මේ කතාව මම ඇහුවෙ ගොඩ කාලෙකට කලින්..හැබැයි කොහෙද , කොතනද කියල මතක නෑ....ඔන්න මේකයි කතාව...
එක ගමක හිටිය මුදලාලි කෙනෙක්, සරු කඩයක් දාගෙන.... ලොකු බඩක් තියෙන ..සරම් අඳින..තට්ටෙ එහෙම තියෙන...දන්නවනෙ ඉතින්.... මසුරු සිටාණෝ ගෙ ඒ කාලෙ Version එකක්...මේ කඩෙත් All in One ජාතියෙ කඩයක්..හරියට දැන් Super market
එකක් වගේ...ඕනම බඩුවක් තියෙනවා..
ඔන්න දවසක් කඩේට ආව පොඩි කොලු පැටියෙක්...
එදා මුදලාලි
විතරයි කඩේ..ගෝලයො දෙන්නම ඉඳල නෑ...
මුදලාලි : මොනවද කොලුවො උඹට ඕනෑ...
කොලුවා1 : මට
පැණි කජු රුපියලක..
දන්නවනෙ පැණි කජු...අර හතරැස් කෑලි වලට කපලා තියෙන පැණියි කජුයි මික්ස්
එක... පැණි කජු බෝතලේ තියෙන්නෙ කබඩ් එකක් උඩ....ඉනිමඟ තියලා ගන්න ඕන..මුදලාලිට
වැඩේ අමාරුයි.... හරි කම්මැලියා...ගෝලයොත් නෑ නේ.. . මුදලාලි බැලුව වෙන මොනව හරි දීල ෂේප් වෙන්න...
මුදලාලි : පැණි
කජු වලට වඩා හොඳයි බං මේ ඉඟුරු විස්කෝතු..
කොලුවා1 : පැණි
කජු නැත්නම් මොකුත් එපා...
කම්මැලිකමට
වැඩිය තන්හාව ලොකු හින්දා මුදලාලිට දැන් පැණි කජු නොදිත් බෑ
මුදලාලි: ඒකත්
එහෙමද ..එහෙනම් පොඩ්ඩක් හිටිංකෝ...
කියපු මුදලාලි කඩේ පිටිපස්සට ගිහින් බරට තියෙන ඉනිමඟත් අරන් ඇවිත් කබඩ් එකට
තියලා අමාරුවෙන් නැගල පැණි කජු බෝතලෙ අරන්
පියන ඇරලා,
රුපියලක පැණි කජුත් අරන් පැණි කජු
බෝතලෙ පියන වහල ආයෙ තිබුන තැනින්ම තියල ඉනිමඟෙන් බැහැල කඩේ පිටිපස්සෙන් තියල
කොල්ලට පැණි කජු දෙන්න එනකොට තව කොල්ලෙක් ඇවිත්....
මුදලාලි : උඹට
මොනවද?
කොලුවා2 : මටත්
පැණි කජු රුපියලක..
මුදලාලිට ඌරු ජුවල්..මහන්සිත් එක්ක..එත් ඉතින් සල්ලිනෙ කියලා ආයෙ කඩේ පිටිපස්සට ගිහින් බරට තියෙන ඉනිමඟත් අරන්
ඇවිත් කබඩ් එකට තියලා අමාරුවෙන් නැගල පැණි
කජු බෝතලෙ අරන් පියන ඇරලා, රුපියලක කජුත් අරන් පියන වහනකොටම තව කොල්ලෙක් ඇවිත්..........වහාම පියන වහන එක නවත්තපු,
මුදලාලි : කොලුවෝ උඹටත් පැණි කජු රුපියලකද?? කියල ඇහුව
කොලුවා3 : නෑ
...කියල කියපු
හින්ද
මුදලාලි පැණි කජු බෝතලෙ පියන වහල ආයෙ තිබුන තැනින්ම තියල ඉනිමඟෙන් බැහැල කඩේ පිටිපස්සෙන් තියල ඇවිත් දෙවෙනියට ආපු කොල්ලට පැණි කජු දෙන ගමන් අනිත් කොලුවගෙන්
ඇහුව
" උඹට මොනවද?” කියල
ඒ ගමන කොලුවා3
කියාපි.....
"""මට පැණි කජු රුපියල් දෙකක"""
ප.ලි. : මට කතාව ලියද්දි මතක් උනේ..මේක තිබ්බෙ සිළුමිණ පත්තරේ..හැබැයි ගොඩක් කල්..අවුරුදු 10 ක්ටත් එහා මං හිතන්නෙ...
ඇහුවමයි... පැණි කජු වගේම රහයි. හැබයි ඒවයෙ තියෙන්නේ පැණියි කජුයි නෙමෙයි. සීනීයි, පොරියි, රට කජුයි.. හොඳ එකක් ගන්න සුපිරි මාකට් එකකට යන්නම වෙනවා...
ReplyDeleteඒ කාලෙනේ පැනි කජු තිබුනෙ නැද්ද මාතලන් (ටක්ශොප් එකේ )
Deleteමාතලන් අයියයි ලොකු ජෝනයියයි පැණි බේරෙන කජු කාල තියෙන පාටයි...කොහෙන්ද කෑවෙ...
Deleteඅදටත් මගේ ප්රියතම කෑමක්. හැබයි සුපිරිම සුපර් වල විතරයි හොඳ බඩු තියෙන්නේ...
Deleteයකඩෝ මෙච්චරකල් අපි කාල තියෙන්නෙ පොරිද???
ReplyDeleteඒ කාලේ නං රටකජු විතරයි තිබ්බේ. දැන්නේ ඔය පොරි සෙල්ලම
ReplyDeleteඑතකොට කජු දාපුවා තිබුනෙම නැද්ද??මං කිව්වෙ cashew nuts
Deleteපොඩි කාලේ මගේ ෆේවරිට් වලින් එකක්.කජු කෑල්ල ඉස්සරහට දාල එක එක පැතිවල වෙන නම් කියනව මම අහල තියෙනව.කජු කොරටි වගේ නමක්.අපි පොඩි කාලේ නම් තනිකර රට කජු සිනි කර කරල තමයි හදල තිබුනේ.පැණි වලින් තනිකර හැදුවට හයියට එන්නේ නැහැ.
ReplyDelete//අපි පොඩි කාලේ// පැණි කජු වලට සෑහෙන ඉතිහාසයක් තියෙනවා වගෙ...ඔය පොඩි කාලෙ කොයි කාලෙද???
Deleteමම බොලාට කියන්නෙ නැහැ.පොඩි කාලේ කියන්නෙ පාන්දර චූ බරට මීයා කෙලින් වෙන කාලෙ.
Deleteමේක මම කියවපු පළවෙනි කතාව. මම ආවෙ අර මම අහලා තිබ්බ ලින්ක් එක දාන්න තරම් කාරුණික වෙච්ච බුවා කවුද කියලා බලන්න. මරු කතාවාං. එළ.
ReplyDeleteමට මතක් වුනේ මගේ ඩෙනිමේ අසල්වාසියන් ගැන දාපු පෝස්ට් එකකට මම දාපු කමෙන්ට් රිප්ලයි එකකුත් ඒකට මදුරු නාශකයා දීපු රිප්ලයි එකත්. මෙන්න හුදී ජනයාගේ ලාම්පු කනගාටුව උදෙසා මෙතන දානවා.
Dude November 27, 2012 at 9:35 PM
ඔව් බං ඔන්න මට අදහාගන්න බැරි දේ තමයි ඕක. ඔන්න මම ගෙදරින් යනවා. හෝන් ගැහුවාම දුවගෙන ඇවිත් පාරෙ නවත්තලා තියෙන බයික් එක අහකට ගන්නවා. මීටර් සීයක් යනකොට මට මතක් වෙනවා යමක් අමතක වුන බව. මම ආපහු හරවාගෙන ගෙදර එනවා. මෙන්න යකෝ අර බයික් එක ආපහු පාරෙ. ඔන්න ආයෙ හෝන් ගහනවා. දුවගෙන ඇවිත් බයික් එක අහකට ගන්නවා. මම ගෙදරට ගිහින් අර අමතක වෙච්ච දේත් අරන් ආපහු එනකොට මෙන්න යකෝ අර බයික් එක ආයෙම පාරෙ. @#$%^%
DDTNovember 27, 2012 at 11:35 PM
එක් නම් නියම කතාව අයියා, දැන් මට මතක් වෙන්නෙ පාරෙ බයිසිකලේ නවත්තපු එකා ගැන. හැබෑට උගේ කෝණෙන් ඔය කතාව කිව්වොත් කොහොමට හිටීද?
යකෝ .. මම බයිසිකලේ හදිසියට නවත්තල ගෙට ගියා විතරයි, මෙන්න මොකෙක්ද එකෙක් හොන් එක උඩ නැගගෙන සද්දෙ, ගිහින් අයින් කරල මෑන් යවල ආයිත් ගෙට ආව විතරයි, මෙන්න මේ යකා ආපහු හෝන් ගහනව, ඒත් කමක් නෑ කියල ආපහු මිනිහ යවල ආවා, මම ගෙට ගිහින් පුටුවක වාඩි වෙන්න උනේ නෑ මූ ආයිත් හෝන්කරනව. දැන් කෝමද සනීපෙ.
මම ලින්ක් එක දන්න හින්ඳා දාල දැම්ම..අතින් පයින් යන එකක්යැ....
Deleteහරි දැන් ඔය සිද්ධිය(බයිසිකල්) බලන් හිටපු තුන්වෙනි පාර්ශවක් මොන කෝණයකින් බලයිද????
පැණී කජු තියෙනවා මෙයා.. හෙන රහයි.. හැක්.. අදමයි ආවේ.. යන්තං හොයාගත්තා..
ReplyDeleteඔය කියන්නෙ Elephant House පැණි කජු ගැනද??
Deleteනියම රස කතාවක්. මේ පැත්තේ අදමයි ආවේ. අපහු එන්නම්.
ReplyDeleteඑන්න එන්න...ආවට බොහොම ස්තූතියි
Delete...D
ReplyDeleteම්ම්ම්....
Delete