ගොඩක් අය අන්ඩරයිටර් කිව්වට මෙකේ තේරුම මොකද්ද කියල දන්නෙ නැති බවයි පේන්නෙ...ඒ හින්දා තමයි මෙහෙම් පෝස්ට් එකක් දාන්න හිතුනෙ.................අන්ඩරයිටර් ට සිංහල වචනය තමයි ප්‍රාරක්ෂකයා.....
මම පහසුවට Underwriter
කියල
භාවිතා කරන්නම්...... Underwriter ල කොටස් කිහිපයකට බෙදෙනවා ඔවුන් ප්‍රවීණතාව දක්වන එක් එක් ක්ෂේත්‍ර අනුව........ඒවායින් කිහිපයක් තමයි මේ..
1. Life Insurance Underwriter
2. Genaral Insurance Underwriter
( Marine,Vehicle,Fire,Property)
3. Bank Underwriter
( Mortgage UW,
Loan UW)
4. Casualty Underwriter. .....etc
ප්‍රාරක්ෂණ ක්‍රියාවලිය සංකීර්ණ හා දීර්ඝ ක්‍රියාවලියක් හින්ද මම බොහොම
කෙටියෙන් ඒ ගැන කියන්නම්...
මම සේවය කරන්නෙ Life
Underwriter කෙනෙක් හැටියට හින්ද මම ඒ ගැන තමයි කියන්න යන්නෙ.........
Life Underwriter
කෙනෙක්ගෙ ප්‍රධානම කාර්යයන් තමයි ජීවිත රක්ෂණයක් ලබා
ගන්න පුද්ගලයාගෙ ජීවිතයට තියෙන අවදානම තක්සේරු කිරීම( Human Life
Risk),
එම අවදානම භාර ගන්නවාද නැතිනම් ප්‍රතික්ෂේප කරනවාද යන්න තීරණය කිරීම( Accepting
or Decline)......වැඩි බර යොදා ගන්නෙ සෞඛ්‍ය තත්වයට...වෛද්‍ය පරීක්ෂණ මත තමයි ඉහත තීරණ ගන්නෙ...මෙතනදි Doctor කෙනෙක්ටත් වැඩිය හොඳට Life Underwriter අදාල රක්ෂණ යෝජකයාගෙ සෞඛ්‍ය තත්වය විශ්ලේෂණය කරනවා වෛද්‍ය වාර්තා පරීක්ෂා කරල...මොකද අපි දැන් දෙන තීරණය අවු 10 සිට 35 දක්වා කාලයකට වලංගු වෙන්න ඕන.....අපි තක්සේරු කරන්න ඕන දැන් තියෙන සෞඛ්‍ය තත්වය ඉදිරි කාලයට බලපාන්නෙ කොහොමද කියලා...මොකද රක්ෂණ වාරිකය අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන්නෙ නැහැනෙ...
මෙන්න මෙතනදි අපි මෙන්න මෙහෙම ක්‍රියාවලියක් භාවිතා කරනවා...
1. වර්ගීකරණය - Classification
2.
ඇගයුම්කරණය - Evaluation
3. තක්සේරුකරණය -
Assessment/Rating
4. අවසාන තීරණය ගැනීම - Making
Final Decision
මේවාත් තව Sub වලට බෙදෙනවා... ................. පැහැදිලි කරන්න
පහසු හින්දයි මම කොටස් 04 කට බෙදුවෙ
රක්ෂණය ලබා ගන්න පුද්ගලයාගෙ ජීවිතයට තියෙන විවිධ අවදානම් මත..ඒ කියන්නෙ සෞඛ්‍ය ,වෘත්තීය ආදිය මත මේ ක්‍රියාවලිය වෙනස්වෙන්න පුළුවන්...
Underwriter තමයි ආයතනය වෙනුවෙන් යෝජකයා සමග රක්ෂණ ගිවිසුමට අත්සන් තබන්නෙ...සුදුසුකම් ලත් Underwriter කෙනෙක් අත්සන් කරනකන් රක්ෂණ ගිවිසුමක් වලංගු වෙන්නෙ නෑ..වෙන කාටවත් අත්සන් කරන්න බලයකුත් නෑ...ඒ වගේම අවසාන තීරණය හා රක්ෂණය කරන අවදානම අතර මනා සමබරතාවයක් තිබිය යුතුයි...
Underwriting Desicion එකක් ගනිද්දි අවදානම හරියටම ගණනය කරල ඒ සඳහ නියමිත වාරිකයම ගන්න ඕන..වැඩි පැත්තට ගියොත් Customer පාඩුයි...අඩු පැත්තට ගියොත් Company යට පාඩුයි....රක්ෂණ යෝජනා ප්‍රතික්ෂේප කලොත් ආයතනයට Business නැතිව යනවා...වැඩි අවදානමක් භාරගත්තොත් වැඩියෙන් හිමිකම් ගෙවන්න වෙනවා...
ඒ ක හින්දා ආයතනයෙ ලාභ අලාභ වලට Underwriter ගෙ තීන්දු තීරණ කෙලින්ම බලපානවා... මේ ජොබ් එක ටිකක් අවදානම්....වැරදි තීන්දුවක් දුන්නොත් ලක්ෂ ගාණක පාඩුවක් වෙන්න පුලුවන්...සත්‍ය කරුනු වසන්කරල ,ලෙඩ රෝග හංගල රක්ෂණ ඉල්ලුම් කරන්නත් පුලුවන්..ඒව ගැන හොඳ අවධානයෙන් ඉඳලා හොයාගන්න එකත් Underwriter ගෙ රාජකාරියක්................
අනික Underwriting Audit Team එකකින් හා Reinsurance Audit Team එකකින් මේ තීරණ පරීක්ෂාවට ලක්වෙනවා.... .
Underwriters ලාට UK වල තියෙන අවසානම පදවි නාමය තමයි "වරලත් රක්ෂණකරු" හෙවත් Charted Insurer (CI). මේක ප්‍රදා නය කරන්නෙ Charted Insurance Institute - London විසින්..USA පැත්තෙන් නම් වරලත් ජීවිත ප්‍රාරක්ෂක හෙවත් Charted Life Underwriter (CLU).........British ආයතන CI නාමයත්......USA ආයතන CLU නාමයත් වැඩියෙන් පිලිගන්නවා...
CII Exam වලට ප්‍රෙවේශයක් හැටියට බොහෝදෙනා පටන් ගන්නෙ Insurance Institute of India විසින් පවත්වන විෂය 09 කින් සමන්විත විභාගය(AIII)....මේ විභාගයට යන වියදම අඩු වගේම ACII වල විෂයන් 10 න් 4ක් අත අරින්න පුලුවන්....
.................................................................................................................................................................
අපි හිතමු රක්ෂණය ගන්න පුද්ගලයට දියවැඩියාව තියෙනව කියල...එතකොට කටයුතු
කරන්නෙ මෙන්න මෙහෙමයි..
* රක්ෂණ යෝජනා පත්‍රය සඳහන් කරුනු මත පුද්ගලයා පිලිබඳ දළ අදහසක් ලබා ගැනීම
* රක්ෂිතයාගෙ ප්‍රතිකාර සටහන් ,වෛද්‍ය වාර්තා ,රෝග විනිශ්චය
පත්( DT cards) ආදි ඔහුගෙ ලෙඩ රෝග
සම්බන්ධ සියලු ලියකියවිලි ලබා ගැනීම හා අදාල ප්‍රශ්නාවලි
ලබා ගැනීම
* දියවැඩියා රෝගයේ වර්තමාන තත්වය දැනගැනීම සඳහා ආධාර වන වෛද්‍ය පරීක්ෂණ
තීරණය කොට
ඒ සඳහා යෝජකයා යොමු කිරීම
* රෝග ඉතිහාස සටහන් මගින් වෙනත් රෝග තත්ව තිබුනේද ,රෝහල්ගතවෙන
අවස්ථාවේ තිබුනු රෝග
ලක්ෂණ ,ලබා දුන් ප්‍රතිකාර ආදිය සොයාගැනීම
(මේ සඳහා Medical Reports,DT cards කියවීමේ දැනුම
අවශ්‍ය වෙනවා , Medical Abbrivations එහෙම
දැනගෙන ඉන්න ඕන )
* ලබාගත් වෛද්‍ය වාර්තා , සහ ප්‍රශ්නාවලි මත වර්තමාන දියවැඩියා තත්වය තීරණය කිරීම
* රැකියාව මත අවදානම ගණනය කිරීම(තිබේ නම්)
* ආදායම මත ගෙවීමේ හැකියාව තීරණය කිරීම( Financial Underwiting)
* ඉහත සියලු කරුණු මත ජීවිත අවදානම ගණනය කිරීම
* ජීවිත අවදානම තක්සේරු කල පසු ආවරණය ලබා දිය යුතු ආකාරය තීරණය කිරීම
* වෙනස්කම් සිදුවේ නම් ඒ සඳහා යෝජකයාගෙ එකඟතාව ලිඛිතව ලබා ගැනීම
* අයකලයුතු වාරිකය ගණනය කිරීම
අවසාන තීරණය සටහන් කර අත්සන් තැබීමෙන් පසු රක්ෂණ ගිවිසුම බලගැන්වී එතැන්
සිට ගිවිසුම ක්‍රියාත්මක වෙනවා..............
මේ තියෙන්නෙ අපි ගණනය කිරීම් වලට යොදාගන්න Tool එකක්
Additional diabetes
mellitus-related factors:
Albuminuria
(proteinuria):
< 2 mg/dl
No addition
necessary
2 - 30 mg/dl or 30
- 299 mg per 24hrs or trace /+
(microalbuminuria)
Add +50 / +100
300 - 1000 mg per
24hrs or ++ / +++
CMO, add +150 up,
maximum policy term 15 years, minimum 5 per M
> 1000 mg per 24
hrs or ++++
D
With urinary casts
CMO, usually D
Diabetic coma,
(not hypoglycaemic coma), history of, single or multiple episodes:
Years since last
episode:
< 1
P
> 1
CMO, add +50 up
Glycosuria,
frequent/substantial (> 2%)
Add +50 up
Ketonuria
(acetonuria)
P
Neuropathy
CMO
Renal disease
(nephropathy)
CMO, add +150 up,
consider D
Retinopathy:
Microaneurysms only
Add +25
Exudates
Add +50
Haemorrhages /
proliferation
CMO, usually D
Additional major vascular
risk factors:
*Hyperlipidaemia,
hypertension and smoking: increase the sum of the additional debits by 50%
with a minimum addition of +50, and add to the diabetes mellitus rating
Hyperlipidaemia
Add rating (see hypercholesterolaemia )*
Hypertension:
Rateable <
+150
Add rating*
Rateable > +150
D
Smoking:
Cigarettes, per
day:
< 20
Add +25 / +50*
> 20
Add +50 / +100*
Cigars / pipe
Add +25*
Other risk factors and
associated impairments:
Alcohol,
excessive
Add +50 up
Obesity
Add rating
ECG
abnormalities
CMO, usually D
Family history
of cardiovascular, cerebrovascular or renal disease in > 1 family
members at age < 60
Add rating
Coronary artery,
cerebrovascular or peripheral vascular disease
D
Life rating
ADB
TPD
WOP
+75
Std
2x
2x
+100
Std/1.5x
2x
2x
+125 / +150
2x
D
D
above +150
D
D
D
ප . ලි .
Underwriters ලට හොඳ පඩි තියෙනවා හැබැයි පිට රට ... මෙහෙ කට්ටිය වඩිය අහලත් නැති ජොබ් එකක්නෙ... මෙහෙ ඉඳන් Apply කලාට හරියන්නෙ නෑ..ජොබ් එක තියෙන රට ගිහින් Applyකලොත් මොනවා හරි කරගන්න පුලුවන්...මාත් මෙහෙ ඉඳන් Try එකක් දුන්න හරි ගියෙ නෑ.................... උන් කියනව එහෙ එන්න කියල.............මේ ජොබ් එක දාල එහෙ ගිහින් දෙකම නැති උනොත්??? . ..
UK වල පඩිය කීයද කියල පහත තියෙන Vacancy Note එකෙන් පේනවනෙ....
Medical Underwriter Life
City Of London , London
£44,000 - £50,000 per annum
Job type: Permanent, full-time
Date: 6 September
Reference: 23564049