

ඇත්තෙන්ම මෙතනදි රක්ෂ ආවරණය ලබා දෙන්නෙ මැරෙනවටවත්, අතක් පයක් නැති වෙනවටත් නෙමේ...ඒ වගෙ සිදුවීම් නිසා තමන්ට හෝ තමන්ගෙන් යැපෙන්නන්ට සිදුවන මූල්‍යමය පාඩුව තමා ආවරණය කරන්නෙ...

උදාහරණයක් විදියට මාසෙකට රු 60000 ක ආදායමක් පවුලට ලබාදෙන තාත්තා කෙනෙක් ඒ පවුලේ අයට අහිමි උනොත් එ අයට මාසෙකට රු 60000 ක පාඩුවක් වෙනවා....ජීවිත රක්ෂණයෙන් කරන්නෙ ඒ තාත්තා දැන් නැති උනත් ඔහුගෙ යැපෙන්නන්ට මාසිකව එම මුදල ලබා ගත හැකි ආවරණයක් සපයන එක.... ඒ කියන්නෙ තාත්තාගෙ මරණයෙන් සිදුවූ මූල්‍යමය පාඩුව රක්ෂණ ඔප්පුවෙන් ලබා දෙනවා.... මෙම මුදල තීරණය කරන්නෙ අවශ්‍යතා විශ්ලේෂණයක් මගින්..ඒ ගැන ඉදිරියේදි කියන්නම්..

අතක් පයක් අහිමි වුනු කෙනෙක්ට ඒ හින්දා තමන් උපයපු ආදායම ඒ විදියටම නැවත උපයගන්න බැරි නිසා රක්ෂණ ඔප්පුවෙන් එම සිදුවීමට අදාල වන්දි මුදල ලබා දෙනවා...එතකොට ඔහුට පුලුවන් එම මුදල ආදායමක් එන ආකාරයට යොදා ගන්න..පේනවනේ රක්ෂණයේ තියෙන වැදගත්කම.... 




ජීවිත රක්ෂණයෙ මූලධර්ම

1. උපරිම විශ්වාසය  - Utmost Good faith

2. රක්ෂණීය අයිතිය  - Insurable Interest



උපරිම විශ්වාසය - Utmost Good Faith

රක්ෂකයා සහ රක්ෂිතයා අතර රක්ෂණ ගිවිසුමට අදාළව එකිනෙකාට වැදගත් විය හැකි තොරතුරු  අන්‍යොන්‍ය වශයෙන් හෙළිදරව් කරගැනීම තුළින් ගොඩනඟා ගන්නා විශ්වාසය උපරිම විශ්වාසය වේ.

රක්ෂණ ගිවිසුමකට අදාළව රක්ෂණ ගිවිසුමේ  ප්‍රධාන කොන්දේසිය තමා උපරිම විශ්වාසය...මේ මූලධර්මය කඩ වෙලා තමයි වැඩි පුරම  හිමිකම් ප්‍රතික්ෂේප වෙන්නෙ...මේ ගැන දන්නෙ නැති හින්ද මේ මූලධර්මය කඩ උනා කියලවත් මිනිස්සු දන්නෙ නෑ...

රක්ෂණ ගිවිසුමකට අදාළව රක්ෂකයා හා රක්ෂිතයා දන්න කියන අය නෙමෙනේ. ඒ හින්දා රක්ෂණ ගිවිසුමකට අදාළ සියලුම තොරතුරු රක්ෂිතයා විසින් හෙළිදරව් කරන්න ඕන වගේම, රක්ෂකයා ගිවිසුමට අදාළ සියලුම තොරතුරු හෙළිදරව්  කරන්න ඕන. මේ විදියට රක්ෂණ ගිවිසුමට අදාළ තොරතුරු රක්ෂකයා සහ රක්ෂිතයා අතර අන්‍යොන්‍ය වශයෙන් හෙළිදරව් කිරීම තුළින් ගොඩනඟා ගන්නා විශ්වාසය උපරිම විශ්වාසය. මේක ලතින් භාෂාවේ සිද්ධාන්තයක් වූ Uberima fides යන්නෙන් තමයි හැදිලා තියෙන්නෙ....



උපරිම විශ්වාසයේදී රක්ෂිතයා විසින් හෙළිදරව් කරනු ලැබිය යුතු අත්යවශ් කරුණු

1. අවදානම බාරගන්නවාද නැද්ද යන්න තීරණය කිරීමට අදාළ වන කරුණු.
උදාහරණ - ජීවිත රක්ෂණයේදී පුද්ගලයකුගේ  සෞඛ්‍ය තත්ත්වය යහපත් නම් අවදානම බාරගන්නා අතර  සෞඛ්‍ය තත්ත්වය අයහපත් නම් අවදානම බාර නොගනී.

2.
රක්ෂණ ගිවිසුමට අදාළ රක්ෂණ වාරික මුදල තීරණය කිරීමට අදාළ වන කරුණු.
උදාහරණ - ජීවිත රක්ෂණයේදී කෙනකුගේ වයස වැඩි නම් සාපේක්ෂව වැඩි වාරික මුදලක් අයකරන අතර වයස අඩු නම් අඩු වාරික මුදලක් අයකරනු ලබයි.

3. අනෙකුත් පොදු කරුණු.
         
ඉහත සඳහන් කළ කරුණුවලට අමතරව රක්ෂණ ගිවිසුමක් ඇතිකර ගැනීමට අදාළ අනෙකුත් පොදු 
               වශයෙන් හෙළිදරව් කළ යුතු කරුණු රක්ෂිතයා රක්ෂකයා වෙත හෙළිදරව් කළ යුතුය.
           උදාහරණ - නම, ලිපිනය, වයස



උපරිම විශ්වාසයේදී රක්ෂිතයා හෙළිදරව් නොකළ යුතු කරුණු

1. පොදු දැනීමක් ඇති කරුණු හෙවත් කවුරුත් දන්න දේවල්.
2.
අවදානම අඩුකිරීමට හේතුවන කරුණු.
3.
ඇතිකර ගන්නා රක්ෂණ ගිවිසුමට අදාළ නොවන කරුණු.
4.
දැනට හෙළිදරව් කර ඇති කරුණුවලින් රක්ෂිතයාට නිගමනය කළ හැකි කරුණු.




උපරිම විශ්වාසයේදී රක්ෂකයා හෙළිදරව් කළ යුතු කරුණු

1. රක්ෂණ ගිවිසුම යටතේ ආවරණය වන අවදානම්.
2.
රක්ෂණ ඔප්පුව යටතේ ආවරණය නොවන අවදානම්.
3.
රක්ෂණ ඔප්පුවේ ස්වභාවය.
4.
රක්ෂණ වාරික මුදල කොපමණද යන්න.
5.
රක්ෂණ වාරික මුදල් ගෙවිය යුතු දින වකවානු.
6.
වාරික මුදල් නොගෙවීමේ ප්රතිඵල.
7.
රක්ෂණ ඔප්පුව අප්රාණික වීම හා නැවත ප්රාණවත් කිරීම පිළිබඳ.
8.
රක්ෂණ ඔප්පුව යටතේ හිමිකම්පෑම් කළ යුතු ආකාරය පිළිබඳ.




උපරිම විශ්වාසය කඩවිය හැකි අවස්ථා

1
. තොරතුරු වසන් කිරීම.
-          එනම් රක්ෂණ ගිවිසුමට වැදගත් වන තොරතුරු හිතාමතා ඕනෑකමින් හෙළිදරව් නොකිරීමයි.

2.
තොරතුරු අනාවරණය නොකිරීම
 - එනම් රක්ෂණ ගිවිසුමට වැදගත් නොවේ යැයි සිතා තොරතුරු හෙළිදරව් නොකිරීමයි.

3. අහිංසක දුර්නිරූපණය.
එනම් නොදන්නා නිසා අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීමයි

4. වංචනික දුර්නිරූපණය.
- එනම් හිතාමතා ඕනෑකමින් සද්භාවයෙන් තොරව  අසත්‍ය ප්‍රකාශයක් කිරීමයි.


ඉහත සඳහන් ආකාරයේ හේතූන් මත රක්ෂණ ගිවිසුමකට සම්බන්ධිත පාර්ශ්වයක් උපරිම විශ්වාසය කඩකර ඇති විටෙකදී එයින් හානියට පත්වන පාර්ශ්වයට ගත හැකි  ප්‍රතිකර්මරාශියකි. ඒවා හැඳිනගෙන තිබීම වැදගත් වනු ඇත.






උපරිම විශ්වාසය කඩ කළ විටෙකදී අගතියට පත් පාර්ශ්වකරුට යොදාගත හැකි ප්‍රතිකර්ම

1.රක්ෂණ ගිවිසුම අහෝසි කළ හැකිවීම.
2.
රක්ෂණ ගිවිසුම යටතේ වන්දි ගෙවීම ප්රතික්ෂේප කිරීම.
3.
රක්ෂණ ගිවිසුම යටතේ ඉටුකළ යුතු වගකීම්වලින් නිදහස් වීම.
4.
අගතියට පත් පාර්ශ්වකරුට ගිවිසුම කඩවීම මත සිදුවූ අලාභය අයකරවා ගතහැකි වීම.





රක්ෂණීය අයිතිය  - Insurable Interest

තමාගෙ හෝ වෙනත් අයකුගේ ජීවිතයක් රක්ෂණය කිරීම සඳහා රක්ෂිතයාට ඇති නීතිමය බැඳියාව තමා රක්ෂණීය අයිතිය කියල කියන්නෙ...තමාට රක්ෂණීය අයිතිය නැති කිසිම දෙයකට අදාලව රක්ෂණ ගිවිසුමක් ඇති කර ගන්න බෑ...
මේ රක්ෂණීය අයිතිය ට සීමා මායිම් තියෙනවා...ඒ හින්දා කාටවත් වෙනත් ඕනෑම අයකුගෙ ජීවිතයක් වෙනුවෙන් රක්ෂණයක් ගන්න බෑ.. එහෙම නැති උනොත් මිනිස්සු පාරෙ යන ඕන එකෙක්ව රක්ෂණය කරල මිනිහව වාහනේකට යට කරල වන්දි මුදල් ඉල්ලයි...

මේ පහල ඉන්නෙ පුලුවන් අය...

1. තමාගෙ ජීවිතය ගැන තමන්ට

2. තම බිරිඳ/සැමියා ගෙ ජීවිතය ගැන

3. සේවා යෝජයකුට සේවකයෙක්ගෙ ජීවිතය ගැන

4. ණය හිමියකුට ණය ගැතියෙක්ගෙ ජීවිතය ගැන

තව අය හිටියත් ප්‍රධාන වශයෙන් මේ අයට හැකියාව තියෙනව රක්ෂණ ගිවිසුම් ඇතිකරගන්න.. බලන්න මේ අයට හානියක් උනොත් අනෙක් පුද්ගලයට මූල්‍යමය පාඩුවක් වෙනව.....



රක්ෂණ ගිවිසු මේ ප්‍රධාන පාර්ශ්ව

රක්ෂණ ගිවිසුමක් තුළ  ප්‍රධාන පාර්ශ්වයන් කිහිපයක් දක්නට පුළුවන.
 එනම්,
            පළමු පාර්ශ්වය    -   රක්ෂිතයා
            දෙවැනි පාර්ශ්වය රක්ෂකයා


රක්ෂිතයා - Insured
 රක්ෂණ ආවරණය ලබන තැනැත්තා වේ. රක්ෂණ යෝජනා පත්රය ඉදිරිපත් කරනු ලබන පාර්ශ්වය, අවදානමක් ඇතිවේ යැයි සිතන පාර්ශ්වකරුය.


රක්ෂකයා - Insurer
 රක්ෂණයේ අවදානම බාරගන්නා පාර්ශ්වකරුය. රක්ෂණ යොජනා පත්රය ප්රතිග්රහණය කරනු ලබන පාර්ශ්වකරුය. රක්ෂණ ආවරණ සලසන තැනැත්තා වන මොහු රක්ෂණ ආයතනය වේ. වන්දි ගෙවනු ලබන පාර්ශ්වය ලෙසද දැක්විය හැකිය




රක්ෂණ ගිවිසුමක් ඇතිවීම සඳහා සම්පූර්ණ විය යුතු  ප්‍රධාන මූලිකාංග


1.
රක්ෂණ යෝජනාවක් හෙවත් අර්පනයක් තිබිය යුතුය.
         රක්ෂිතයා රක්ෂණ යෝජනා  ක්‍රමය සම්පූර්ණ කොට  රක්ෂකයා වෙත ඉදිරිපත් කළ යුතුය.

2.  ප්‍රතිග්‍රහණයක් නැතහොත් පිළිගැනීමක් තිබිය යුතුය.
          රක්ෂිතයා විසින් රක්ෂකයා වෙත ඉදිරිපත් කරනු ලබන අර්පනය රක්ෂකයා විසින්
          පිළිගනු ලැබීම  ප්රතිග්රහණය ලෙස සලකනු ලබයි.

3.  ප්‍රතිෂ්ඨාවක් තිබිය යුතුය.රක්ෂණ ගිවිසුම සපයන වටිනාකමක් තිබිය යුතුය.
         එනම් පැවැතීමෙන් ලාභයකුත් නැතිවීමෙන් අලාභයකුත් සිදුවිය හැකි විෂයය වස්තුවක්
         වෙනුවෙන් වාරික ගෙවීමකට හා වන්දි ගෙවීමට බැඳීමක්ද විය යුතුය.

4.
පාර්ශ්වකරුවන්ට, ගිවිසුමකට එළැඹීමේ ගිවිසුම් ශක්යතාවක් තිබිය යුතුය.
         රක්ෂණ ගිවිසුමක් ඇතිකර ගැනීමේදී ඊට සම්බන්ධ පාර්ශ්වයන්ට නෛතික බැඳීමක්
         ඇතිකර ගැනීමේ  හැකියාවක් තිබිය යුතුය.මේ නිසා බාල වයස්කරුවන්ට, බීමත් අයට,
         උමතු අයට ගිවිසුමක් ඇතිකරගත    නොහැකිය.

5. ගිවිසුමට එළැඹෙන පාර්ශ්වකරුවන් තුළ නෛතික සම්බන්ධතාවක් ඇතිකර ගැනීමේ
      චේතනාවක් තිබිය  යුතුය.

6.
බැඳීම  නීත්‍යනුකූල විය යුතුය. එනම්  නීත්‍යනුකූල අරමුණක් වෙනුවෙන් ඇතිකර ගනු

      ලබන එකඟතාවක් විය  යුතුය.


මතු සම්බන්ධයි.......
ඉතුරු ටික තව පෝස්ටුවකින් දාන්නම්....

ප.ලි: තේරුනේ නැති කරුනු තියෙනව නම් අහන්න