මං ගැන ඇහැ ගහන් ඉන්න අය..

Wednesday, December 4, 2013

අතේ....ගහන්න අතේ ගහන්ඩෝ....




ඔන්න ඉතින් එකෝමත් එක ඈතම ඈතත් නෙවෙන මෑතම මෑතත් නෙවෙන කාලෙක රක්ෂණ ඔෆීසියක එකෙක්ට වෙච්ච් වැඩක් ගැන තමයි මම මේ කියන්ඩ තනන්නෙ....මගෙ ඉස් ඉස්සෙල්ලම ඔෆීසිය.....මේකෙ හිටිය කොලුවෙක් නම  ***** . කෙටි නම  ** . ඔන්න ඉතින් මේ කොලුවා රක්ෂණය ක් විකුණගෙන නිවාඩු පාඩුවෙ තනිකඩව ඉන්න අතරේ ඔෆීසියට වැඩට එනවා අලුත් ගෑණු ලමයෙක්....මේක එසේ මේසේ බඩුවක් නෙමේ....වැඩිය සමාජෙත් එක්ක ගැවසිලා නැති, අම්ම තාත්තගෙ ඇස් මායිමෙන් එහා ගිහින් නැති පතරංග ටියුබ් ලයිට් එකක්...ඔන්න දැන් අපේ කොලුවයි කෙල්ලයි එකම යුනිට් එකේ....පොර තනිකඩය වෙච්ච හින්දත් ...බිස්නස් යනකොට තනියම යන හින්දත් ....මැනේජර් බුවා කෙල්ලව කොලුවටම පංගාර්තු කොලා... බලා කියගෙන ටිකක් වැඩ පුරුදු කොරාපන් කියල... කොලුවගෙ හීන කුමරි තරම් ලස්සනම නැති නිසාත් ...ටියුබ් ලයිට් වලත් ඉස්තරම්ම එකක්  හින්දත් කොලුව වැඩිය කැමති උනෙත් නෑ..හැබැයි කෙල්ල නම් එක පයින්...කොලුවගෙ පස්සෙන්මයි...කොලුවත් ඉතින් කෙල්ලව මොටෝ බයික් එකේ දාගෙන කස්ටමර්ස් ල හොයගෙන යනවා...

ටික කාලයක් ඔහොම යනකොට ඉන්ටර්බ්‍රාන්චස් ක්‍රිකට් තරග ලං උනා..දැන් ඔක්කොම  සෙට්වෙලා....කොහෙටද??? ගම්පහ UC ground එකට.... ක්‍රිකට් ප්‍රැක්ටිස්....

කට්ටියම A,B කියල ටීම් දෙකකට බෙදිල ක්‍රිකට් ගහනවා...අපෙ කොලුවත් වැඩකාරයා....විකට් දෙකක් ගියාට පස්සෙ කොල්ල ආවා බැට් කරන්ඩ ...ඔන්න කොල්ලා ගැහුවා හතරක්......ආයෙත් හතරක්...ඔන්න දැන් බැට් කරන පැත්තෙ කොල්ලො ටික ෆෝම් වෙල හුරේ දානවා කොලුවට...ඔන්න ආයෙත් හතරක්....

එතකොටම...........එකපාරටම......ඇහෙනවා මෙන්න මෙහෙම....

අතේ ගහන්ඩ.. අතේ ගහන්ඩෝ.....තව හයියෙන් ගහන්ඩෝ......අතේ තව හතරේ පාරක් ගහන්ඩෝ

එක පාරටම සයිලන්ස් වෙලා ගිය පිට්ටනිය එත් එක්කම හූ හඬින් ගිගුම් දෙන්න ගත්තෙ නැතැයි....බලනකොට ෆෝම් එක වැඩිවෙච්ච කෙල්ල සගයට සපොර්ට් එකට උඩ පැන පැන කෑ ගහනවා......ෆීල්ඩ් කරන උන් කට්ටිය බිම පෙරලි පෙරලි හිනා වෙනවා...

හැබැයි කෙල්ල දන්නෙ නෑ මේ කෙල්ලට තමයි හිනා වෙන්නෙ කියලා....
කොලුවට නප්පියටම නැගල...ඒ මදිවට ඌ කෑ ගහනවා මෙන්න මෙහෙම....

මම ඒක ගෙදර ගිහින් ගහ ගන්නම්..උඹ කෑ නොගහ හිටපාන්....

මොන.... ටියුබ් ලයිට් කේස් එකක් හින්ද කෙල්ලට ගානක් වත් නෑ..හතරේ පාරවල් ගහන්ඩ ගහන්ඩ කෙල්ල කෑ ගහනව..හිනා වෙලා කොල්ලන්ගෙ බඩ කොරවෙලා හින්ද එද ප්‍රැක්ටිස් එතනිම්ම ඉවරයි...ඔන්න ඕකයි කතාව...

හරි දැන් කියමු බලන්ඩ කොල්ලගෙ නම සහ කෙටි නම?????