මං ගැන ඇහැ ගහන් ඉන්න අය..

Thursday, September 19, 2013

කවුද මේ අන්ඩරයිටර්.??....

  

ගොඩක් අය අන්ඩරයිටර් කිව්වට මෙකේ තේරුම මොකද්ද කියල දන්නෙ නැති බවයි පේන්නෙ...ඒ හින්දා තමයි මෙහෙම් පෝස්ට් එකක් දාන්න හිතුනෙ.................අන්ඩරයිටර් ට සිංහල වචනය තමයි ප්‍රාරක්ෂකයා.....
මම පහසුවට Underwriter කියල භාවිතා කරන්නම්......Underwriter ල කොටස් කිහිපයකට බෙදෙනවා ඔවුන් ප්‍රවීණතාව දක්වන එක් එක් ක්ෂේත්‍ර අනුව........ඒවායින් කිහිපයක් තමයි මේ..

1.  Life Insurance Underwriter   
2.  Genaral Insurance Underwriter
     (Marine,Vehicle,Fire,Property)
3.  Bank Underwriter
     (Mortgage UW, Loan UW)
4.  Casualty Underwriter......etc

Insurance Underwriters click here to more.....

ප්‍රාරක්ෂණ ක්‍රියාවලිය සංකීර්ණ හා දීර්ඝ ක්‍රියාවලියක් හින්ද මම බොහොම කෙටියෙන් ඒ ගැන කියන්නම්...
මම සේවය කරන්නෙ  Life Underwriter කෙනෙක් හැටියට හින්ද මම ඒ ගැන තමයි කියන්න යන්නෙ.........



What Insurance Underwriters Do click here to more...

Life Underwriter කෙනෙක්ගෙ ප්‍රධානම කාර්යයන් තමයි ජීවිත රක්ෂණයක් ලබා ගන්න පුද්ගලයාගෙ ජීවිතයට තියෙන අවදානම තක්සේරු කිරීම(Human Life Risk),එම අවදානම භාර ගන්නවාද නැතිනම් ප්‍රතික්ෂේප කරනවාද යන්න තීරණය කිරීම(Accepting or Decline)......වැඩි බර යොදා ගන්නෙ  සෞඛ්‍ය තත්වයට...වෛද්‍ය පරීක්ෂණ මත තමයි ඉහත තීරණ ගන්නෙ...මෙතනදි  Doctor කෙනෙක්ටත් වැඩිය හොඳට Life Underwriter අදාල රක්ෂණ යෝජකයාගෙ සෞඛ්‍ය තත්වය විශ්ලේෂණය කරනවා වෛද්‍ය වාර්තා පරීක්ෂා කරල...මොකද අපි දැන් දෙන තීරණය අවු 10 සිට 35 දක්වා කාලයකට වලංගු වෙන්න ඕන.....අපි තක්සේරු කරන්න ඕන දැන් තියෙන සෞඛ්‍ය තත්වය ඉදිරි කාලයට බලපාන්නෙ කොහොමද කියලා...මොකද රක්ෂණ වාරිකය අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන්නෙ නැහැනෙ...


මෙන්න මෙතනදි අපි මෙන්න මෙහෙම ක්‍රියාවලියක් භාවිතා කරනවා...

1.   වර්ගීකරණය                 -  Classification
2.   ඇගයුම්කරණය             -   Evaluation
3.   තක්සේරුකරණය          -   Assessment/Rating
4.   අවසාන තීරණය ගැනීම  -   Making Final Decision

මේවාත් තව Sub වලට බෙදෙනවා... .................පැහැදිලි කරන්න පහසු හින්දයි මම කොටස් 04 කට බෙදුවෙ


රක්ෂණය ලබා ගන්න පුද්ගලයාගෙ ජීවිතයට තියෙන විවිධ අවදානම් මත..ඒ කියන්නෙ සෞඛ්‍ය,වෘත්තීය ආදිය මත මේ ක්‍රියාවලිය වෙනස්වෙන්න පුළුවන්...


Underwriter තමයි ආයතනය වෙනුවෙන් යෝජකයා සමග රක්ෂණ ගිවිසුමට අත්සන් තබන්නෙ...සුදුසුකම් ලත් Underwriter කෙනෙක් අත්සන් කරනකන් රක්ෂණ ගිවිසුමක් වලංගු වෙන්නෙ නෑ..වෙන කාටවත් අත්සන් කරන්න බලයකුත් නෑ...ඒ වගේම අවසාන තීරණය හා රක්ෂණය කරන අවදානම අතර මනා සමබරතාවයක් තිබිය යුතුයි...

Underwriting Desicion එකක් ගනිද්දි අවදානම හරියටම ගණනය කරල ඒ සඳහ නියමිත වාරිකයම ගන්න ඕන..වැඩි පැත්තට ගියොත් Customer පාඩුයි...අඩු පැත්තට ගියොත් Company  යට පාඩුයි....රක්ෂණ යෝජනා ප්‍රතික්ෂේප කලොත් ආයතනයට Business නැතිව යනවා...වැඩි අවදානමක් භාරගත්තොත් වැඩියෙන් හිමිකම් ගෙවන්න වෙනවා...
ක හින්දා ආයතනයෙ ලාභ අලාභ වලට Underwriter ගෙ තීන්දු තීරණ කෙලින්ම බලපානවා... මේ ජොබ් එක ටිකක් අවදානම්....වැරදි තීන්දුවක් දුන්නොත් ලක්ෂ ගාණක පාඩුවක් වෙන්න පුලුවන්...සත්‍ය කරුනු වසන්කරල ,ලෙඩ රෝග හංගල රක්ෂණ ඉල්ලුම් කරන්නත් පුලුවන්..ඒව ගැන හොඳ අවධානයෙන් ඉඳලා හොයාගන්න එකත් Underwriter ගෙ රාජකාරියක්................

අනික Underwriting Audit Team එකකින් හා Reinsurance Audit Team එකකින් මේ තීරණ  පරීක්ෂාවට ලක්වෙනවා.....




Underwriters ලාට UK වල තියෙන අවසානම  පදවි නාමය තමයි "වරලත්  රක්ෂණකරු" හෙවත් Charted Insurer (CI).  මේක ප්‍රදානය කරන්නෙ Charted Insurance Institute - London විසින්..USA පැත්තෙන් නම් වරලත් ජීවිත ප්‍රාරක්ෂක හෙවත්  Charted Life Underwriter (CLU).........British ආයතන  CI නාමයත්......USA ආයතන  CLU නාමයත් වැඩියෙන් පිලිගන්නවා...
CII Exam වලට ප්‍රෙවේශයක් හැටියට බොහෝදෙනා පටන් ගන්නෙ Insurance Institute of India විසින් පවත්වන විෂය 09 කින් සමන්විත විභාගය(AIII)....මේ විභාගයට යන වියදම අඩු වගේම  ACII වල විෂයන් 10 න් 4ක් අත අරින්න පුලුවන්....
.................................................................................................................................................................
අපි හිතමු රක්ෂණය ගන්න පුද්ගලයට දියවැඩියාව තියෙනව කියල...එතකොට කටයුතු කරන්නෙ මෙන්න මෙහෙමයි..

*   රක්ෂණ යෝජනා පත්‍රය සඳහන් කරුනු මත පුද්ගලයා පිලිබඳ දළ අදහසක් ලබා ගැනීම

*   රක්ෂිතයාගෙ ප්‍රතිකාර සටහන්,වෛද්‍ය වාර්තා,රෝග විනිශ්චය පත්(DT cards) ආදි ඔහුගෙ ලෙඩ රෝග
     සම්බන්ධ සියලු ලියකියවිලි ලබා ගැනීම හා අදාල ප්‍රශ්නාවලි ලබා ගැනීම

*   දියවැඩියා රෝගයේ වර්තමාන තත්වය දැනගැනීම සඳහා ආධාර වන වෛද්‍ය පරීක්ෂණ තීරණය කොට
     ඒ සඳහා යෝජකයා යොමු කිරීම

*   රෝග ඉතිහාස සටහන් මගින් වෙනත් රෝග තත්ව තිබුනේද,රෝහල්ගතවෙන අවස්ථාවේ තිබුනු රෝග 
     ලක්ෂණ,ලබා දුන් ප්‍රතිකාර ආදිය සොයාගැනීම
    (මේ සඳහා Medical Reports,DT cards කියවීමේ දැනුම අවශ්‍ය වෙනවා, Medical Abbrivations එහෙම        
      දැනගෙන ඉන්න ඕන )

*   ලබාගත් වෛද්‍ය වාර්තා, සහ ප්‍රශ්නාවලි මත වර්තමාන දියවැඩියා තත්වය තීරණය කිරීම

*   රැකියාව මත අවදානම ගණනය කිරීම(තිබේ නම්)

*   ආදායම මත ගෙවීමේ හැකියාව තීරණය කිරීම(Financial Underwiting)

*   ඉහත සියලු කරුණු මත ජීවිත අවදානම ගණනය කිරීම

*   ජීවිත අවදානම තක්සේරු කල පසු ආවරණය ලබා දිය යුතු ආකාරය තීරණය කිරීම

*   වෙනස්කම් සිදුවේ නම් ඒ සඳහා යෝජකයාගෙ එකඟතාව ලිඛිතව ලබා ගැනීම

*   අයකලයුතු වාරිකය ගණනය කිරීම

අවසාන තීරණය සටහන් කර අත්සන් තැබීමෙන් පසු රක්ෂණ ගිවිසුම බලගැන්වී එතැන් සිට ගිවිසුම ක්‍රියාත්මක වෙනවා..............

මේ තියෙන්නෙ අපි ගණනය කිරීම් වලට යොදාගන්න Tool එකක්
Additional diabetes mellitus-related factors:


Albuminuria (proteinuria):


< 2 mg/dl

No addition necessary
2 - 30 mg/dl or 30 - 299 mg per 24hrs or trace /+
(microalbuminuria)

Add +50 / +100
300 - 1000 mg per 24hrs or ++ / +++

CMO, add +150 up, maximum policy term 15 years, minimum 5 per M
> 1000 mg per 24 hrs or ++++

D
With urinary casts

CMO, usually D
Diabetic coma, (not hypoglycaemic coma), history of, single or multiple episodes:


Years since last episode:


< 1

P
> 1

CMO, add +50 up
Glycosuria, frequent/substantial (> 2%)

Add +50 up
Ketonuria (acetonuria)

P
Neuropathy

CMO
Renal disease (nephropathy)

CMO, add +150 up, consider D
Retinopathy:


Microaneurysms only

Add +25
Exudates

Add +50
Haemorrhages / proliferation

CMO, usually D



Additional major vascular risk factors:


*Hyperlipidaemia, hypertension and smoking: increase the sum of the additional debits by 50% with a minimum addition of +50, and add to the diabetes mellitus rating
Hyperlipidaemia

Add rating (see hypercholesterolaemia)*
Hypertension:


Rateable < +150

Add rating*
Rateable > +150

D
Smoking:


Cigarettes, per day:


< 20

Add +25 / +50*
> 20

Add +50 / +100*
Cigars / pipe

Add +25*
Other risk factors and associated impairments:


Alcohol, excessive

Add +50 up
Obesity

Add rating
ECG abnormalities

CMO, usually D
Family history of cardiovascular, cerebrovascular or renal disease in > 1 family members at age < 60

Add rating
Coronary artery, cerebrovascular or peripheral vascular disease

D

Life rating


ADB


TPD


WOP

+75

Std

2x

2x
+100

Std/1.5x

2x

2x
+125 / +150

2x

D

D
above +150

D

D

D



.ලි.

Underwriters ලට හොඳ පඩි තියෙනවා හැබැයි පිට රට...මෙහෙ කට්ටිය වඩිය අහලත් නැති ජොබ් එකක්නෙ...මෙහෙ ඉඳන්  Apply කලාට හරියන්නෙ නෑ..ජොබ් එක තියෙන රට ගිහින් Applyකලොත් මොනවා හරි කරගන්න පුලුවන්...මාත් මෙහෙ ඉඳන් Try එකක් දුන්න හරි ගියෙ නෑ....................උන් කියනව එහෙ එන්න කියල.............මේ ජොබ් එක දාල එහෙ ගිහින් දෙකම නැති උනොත්???...
UK වල පඩිය කීයද කියල පහත තියෙන Vacancy Note එකෙන් පේනවනෙ....

Medical Underwriter Life

  • City Of London, London
  • £44,000 - £50,000 per annum
  • Job type: Permanent, full-time
  • Date: 
  • Reference: 23564049







23 comments:

  1. "Underwriter හෙවත් යටලියන්නා "පැහැදිලි කිරිම අගය කරමි.හිතන් හිටියට වඩා අවබෝධයක් ලබා ගත්තෙමි.

    ReplyDelete
    Replies
    1. ආවට බොහොම ස්තූතියි, එහෙනම් මගෙ උත්සාහය සාර්ථකයි...

      Delete
    2. වැදගත්ම කාරණේ තමයි අපි සියලු තීරණ ගන්නෙ ගොඩක් වෙලාවට රක්ෂණ් යෝජකයව දකින්නෙත් නැතිවයි....

      Delete
  2. පිස්සු හැදෙයි ඉස්සෝ මැරෙයි කිව්වලු

    ReplyDelete
    Replies
    1. මේක බලලා පිස්සු හැදුන නම් අපිට කොහොම පිස්සු හැදෙන්න ඕනද බං.......හැබැයි හැම මාසෙම අන්තිම සතියෙ නම් පිස්සු හැදෙනවා ...........ඉස්සො නම් කොහොමටත් මැරෙනවා බං මීගමුවෙදි..නැත්නම් අපි ඉස්සො වඩේ,සී ෆුඩ් චොප්සි කන්නෙ කොහොමෙයි....

      Delete
  3. මං හිතුවේ අණ්ඩරයිටර් කියලා

    ReplyDelete
    Replies
    1. හැක්..හැක්...කිව්වත් වගේ පොඩ්ඩක් විතර අණ්ඩයා තමා...

      Delete
  4. මෙතන තීරණ ගැනීමට ගනුදෙනුකරු ලබාදෙන තොරතුරු වල නිවරද්‍යතාව වැදගත් වෙනවා නේද ? කලින් නොදැන හිටිය රැකියාවක් ගැන දන ගත්තා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම...."උපරිම විශ්වාසය"කියන රක්ෂණ මූලධර්ම අනුව පාර්ශව දෙකම සත්‍ය තොරතුරු ලබා දීමට බැඳී සිටිනවා...එය කඩ කලොත් ගිවිසුම අවලංගු වෙනවා...අවශ්‍යම අවස්ථාවකදි හැරෙන්නට Underwriter ගනුදෙනුකරුව දකින්නෙවත් නෑ..රක්ෂණ යෝජනා පත්‍රයෙ තොරතුරු මත තමයි මූලික තීරණ ගන්නෙ....ඒ හින්දා ගනුදෙනුකරු දෙන තොරතුරුවල නිවැරදිතාවය ඉතා වැදගත්....

      දැන් නම් ගනුදෙනුකරුට දුරකථනයෙන් කතා කරල යෝජනා පත්‍රයෙ තියෙන තොරතුරු තහවුරු කර ගන්නවා...ඒකට කියන්නෙ Teleunderwriting කියලා....

      Delete
  5. හොඳ දැනුමක් එක්කම තේරුම ලබාගත්තා , ස්තුතියි, නැත්තං හොටෝයේ කුනුහරුපයක් කියලා

    ReplyDelete
    Replies
    1. හෙහ්..උඹ හිතුවෙ අණ්ඩ වාතය වගේ එකක් කියලද....

      Delete
  6. තැන්කුයි ඈ වැඩේට.. මට නං උඹ ගැන තේරෙන ටික ඇති. “අන්ඩලියන්නා“. හැක්..

    ReplyDelete
    Replies
    1. දැන් උඹට මං ගැන තේරෙන ටික මොනවද?? හීනියට පොඩි කින්ඩි පාරකුත් යනවද මන්ද...

      Delete
    2. පිස්සුද බං මම කිව්වේ අන්ඩර්රයිටර්ල ගැන. උං මහා කට්ටයෝ

      Delete
    3. මොක්කු කිව්වා???

      Delete
  7. undertaker නොවී underwriter වෙච්ච එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. Undertaker වෙන්න වෙන වෙලාවලුත් තියෙනව...

      Delete
  8. underwear එක ගහගෙන නේද වැඩේ කරගෙන යන්නෙ...හොදා හොදා ජයම වෙන්ට ඕනෙ....

    ReplyDelete
    Replies
    1. Underwear නැතිව හරි හරියට Underwrite නොකලොත් කොහොමත් Underwear එක නැතිව තමා ඉන්න වෙන්නෙ...සිරාටත් ජයම වේවා...

      Delete
  9. මේ පෝස්ට් එක මට මග හැරිලා... සෑහෙන වටිනා ජොබ් එකක්නේ ... මන් නම් කියන්නේ රිස්ක් එක අරගෙන යන්න පිට රට.... වරදින්න හේතුවක් නැහැනේ...

    ReplyDelete
    Replies
    1. ඔව් සහන්...වගකීම වැඩියි....රට ගියොත් නම් ගොඩ තමයි..එත් අඳුණන කෙනෙක් නැතිව පිට රට මේ වගේ ජොබක් සෙට් කර ගන්න හරි අමාරුයි...

      Delete
  10. සෙල්ලංද කොල්ලෝ කිව්වලු. අවදානම් ගණනය තරම් අවදානම් වැඩක් තවත් නෑ! මේ ගැන ලිව්වට ස්තූතියි මචෝ! අලුත් දෙයක් ඉගෙනගත්ත.

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා....ඔක්කොගෙම අවදානම අන්තිමට Underwriter ගේ කරේ තමයි....
      ආවට බොහොම ස්තූතියි.....

      Delete