මං ගැන ඇහැ ගහන් ඉන්න අය..
Thursday, January 1, 2015
Thursday, December 25, 2014
Friday, February 14, 2014
Saturday, February 8, 2014
නෝ..නෝ..තංගච්චි කටේ ටන්..කටේ ටන්
පින්තූරය ගත්තෙ මෙතනින් www.cartoonstock.com
මට මේ කතාව මතක් උනේ මහා කලු සිංහලයාගෙ ඔය කණ නොවෙයි යෝදියේ මේ කණ පෝස්ට් එක කියවනකොට.........කතාව කෙටියෙන් මෙන්න මෙහෙමයි මට මතක විදියට...
ඈත කාලෙක ගම්පලාතක ඩිස්පැන්සරියක් දාගෙන හිටියා දෙමළ දොස්තර මහත්තයෙක්....දැන් වගේ කැමරා හයි කොරන උන් වගේ නෙමෙනේ ඒ කාලෙ දොස්තරලා...ගොඩක් අය Professional Ethics අනුගමනය කලා ඉතින් දවසක් මේ දොස්තර මහත්තය ගාවට ඇඟේ පතේ අමාරුව කියාගෙන ආවා ගෑනු පරාණයක්...දොස්තරට හරියටම සිංහලත් බෑ....මෙන්න මෙහෙමයි කතාව උනේ..
දොස්තර : මොක්කද තංගච්චි උනා කීවෙ...
ලෙඩා : අනේ දොස්තර මාත්තයා උණ හැදෙන්න වගේ ..කන්නත් බෑ..මුලු ඇඟම තලා දාල වගේ..
දොස්තර : පලමු..පලමු...ඒනං තංගච්චී ටන් දාන්න බලන්න එලියට...
ඔන්න දැන් ගෑනි ටිකක් අප්සෙට් ගියා දොස්තරයා මොකාටද මේ එන්නෙ කියලා...
එත් දොස්තරනෙ කියන්නෙ.....කමක් නෑ ඕන එකක් කියලා දැම්ම එක තනයක් එලියට...
ඔන්න දැන් දොස්තරට අප්සෙට්...ඒත් වෙච්ච් දේ තේරුන හින්දා ....
දොස්තර : අයියයියෝ තංගච්චී ඔය ටන් නෙමේ අනිත් ටන්..අනිත් ටන්... කියල කෑගැහැව්වා....
එකක් එලියට දාපු එකේ අනික මොකද්ද කියල හිතපු ගෑනි අනිත් තනෙත් එලියට දැම්මෙ නැතැයි....
දැන් හොඳටම අප්සෙට් උන දොස්තර..ආයෙ පාරක්...
දොස්තර : නෝ..නෝ..තංගච්චි කටේ ටන්..කටේ ටන්
කියල කෑගහනකොට ............ගෑනි ඇවිත් එබුවලු තනයක් දොස්තරගෙ කටේ...
Wednesday, January 1, 2014
Wednesday, December 4, 2013
අතේ....ගහන්න අතේ ගහන්ඩෝ....
ඔන්න ඉතින් එකෝමත් එක ඈතම ඈතත් නෙවෙන මෑතම මෑතත් නෙවෙන කාලෙක රක්ෂණ ඔෆීසියක එකෙක්ට වෙච්ච් වැඩක් ගැන තමයි මම මේ කියන්ඩ තනන්නෙ....මගෙ ඉස් ඉස්සෙල්ලම ඔෆීසිය.....මේකෙ හිටිය කොලුවෙක් නම ***** . කෙටි නම ** . ඔන්න ඉතින් මේ කොලුවා රක්ෂණය ක් විකුණගෙන නිවාඩු පාඩුවෙ තනිකඩව ඉන්න අතරේ ඔෆීසියට වැඩට එනවා අලුත් ගෑණු ලමයෙක්....මේක එසේ මේසේ බඩුවක් නෙමේ....වැඩිය සමාජෙත් එක්ක ගැවසිලා නැති, අම්ම තාත්තගෙ ඇස් මායිමෙන් එහා ගිහින් නැති පතරංග ටියුබ් ලයිට් එකක්...ඔන්න දැන් අපේ කොලුවයි කෙල්ලයි එකම යුනිට් එකේ....පොර තනිකඩය වෙච්ච හින්දත් ...බිස්නස් යනකොට තනියම යන හින්දත් ....මැනේජර් බුවා කෙල්ලව කොලුවටම පංගාර්තු කොලා... බලා කියගෙන ටිකක් වැඩ පුරුදු කොරාපන් කියල... කොලුවගෙ හීන කුමරි තරම් ලස්සනම නැති නිසාත් ...ටියුබ් ලයිට් වලත් ඉස්තරම්ම එකක් හින්දත් කොලුව වැඩිය කැමති උනෙත් නෑ..හැබැයි කෙල්ල නම් එක පයින්...කොලුවගෙ පස්සෙන්මයි...කොලුවත් ඉතින් කෙල්ලව මොටෝ බයික් එකේ දාගෙන කස්ටමර්ස් ල හොයගෙන යනවා...
ටික කාලයක් ඔහොම යනකොට ඉන්ටර්බ්‍රාන්චස් ක්‍රිකට් තරග ලං උනා..දැන් ඔක්කොම සෙට්වෙලා....කොහෙටද??? ගම්පහ UC ground එකට.... ක්‍රිකට් ප්‍රැක්ටිස්....
කට්ටියම A,B කියල ටීම් දෙකකට බෙදිල ක්‍රිකට් ගහනවා...අපෙ කොලුවත් වැඩකාරයා....විකට් දෙකක් ගියාට පස්සෙ කොල්ල ආවා බැට් කරන්ඩ ...ඔන්න කොල්ලා ගැහුවා හතරක්......ආයෙත් හතරක්...ඔන්න දැන් බැට් කරන පැත්තෙ කොල්ලො ටික ෆෝම් වෙල හුරේ දානවා කොලුවට...ඔන්න ආයෙත් හතරක්....
එතකොටම...........එකපාරටම......ඇහෙනවා මෙන්න මෙහෙම....
අතේ ගහන්ඩ.. අතේ ගහන්ඩෝ.....තව හයියෙන් ගහන්ඩෝ......අතේ තව හතරේ පාරක් ගහන්ඩෝ
එක පාරටම සයිලන්ස් වෙලා ගිය පිට්ටනිය එත් එක්කම හූ හඬින් ගිගුම් දෙන්න ගත්තෙ නැතැයි....බලනකොට ෆෝම් එක වැඩිවෙච්ච කෙල්ල සගයට සපොර්ට් එකට උඩ පැන පැන කෑ ගහනවා......ෆීල්ඩ් කරන උන් කට්ටිය බිම පෙරලි පෙරලි හිනා වෙනවා...
හැබැයි කෙල්ල දන්නෙ නෑ මේ කෙල්ලට තමයි හිනා වෙන්නෙ කියලා....
කොලුවට නප්පියටම නැගල...ඒ මදිවට ඌ කෑ ගහනවා මෙන්න මෙහෙම....
මම ඒක ගෙදර ගිහින් ගහ ගන්නම්..උඹ කෑ නොගහ හිටපාන්....
මොන.... ටියුබ් ලයිට් කේස් එකක් හින්ද කෙල්ලට ගානක් වත් නෑ..හතරේ පාරවල් ගහන්ඩ ගහන්ඩ කෙල්ල කෑ ගහනව..හිනා වෙලා කොල්ලන්ගෙ බඩ කොරවෙලා හින්ද එද ප්‍රැක්ටිස් එතනිම්ම ඉවරයි...ඔන්න ඕකයි කතාව...
හරි දැන් කියමු බලන්ඩ කොල්ලගෙ නම සහ කෙටි නම?????
Thursday, September 19, 2013
කවුද මේ අන්ඩරයිටර්.??....
ගොඩක් අය අන්ඩරයිටර් කිව්වට මෙකේ තේරුම මොකද්ද කියල දන්නෙ නැති බවයි පේන්නෙ...ඒ හින්දා තමයි මෙහෙම් පෝස්ට් එකක් දාන්න හිතුනෙ.................අන්ඩරයිටර් ට සිංහල වචනය තමයි ප්‍රාරක්ෂකයා.....
මම පහසුවට Underwriter
කියල
භාවිතා කරන්නම්......Underwriter ල කොටස් කිහිපයකට බෙදෙනවා ඔවුන් ප්‍රවීණතාව දක්වන එක් එක් ක්ෂේත්‍ර අනුව........ඒවායින් කිහිපයක් තමයි මේ..
1. Life Insurance Underwriter
2. Genaral Insurance Underwriter
(Marine,Vehicle,Fire,Property)
3. Bank Underwriter
(Mortgage UW,
Loan UW)
4. Casualty Underwriter......etc
ප්‍රාරක්ෂණ ක්‍රියාවලිය සංකීර්ණ හා දීර්ඝ ක්‍රියාවලියක් හින්ද මම බොහොම
කෙටියෙන් ඒ ගැන කියන්නම්...
මම සේවය කරන්නෙ Life
Underwriter කෙනෙක් හැටියට හින්ද මම ඒ ගැන තමයි කියන්න යන්නෙ.........
Life Underwriter කෙනෙක්ගෙ ප්‍රධානම කාර්යයන් තමයි ජීවිත රක්ෂණයක් ලබා
ගන්න පුද්ගලයාගෙ ජීවිතයට තියෙන අවදානම තක්සේරු කිරීම(Human Life
Risk),එම අවදානම භාර ගන්නවාද නැතිනම් ප්‍රතික්ෂේප කරනවාද යන්න තීරණය කිරීම(Accepting
or Decline)......වැඩි බර යොදා ගන්නෙ සෞඛ්‍ය තත්වයට...වෛද්‍ය පරීක්ෂණ මත තමයි ඉහත තීරණ ගන්නෙ...මෙතනදි Doctor කෙනෙක්ටත් වැඩිය හොඳට Life Underwriter අදාල රක්ෂණ යෝජකයාගෙ සෞඛ්‍ය තත්වය විශ්ලේෂණය කරනවා වෛද්‍ය වාර්තා පරීක්ෂා කරල...මොකද අපි දැන් දෙන තීරණය අවු 10 සිට 35 දක්වා කාලයකට වලංගු වෙන්න ඕන.....අපි තක්සේරු කරන්න ඕන දැන් තියෙන සෞඛ්‍ය තත්වය ඉදිරි කාලයට බලපාන්නෙ කොහොමද කියලා...මොකද රක්ෂණ වාරිකය අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන්නෙ නැහැනෙ...
මෙන්න මෙතනදි අපි මෙන්න මෙහෙම ක්‍රියාවලියක් භාවිතා කරනවා...
මෙන්න මෙතනදි අපි මෙන්න මෙහෙම ක්‍රියාවලියක් භාවිතා කරනවා...
1. වර්ගීකරණය - Classification
3. තක්සේරුකරණය -
Assessment/Rating
4. අවසාන තීරණය ගැනීම - Making
Final Decision
මේවාත් තව Sub වලට බෙදෙනවා... .................පැහැදිලි කරන්න
පහසු හින්දයි මම කොටස් 04 කට බෙදුවෙ
රක්ෂණය ලබා ගන්න පුද්ගලයාගෙ ජීවිතයට තියෙන විවිධ අවදානම් මත..ඒ කියන්නෙ සෞඛ්‍ය,වෘත්තීය ආදිය මත මේ ක්‍රියාවලිය වෙනස්වෙන්න පුළුවන්...
Underwriting Desicion එකක් ගනිද්දි අවදානම හරියටම ගණනය කරල ඒ සඳහ නියමිත වාරිකයම ගන්න ඕන..වැඩි පැත්තට ගියොත් Customer පාඩුයි...අඩු පැත්තට ගියොත් Company යට පාඩුයි....රක්ෂණ යෝජනා ප්‍රතික්ෂේප කලොත් ආයතනයට Business නැතිව යනවා...වැඩි අවදානමක් භාරගත්තොත් වැඩියෙන් හිමිකම් ගෙවන්න වෙනවා...
ඒක හින්දා ආයතනයෙ ලාභ අලාභ වලට Underwriter ගෙ තීන්දු තීරණ කෙලින්ම බලපානවා... මේ ජොබ් එක ටිකක් අවදානම්....වැරදි තීන්දුවක් දුන්නොත් ලක්ෂ ගාණක පාඩුවක් වෙන්න පුලුවන්...සත්‍ය කරුනු වසන්කරල ,ලෙඩ රෝග හංගල රක්ෂණ ඉල්ලුම් කරන්නත් පුලුවන්..ඒව ගැන හොඳ අවධානයෙන් ඉඳලා හොයාගන්න එකත් Underwriter ගෙ රාජකාරියක්................
අනික Underwriting Audit Team එකකින් හා Reinsurance Audit Team එකකින් මේ තීරණ පරීක්ෂාවට ලක්වෙනවා.....
.................................................................................................................................................................
අපි හිතමු රක්ෂණය ගන්න පුද්ගලයට දියවැඩියාව තියෙනව කියල...එතකොට කටයුතු
කරන්නෙ මෙන්න මෙහෙමයි..
* රක්ෂණ යෝජනා පත්‍රය සඳහන් කරුනු මත පුද්ගලයා පිලිබඳ දළ අදහසක් ලබා ගැනීම
* රක්ෂිතයාගෙ ප්‍රතිකාර සටහන්,වෛද්‍ය වාර්තා,රෝග විනිශ්චය
පත්(DT cards) ආදි ඔහුගෙ ලෙඩ රෝග
සම්බන්ධ සියලු ලියකියවිලි ලබා ගැනීම හා අදාල ප්‍රශ්නාවලි
ලබා ගැනීම
* දියවැඩියා රෝගයේ වර්තමාන තත්වය දැනගැනීම සඳහා ආධාර වන වෛද්‍ය පරීක්ෂණ
තීරණය කොට
ඒ සඳහා යෝජකයා යොමු කිරීම
* රෝග ඉතිහාස සටහන් මගින් වෙනත් රෝග තත්ව තිබුනේද,රෝහල්ගතවෙන
අවස්ථාවේ තිබුනු රෝග
ලක්ෂණ,ලබා දුන් ප්‍රතිකාර ආදිය සොයාගැනීම
(මේ සඳහා Medical Reports,DT cards කියවීමේ දැනුම
අවශ්‍ය වෙනවා, Medical Abbrivations එහෙම
දැනගෙන ඉන්න ඕන )
* ලබාගත් වෛද්‍ය වාර්තා, සහ ප්‍රශ්නාවලි මත වර්තමාන දියවැඩියා තත්වය තීරණය කිරීම
* රැකියාව මත අවදානම ගණනය කිරීම(තිබේ නම්)
* ආදායම මත ගෙවීමේ හැකියාව තීරණය කිරීම(Financial Underwiting)
* ඉහත සියලු කරුණු මත ජීවිත අවදානම ගණනය කිරීම
* ජීවිත අවදානම තක්සේරු කල පසු ආවරණය ලබා දිය යුතු ආකාරය තීරණය කිරීම
* වෙනස්කම් සිදුවේ නම් ඒ සඳහා යෝජකයාගෙ එකඟතාව ලිඛිතව ලබා ගැනීම
* අයකලයුතු වාරිකය ගණනය කිරීම
අවසාන තීරණය සටහන් කර අත්සන් තැබීමෙන් පසු රක්ෂණ ගිවිසුම බලගැන්වී එතැන්
සිට ගිවිසුම ක්‍රියාත්මක වෙනවා..............
මේ තියෙන්නෙ අපි ගණනය කිරීම් වලට යොදාගන්න Tool එකක්
Additional diabetes
mellitus-related factors:
|
||||||||||
| Albuminuria
(proteinuria): |
||||||||||
| < 2 mg/dl |
No addition
necessary |
|||||||||
| 2 - 30 mg/dl or 30
- 299 mg per 24hrs or trace /+ (microalbuminuria) |
Add +50 / +100 |
|||||||||
| 300 - 1000 mg per
24hrs or ++ / +++ |
CMO, add +150 up,
maximum policy term 15 years, minimum 5 per M |
|||||||||
| > 1000 mg per 24
hrs or ++++ |
D |
|||||||||
| With urinary casts |
CMO, usually D |
|||||||||
| Diabetic coma,
(not hypoglycaemic coma), history of, single or multiple episodes: |
||||||||||
| Years since last
episode: |
||||||||||
| < 1 |
P |
|||||||||
| > 1 |
CMO, add +50 up |
|||||||||
| Glycosuria,
frequent/substantial (> 2%) |
Add +50 up |
|||||||||
| Ketonuria
(acetonuria) |
P |
|||||||||
| Neuropathy |
CMO |
|||||||||
| Renal disease
(nephropathy) |
CMO, add +150 up,
consider D |
|||||||||
| Retinopathy: |
||||||||||
| Microaneurysms only |
Add +25 |
|||||||||
| Exudates |
Add +50 |
|||||||||
| Haemorrhages /
proliferation |
CMO, usually D |
|||||||||
Additional major vascular
risk factors:
|
||||||||||
| *Hyperlipidaemia,
hypertension and smoking: increase the sum of the additional debits by 50%
with a minimum addition of +50, and add to the diabetes mellitus rating |
||||||||||
| Hyperlipidaemia |
Add rating (see hypercholesterolaemia)* |
|||||||||
| Hypertension: |
||||||||||
| Rateable <
+150 |
Add rating* |
|||||||||
| Rateable > +150 |
D |
|||||||||
| Smoking: |
||||||||||
| Cigarettes, per
day: |
||||||||||
| < 20 |
Add +25 / +50* |
|||||||||
| > 20 |
Add +50 / +100* |
|||||||||
| Cigars / pipe |
Add +25* |
|||||||||
Other risk factors and
associated impairments:
|
||||||||||
| Alcohol,
excessive |
Add +50 up |
|||||||||
| Obesity |
Add rating |
|||||||||
| ECG
abnormalities |
CMO, usually D |
|||||||||
| Family history
of cardiovascular, cerebrovascular or renal disease in > 1 family
members at age < 60 |
Add rating |
|||||||||
| Coronary artery,
cerebrovascular or peripheral vascular disease |
D |
|||||||||
Life rating
|
ADB
|
TPD
|
WOP
|
|||||||
| +75 |
Std |
2x |
2x |
|||||||
| +100 |
Std/1.5x |
2x |
2x |
|||||||
| +125 / +150 |
2x |
D |
D |
|||||||
| above +150 |
D |
D |
D |
|||||||
ප.ලි.
UK වල පඩිය කීයද කියල පහත තියෙන Vacancy Note එකෙන් පේනවනෙ....
Medical Underwriter Life
- City Of London, London
- £44,000 - £50,000 per annum
- Job type: Permanent, full-time
- Date:
- Reference: 23564049
Labels:
Underwriting
Location:
Minuwangoda, Sri Lanka
Tuesday, September 10, 2013
මුවා ඉන්නවද???
කතන්දර මාමාගෙ(මං තාම පොඩියි හරිය ) ජෝක් ටික දැක්කම මට මේක මතක් උනේ...අපි AL කරන කාලෙ මල ගෙවල් , සංගීත , කානිවල්,
හොය හොය යන්නෙ...ඉතින් ඔහොම රවුං ගහල ඇති උනාම පාන්දර 1-2 වෙද්දි එක තැනකට වෙලා අපිට දිරවන්නෙ නැති කාව හරි බයිට් කරනවා ෆෝන් එකෙන්..... වැඩිපුරම බයිට් කලේ අංකල් ලව........... ඒ කාලෙ තිබුනෙ Motorola Startac flip model ෆෝන් එකක්..............
අර ariel එක දිගාරින්න තියෙන්නෙ...
ඔන්න දැන් අපි කතා කරනවා...
අංකල් : හෙලෝ...
අපි : හෙලෝ..මුවා ඉන්නවද.....
අංකල් : මොකා.....
අපි : මුවා....මුවා...අර අං තියෙන්නෙ...
අංකල් : මොන මුවෙක්ද ඕයි..මොකාද ඔය කතා කරන එකා..
අපි : මම මේ තිස්ස....
අංකල් : තිස්ස ...මොන තිස්සද???
අපි : තිස්ස...තිස්ස...දේවානම් පිය තිස්ස....රජ්ජුරුවෝ..
අංකල් : ඈ..................................................
අපි : ඔව් අංකල්....බලන්නකො මම මුවාට විදින්න මුවා පස්සෙන් එලවගෙන ආවා..
ඌ පැනගත්තනෙ...මුවාව දැක්කොත් මට කෝල් එකක් දෙන්න OK...
මෙහෙම කියලා කෝල් එක කට් කරනවා...දැන් අපෙ අංකල් පාන්දර නිදිමතේ ඉද්දි ආපු කෝල් එකෙන් අන්ද මන්ද වෙලා මොකද යකඩෝ මේ උනේ කියල කල්පනා කර කර ටික වෙලාවක් ඉන්නවා කියල අපි ඉතින් අත්දැකීමෙන්ම දන්නවා...........විනාඩියක් යන්න ඇරලා අපි ආයෙත් ගන්නව...............
අංකල් : හලෝ.. (ටිකක් සැරෙන්)
අපි : අනෙ අංකල්..මම මේ මුවා කතා කරන්නෙ...රජ්ජුරුවෝ ඇහුවොත් මාව
දැක්කෙ නෑ කියන්ඩ OK...
අන්න එතකොටම අන්කල්ගෙ චුට්ටන් මොලේට දැනෙනවා තමන් කාගෙ හරි නයිලෝන් ලනුවක් කෑවා කියල...එතකොටම අන්කල් ගෙ ශ්‍රී මුඛයෙන් :
තොගෙ අ*^$%@#!)......................................................ඉතුරුවා කියන්න ඕන නැහැනෙ....
ප.ලි.
Sunday, September 8, 2013
මම හරිද වැරදිද??? නැත්නම් අපි හරිද වැරදිද???
පහුගිය කාලය හරිම අවිවේකී උනා... Exam, New Projects,අසනීප,අනුන්ගෙ ප්‍රශ්න(මටත් තියෙනව,හැබැයි පොදුවෙ ඔක්කොටම තියෙන ඒව තමයි )මොනව උනත් බබා එක්ක ගතකරන කාලය අඩු කරන්න බෑනෙ..ඒ හින්ද බ්ලොගය,මූනු පොත මග ඇරුන......ඔය ඔක්කොම එක්ක සමහර අවස්ථා වලදි මාව ටිකක් පටලැවුන.....සමහර ප්‍රශ්න එක්ක හා පුද්ගලයන් එක්ක ගනුදෙනු කරද්දි....මට හිතන්න උනා මෙන්න මේ ගැන...
1.තමන් කරන දේවල් හරිද වැරදිද කියල මනින්නෙ කොහොමද....??
තමන්ගෙ පැත්තෙන් නම් හැමවෙලෙම හරිනෙ...
තමන්ගෙ හෘද සාක්ෂිය අනුවද(හිතට එකඟව)..........???
අනිත් අය ඒ ගැන කියන දේවල් වලින්ද..................???
වැඩි දෙනා කියන දේවල් වලින්ද(බහුතර මතය ).....???
සමාජය පිළිගන්න සම්මත ආකාරයකින්ද................???
නීතියට අනුවද...................................................... ???
මොකද්ද හරි විදිය...මේ කරුනු ඔක්කොම එකපාර තෘප්ත කරන්න පුලුවන්ද???
මොකද එක්තර ගැටළුවකදි මට අහන් ඉන්න උනු කතා වල හැටියට පාර්ශව දෙකම හරි. (මමම කරල දුන්නු හොඳක් තමා පස්සෙන් එලෙව්වෙ )...ඒත් මම උඩ අහල තියෙන ප්‍රශ්න ටික අනුව ඒව දෙපැත්තට බෙදෙනව...සමහර කරුනු තමන්ට අනුව හරි...ඒත් අනුන්ට වැරදියි...සමහර ඒව මිනිස්සු හැටියට හරි..එත් සදාචාරාත්මකව වැරදියි... හරිම ප්‍රශ්නෙකට තමා මම පැටලුනෙ...ඔක්කොම කට්ටිය තම තමන්ගෙ අදහස් ටික තමන්ගෙ පැත්තට වාසි විදියට කියල මා දිහා බලන් ඉන්නව... පෞද්ගලික ප්‍රශ්නෙ සමාජ ප්‍රශ්න දක්වා දුර දිග ගියා ...හැමෝගෙම කතා වලත් ඇත්තක් තියෙනව..ඒ හින්ද තත්වය හරිම සීරියස් උනා....කාගෙවත් පැත්තක් ගන්න විදියකුත් නෑ..මං දෙන උත්තරේ අනුව තමා පවුලක ඉරණම තීරණය වෙන්නෙ... එක පැත්තක් නතර කරද්දි අනෙක් පැත්ත පටන් ගන්නව..මේ යක්කු ඔක්කොම කරුනු කියන්න වෙන්වෙන පැත්තටමනෙ...ප්‍රශ්නෙ විසඳෙන පැත්තට එක Point එකක් දෙන්නෙ නෑනෙ.....අන්තිමට මට ඉතුරු උනෙ...ආගම විතරයි...බුදු හාමුදුරුවො හරි ...ජේසු තුම හරි..කවුරු උනත් ආගමක, ධර්මයක කියල දෙන මූලික යහ පැවැත්මෙ කරුනු අනුව ජීවත් උනානම් කිසිම ගැටළුවක් අතිවෙන්නෙ නෑ...කාගෙ කාගෙත් කරුනු ආගම ධර්මයට අනුව නම් වැරදියි කියල තමයි ජාමෙ බේරගත්තෙ...හොඳ වෙලාවට ඒ කතාවට කවුරුත් විරුද්ධ උනේ නෑ... එතනින් එහාට කතා කරන්න දෙයක් නැතිඋන හින්ද දෙපර්ශවයටම සාමදාන වෙන්න උනා... මමත් බේරුනා....
කොහොම උනත් කාට කාටත් දෙවියො බුදුන් මතක් වෙන්නෙ තමන්ට කෙලවෙනකොට විතරයි නෙ.............
මෙතනදි මට හිතෙන හැටියට ගැටළු වලදි
විවෘත මනසකින් ඒ දිහා බලන එක තමයි හොඳම දේ , නමුත් නොවෙන්නෙත් ඒකමයි.... එත් හැමතැනටම ගැලපෙයිද මන්දා?? තමන්ගෙ මහත්තයගෙ හරි නෝනගෙ හරි අනියම්
සම්බන්ධයක් වගේ අවස්තාවකදි මොන විවෘත මනසක් ද නේද?? විවෘත මනසකින් බලනව කිව්වට ඒකෙත්
හරිම නිර්වචනය මොකද්ද...මොකද මම අදහස් කරන දේ නොවෙන්න පුලුවන් ෙවන අයට තියෙන්නෙ.. මගෙ
නම් අදහස මේකයි...හැමදේම එකවරම ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ , භාරගන්නෙත් නෑ..නමුත් රඳව ගන්නෙ අවශ්‍ය
දේ පමණයි සාධාරණ කරුනු මත...ඒ වගේම යාවත් කලීන වෙනවා..මොකද පහු
ගිය කාලෙට ගැලපුනු දේවල් දැන් ගැලපෙන්නෙ නැතිවෙන්න පුලුවන් හින්ද...
ගැටළුවකට උදාහරණයක් හැටියට ගණිකාවක්
අර ගත්තොත් හැම පැත්තෙන්ම වැරදියි,ආගමෙන්වත්
ගැලවිල්ලක් නෑ... ඒත් ඇත්තටම ඇය ගණිකාවක් බවට පත් උනේ ඇයි...දිගටම මේ රැකියාවෙ
යෙදෙන්නෙ ඇයි... කියල හොයල බැලුවොත් සමහරවිට හරිම සංවේදී කතාවක් අහගන්න පුලුවන්
වෙයි....සමහර විට සැමිය නැතිව දරුවො ජීවත් කරනව වෙන්න පුලුවන්....සමහර බක පණ්ඩිතයො
නම් කියනව ඕක නැතිව වෙන තව කොයිතරම් දේවල් කරන්න තියෙනවද කියල...තියෙනව තමා ඒත්
කවුද ඒවට උදව් කරන්නෙ...හරියට උන් කරනව වගෙ...උස්සන්න පුලුවන් නම් මොනව හරි කරල
දෙයි...හොයාගෙන ඇවිල්ල සල්ලි දීල යන්නෙ වෙන මොන රස්සාවෙද...ගොඩක් අය සමාජයට පේන්න
දවල්ට බනිනවා තමන් සුදන කියල පෙන්නන්න...රෑට ගණිකාවො ලඟට යන්නෙත් ඒ අයම තමා...... තමනුත්
වැරැද්ද කරන ගමන් ..අනෙකට බනිනව ඒ වැරැද්දම කරනව කියල..ඒක කොයි තරම් සාධාරණද??
ඉතින් ඔය වගේ තව හුඟක් සමාජ ගැටලු වල
ඇතුලාන්තය ඔහොම තමා...ඒත් ඉතින් දැන් ඔය වගේ ප්‍රශ්න ගැන ගැඹුරින් හොයල බලල කටයුතු
කරන්න හැමෝටම පුලුවන්ද තමන්ගෙ ප්‍රශ්න ටිකවත් බලාගන්න බැරිව.. අනික අනුන්ගෙ පවුල්
ප්‍රශ්න විසඳන්න ගිහින් තමන්ගෙ පවුලෙ ප්‍රශ්න හදා ගත්ත අය ඕන තරම් මම දැකල
තියෙනව....එත් සමාජය වෙනුවෙනුත් අපිට වගකීමක්
තියෙනව මට හිතෙන හැටියට...
ඉතින් මොකද්ද අපි කරන්න ඕන...
1. අනුන්ගෙ ඒවා අපිට වැඩක් නෑ අපේ වැඩ
ටික ගැන බලමු
2. අපේ වැඩ පාඩු උනත් කමක් නෑ අනිත්
අයගෙ ප්‍රශ්න විසඳමු
3. අපෙ වැඩ කරගන්න ගමන් අනිත් අයගෙ
වැඩ වලටත් සහය වෙමු...
4...?..........................................................................................
4. ට මොනව හරි යෝජනා එහෙම තියෙනවද????
අපි හරිද වැරදිද කියල දැනගන්නෙ කොහොමද???
හැබැයි මොනවා උනත් තමන්ට තමන් හරහට
හිටින දවසට නම් දෙවියන්ටත් කොරන්න දෙයක් නෑ
ප.ලි
Subscribe to:
Posts (Atom)











