මං ගැන ඇහැ ගහන් ඉන්න අය..

Saturday, March 30, 2013

බොන කට්ටියට පමණයි(වතුර නොවේ)


බොන කට්ටිය ඕන තරම් ඇතිනෙ මෙහෙ..නේද???සමහර අය ගානට...තව අය...බොනව වගෙ පෙන්නුවට බොන්නෙ නෑ...තව අය බොන්නෙ හෙට බඩු ඉවර වෙනව වගේ....

ඒත් ඉතින් ඔය බිව්වට හෙනයක් වත් නෙතිව අපි යස අගේට ඉන්නෙ කියල සමහර අය හිතනව ඇති....ඒත් පේනවට වඩා දේවල් ඇඟ ඇතුලෙ වෙනව....

ඉතින් ඔය බොන අය කැමති තිනෙ මත්පැන් හින්ද  තමන්ගෙ ශරීරෙට වෙලා තියෙන හානිය ගැන දැන ගන්න....

මත්පැන් ඍජුවම බලපාන්නෙ අක්මාවට....ඉතින් සරල විදියට අක්මාවෙ  මොනව හරි අවුලක් තියෙනවද කියල දැනගන්න නම් මොනවද කරන්න ඕන...

මෙන්න බඩු

SGOT   ,  SGPT   ,  GGT

මේ තියෙන්නෙ අක්මාව සම්බන්ධ මූලික Medical Test 03 ක්,  කැමති අය මේව කරල Result බලාගන්නකෝ

මේවයෙ අගයන් තියෙන්න ඔන මොන ගානටද කියල  සදහන් කරල තියෙනව..හරිම ලේසියි

වැඩිවෙලා තිබ්බොත්නම් ඉතින් පොඩ්ඩක් බොන එක ගැන හිතන්න වෙනව....

අවුලක් වගෙනම් වැඩි විස්තර අහන්න....

ප.ලි. : තව දෙයක් මෙ Test වල හරිම Result එක ගන්න නම්කරන දවසට කලින් දවස් 14ක් වත් නොබී ඉන්න ඕන.තව අරිෂ්ට බොන අයගෙයි, වැඩිපුර මිරිස් කන අයගෙයි Result Valve වැඩිවෙන්න  පුලුවන්