මං ගැන ඇහැ ගහන් ඉන්න අය..

Showing posts with label ඉස්කෝලෙ කාලෙ. Show all posts
Showing posts with label ඉස්කෝලෙ කාලෙ. Show all posts

Tuesday, September 10, 2013

මුවා ඉන්නවද???



කතන්දර මාමාගෙ(මං තාම පොඩියි හරිය ) ජෝක් ටික දැක්කම මට මේක මතක් උනේ...අපි  AL කරන කාලෙ මල ගෙවල් , සංගීත , කානිවල්,  හොය හොය යන්නෙ...ඉතින් ඔහොම රවුං ගහල ඇති උනාම පාන්දර 1-2 වෙද්දි එක තැනකට වෙලා අපිට දිරවන්නෙ නැති කාව හරි  බයිට් කරනවා ෆෝන් එකෙන්..... වැඩිපුරම බයිට් කලේ අංකල් ලව........... ඒ කාලෙ තිබුනෙ Motorola Startac flip model ෆෝන් එකක්..............
අර ariel  එක දිගාරින්න තියෙන්නෙ...


ඔන්න දැන් අපි කතා කරනවා...

අංකල්                     :               හෙලෝ...

අපි                           :              හෙලෝ..මුවා ඉන්නවද.....

අංකල්                     :               මොකා.....

අපි                           :              මුවා....මුවා...අර අං තියෙන්නෙ...

අංකල්                     :               මොන මුවෙක්ද ඕයි..මොකාද ඔය කතා කරන එකා..

අපි                           :              මම මේ තිස්ස....

අංකල්                     :               තිස්ස ...මොන තිස්සද???

අපි                           :              තිස්ස...තිස්ස...දේවානම් පිය තිස්ස....රජ්ජුරුවෝ..

අංකල්                     :               ඈ..................................................

අපි                           :              ඔව් අංකල්....බලන්නකො මම මුවාට විදින්න මුවා පස්සෙන් එලවගෙන ආවා..
          ඌ පැනගත්තනෙ...මුවාව දැක්කොත් මට කෝල් එකක් දෙන්න  OK...


මෙහෙම කියලා කෝල් එක කට් කරනවා...දැන් අපෙ අංකල් පාන්දර නිදිමතේ ඉද්දි ආපු කෝල් එකෙන් අන්ද මන්ද වෙලා මොකද යකඩෝ මේ උනේ කියල කල්පනා කර කර ටික වෙලාවක් ඉන්නවා කියල අපි ඉතින් අත්දැකීමෙන්ම දන්නවා...........විනාඩියක් යන්න ඇරලා අපි ආයෙත් ගන්නව...............


අංකල්                     :                හලෝ.. (ටිකක් සැරෙන්)

අපි                           :               අනෙ අංකල්..මම මේ මුවා කතා කරන්නෙ...රජ්ජුරුවෝ ඇහුවොත් මාව
           දැක්කෙ නෑ කියන්ඩ OK...


අන්න එතකොටම අන්කල්ගෙ චුට්ටන් මොලේට දැනෙනවා තමන් කාගෙ හරි නයිලෝන් ලනුවක් කෑවා කියල...එතකොටම අන්කල් ගෙ  ශ්‍රී මුඛයෙන් :

තොගෙ අ*^$%@#!)......................................................ඉතුරුවා කියන්න ඕන නැහැනෙ....



ප.ලි.
 මේකෙම තව Version එකක් තියෙනවා...ඒකෙදි අපි උපාසක ඇත්තන්ට තමා කතා කරන්නෙ...හාමුදුරුවොයි.... ඇතා යි...