මං ගැන ඇහැ ගහන් ඉන්න අය..

Thursday, September 19, 2013

කවුද මේ අන්ඩරයිටර්.??....

  

ගොඩක් අය අන්ඩරයිටර් කිව්වට මෙකේ තේරුම මොකද්ද කියල දන්නෙ නැති බවයි පේන්නෙ...ඒ හින්දා තමයි මෙහෙම් පෝස්ට් එකක් දාන්න හිතුනෙ.................අන්ඩරයිටර් ට සිංහල වචනය තමයි ප්‍රාරක්ෂකයා.....
මම පහසුවට Underwriter කියල භාවිතා කරන්නම්......Underwriter ල කොටස් කිහිපයකට බෙදෙනවා ඔවුන් ප්‍රවීණතාව දක්වන එක් එක් ක්ෂේත්‍ර අනුව........ඒවායින් කිහිපයක් තමයි මේ..

1.  Life Insurance Underwriter   
2.  Genaral Insurance Underwriter
     (Marine,Vehicle,Fire,Property)
3.  Bank Underwriter
     (Mortgage UW, Loan UW)
4.  Casualty Underwriter......etc

Insurance Underwriters click here to more.....

ප්‍රාරක්ෂණ ක්‍රියාවලිය සංකීර්ණ හා දීර්ඝ ක්‍රියාවලියක් හින්ද මම බොහොම කෙටියෙන් ඒ ගැන කියන්නම්...
මම සේවය කරන්නෙ  Life Underwriter කෙනෙක් හැටියට හින්ද මම ඒ ගැන තමයි කියන්න යන්නෙ.........



What Insurance Underwriters Do click here to more...

Life Underwriter කෙනෙක්ගෙ ප්‍රධානම කාර්යයන් තමයි ජීවිත රක්ෂණයක් ලබා ගන්න පුද්ගලයාගෙ ජීවිතයට තියෙන අවදානම තක්සේරු කිරීම(Human Life Risk),එම අවදානම භාර ගන්නවාද නැතිනම් ප්‍රතික්ෂේප කරනවාද යන්න තීරණය කිරීම(Accepting or Decline)......වැඩි බර යොදා ගන්නෙ  සෞඛ්‍ය තත්වයට...වෛද්‍ය පරීක්ෂණ මත තමයි ඉහත තීරණ ගන්නෙ...මෙතනදි  Doctor කෙනෙක්ටත් වැඩිය හොඳට Life Underwriter අදාල රක්ෂණ යෝජකයාගෙ සෞඛ්‍ය තත්වය විශ්ලේෂණය කරනවා වෛද්‍ය වාර්තා පරීක්ෂා කරල...මොකද අපි දැන් දෙන තීරණය අවු 10 සිට 35 දක්වා කාලයකට වලංගු වෙන්න ඕන.....අපි තක්සේරු කරන්න ඕන දැන් තියෙන සෞඛ්‍ය තත්වය ඉදිරි කාලයට බලපාන්නෙ කොහොමද කියලා...මොකද රක්ෂණ වාරිකය අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් වෙන්නෙ නැහැනෙ...


මෙන්න මෙතනදි අපි මෙන්න මෙහෙම ක්‍රියාවලියක් භාවිතා කරනවා...

1.   වර්ගීකරණය                 -  Classification
2.   ඇගයුම්කරණය             -   Evaluation
3.   තක්සේරුකරණය          -   Assessment/Rating
4.   අවසාන තීරණය ගැනීම  -   Making Final Decision

මේවාත් තව Sub වලට බෙදෙනවා... .................පැහැදිලි කරන්න පහසු හින්දයි මම කොටස් 04 කට බෙදුවෙ


රක්ෂණය ලබා ගන්න පුද්ගලයාගෙ ජීවිතයට තියෙන විවිධ අවදානම් මත..ඒ කියන්නෙ සෞඛ්‍ය,වෘත්තීය ආදිය මත මේ ක්‍රියාවලිය වෙනස්වෙන්න පුළුවන්...


Underwriter තමයි ආයතනය වෙනුවෙන් යෝජකයා සමග රක්ෂණ ගිවිසුමට අත්සන් තබන්නෙ...සුදුසුකම් ලත් Underwriter කෙනෙක් අත්සන් කරනකන් රක්ෂණ ගිවිසුමක් වලංගු වෙන්නෙ නෑ..වෙන කාටවත් අත්සන් කරන්න බලයකුත් නෑ...ඒ වගේම අවසාන තීරණය හා රක්ෂණය කරන අවදානම අතර මනා සමබරතාවයක් තිබිය යුතුයි...

Underwriting Desicion එකක් ගනිද්දි අවදානම හරියටම ගණනය කරල ඒ සඳහ නියමිත වාරිකයම ගන්න ඕන..වැඩි පැත්තට ගියොත් Customer පාඩුයි...අඩු පැත්තට ගියොත් Company  යට පාඩුයි....රක්ෂණ යෝජනා ප්‍රතික්ෂේප කලොත් ආයතනයට Business නැතිව යනවා...වැඩි අවදානමක් භාරගත්තොත් වැඩියෙන් හිමිකම් ගෙවන්න වෙනවා...
ක හින්දා ආයතනයෙ ලාභ අලාභ වලට Underwriter ගෙ තීන්දු තීරණ කෙලින්ම බලපානවා... මේ ජොබ් එක ටිකක් අවදානම්....වැරදි තීන්දුවක් දුන්නොත් ලක්ෂ ගාණක පාඩුවක් වෙන්න පුලුවන්...සත්‍ය කරුනු වසන්කරල ,ලෙඩ රෝග හංගල රක්ෂණ ඉල්ලුම් කරන්නත් පුලුවන්..ඒව ගැන හොඳ අවධානයෙන් ඉඳලා හොයාගන්න එකත් Underwriter ගෙ රාජකාරියක්................

අනික Underwriting Audit Team එකකින් හා Reinsurance Audit Team එකකින් මේ තීරණ  පරීක්ෂාවට ලක්වෙනවා.....




Underwriters ලාට UK වල තියෙන අවසානම  පදවි නාමය තමයි "වරලත්  රක්ෂණකරු" හෙවත් Charted Insurer (CI).  මේක ප්‍රදානය කරන්නෙ Charted Insurance Institute - London විසින්..USA පැත්තෙන් නම් වරලත් ජීවිත ප්‍රාරක්ෂක හෙවත්  Charted Life Underwriter (CLU).........British ආයතන  CI නාමයත්......USA ආයතන  CLU නාමයත් වැඩියෙන් පිලිගන්නවා...
CII Exam වලට ප්‍රෙවේශයක් හැටියට බොහෝදෙනා පටන් ගන්නෙ Insurance Institute of India විසින් පවත්වන විෂය 09 කින් සමන්විත විභාගය(AIII)....මේ විභාගයට යන වියදම අඩු වගේම  ACII වල විෂයන් 10 න් 4ක් අත අරින්න පුලුවන්....
.................................................................................................................................................................
අපි හිතමු රක්ෂණය ගන්න පුද්ගලයට දියවැඩියාව තියෙනව කියල...එතකොට කටයුතු කරන්නෙ මෙන්න මෙහෙමයි..

*   රක්ෂණ යෝජනා පත්‍රය සඳහන් කරුනු මත පුද්ගලයා පිලිබඳ දළ අදහසක් ලබා ගැනීම

*   රක්ෂිතයාගෙ ප්‍රතිකාර සටහන්,වෛද්‍ය වාර්තා,රෝග විනිශ්චය පත්(DT cards) ආදි ඔහුගෙ ලෙඩ රෝග
     සම්බන්ධ සියලු ලියකියවිලි ලබා ගැනීම හා අදාල ප්‍රශ්නාවලි ලබා ගැනීම

*   දියවැඩියා රෝගයේ වර්තමාන තත්වය දැනගැනීම සඳහා ආධාර වන වෛද්‍ය පරීක්ෂණ තීරණය කොට
     ඒ සඳහා යෝජකයා යොමු කිරීම

*   රෝග ඉතිහාස සටහන් මගින් වෙනත් රෝග තත්ව තිබුනේද,රෝහල්ගතවෙන අවස්ථාවේ තිබුනු රෝග 
     ලක්ෂණ,ලබා දුන් ප්‍රතිකාර ආදිය සොයාගැනීම
    (මේ සඳහා Medical Reports,DT cards කියවීමේ දැනුම අවශ්‍ය වෙනවා, Medical Abbrivations එහෙම        
      දැනගෙන ඉන්න ඕන )

*   ලබාගත් වෛද්‍ය වාර්තා, සහ ප්‍රශ්නාවලි මත වර්තමාන දියවැඩියා තත්වය තීරණය කිරීම

*   රැකියාව මත අවදානම ගණනය කිරීම(තිබේ නම්)

*   ආදායම මත ගෙවීමේ හැකියාව තීරණය කිරීම(Financial Underwiting)

*   ඉහත සියලු කරුණු මත ජීවිත අවදානම ගණනය කිරීම

*   ජීවිත අවදානම තක්සේරු කල පසු ආවරණය ලබා දිය යුතු ආකාරය තීරණය කිරීම

*   වෙනස්කම් සිදුවේ නම් ඒ සඳහා යෝජකයාගෙ එකඟතාව ලිඛිතව ලබා ගැනීම

*   අයකලයුතු වාරිකය ගණනය කිරීම

අවසාන තීරණය සටහන් කර අත්සන් තැබීමෙන් පසු රක්ෂණ ගිවිසුම බලගැන්වී එතැන් සිට ගිවිසුම ක්‍රියාත්මක වෙනවා..............

මේ තියෙන්නෙ අපි ගණනය කිරීම් වලට යොදාගන්න Tool එකක්
Additional diabetes mellitus-related factors:


Albuminuria (proteinuria):


< 2 mg/dl

No addition necessary
2 - 30 mg/dl or 30 - 299 mg per 24hrs or trace /+
(microalbuminuria)

Add +50 / +100
300 - 1000 mg per 24hrs or ++ / +++

CMO, add +150 up, maximum policy term 15 years, minimum 5 per M
> 1000 mg per 24 hrs or ++++

D
With urinary casts

CMO, usually D
Diabetic coma, (not hypoglycaemic coma), history of, single or multiple episodes:


Years since last episode:


< 1

P
> 1

CMO, add +50 up
Glycosuria, frequent/substantial (> 2%)

Add +50 up
Ketonuria (acetonuria)

P
Neuropathy

CMO
Renal disease (nephropathy)

CMO, add +150 up, consider D
Retinopathy:


Microaneurysms only

Add +25
Exudates

Add +50
Haemorrhages / proliferation

CMO, usually D



Additional major vascular risk factors:


*Hyperlipidaemia, hypertension and smoking: increase the sum of the additional debits by 50% with a minimum addition of +50, and add to the diabetes mellitus rating
Hyperlipidaemia

Add rating (see hypercholesterolaemia)*
Hypertension:


Rateable < +150

Add rating*
Rateable > +150

D
Smoking:


Cigarettes, per day:


< 20

Add +25 / +50*
> 20

Add +50 / +100*
Cigars / pipe

Add +25*
Other risk factors and associated impairments:


Alcohol, excessive

Add +50 up
Obesity

Add rating
ECG abnormalities

CMO, usually D
Family history of cardiovascular, cerebrovascular or renal disease in > 1 family members at age < 60

Add rating
Coronary artery, cerebrovascular or peripheral vascular disease

D

Life rating


ADB


TPD


WOP

+75

Std

2x

2x
+100

Std/1.5x

2x

2x
+125 / +150

2x

D

D
above +150

D

D

D



.ලි.

Underwriters ලට හොඳ පඩි තියෙනවා හැබැයි පිට රට...මෙහෙ කට්ටිය වඩිය අහලත් නැති ජොබ් එකක්නෙ...මෙහෙ ඉඳන්  Apply කලාට හරියන්නෙ නෑ..ජොබ් එක තියෙන රට ගිහින් Applyකලොත් මොනවා හරි කරගන්න පුලුවන්...මාත් මෙහෙ ඉඳන් Try එකක් දුන්න හරි ගියෙ නෑ....................උන් කියනව එහෙ එන්න කියල.............මේ ජොබ් එක දාල එහෙ ගිහින් දෙකම නැති උනොත්???...
UK වල පඩිය කීයද කියල පහත තියෙන Vacancy Note එකෙන් පේනවනෙ....

Medical Underwriter Life

  • City Of London, London
  • £44,000 - £50,000 per annum
  • Job type: Permanent, full-time
  • Date: 
  • Reference: 23564049







Tuesday, September 10, 2013

මුවා ඉන්නවද???



කතන්දර මාමාගෙ(මං තාම පොඩියි හරිය ) ජෝක් ටික දැක්කම මට මේක මතක් උනේ...අපි  AL කරන කාලෙ මල ගෙවල් , සංගීත , කානිවල්හොය හොය යන්නෙ...ඉතින් ඔහොම රවුං ගහල ඇති උනාම පාන්දර 1-2 වෙද්දි එක තැනකට වෙලා අපිට දිරවන්නෙ නැති කාව හරි  බයිට් කරනවා ෆෝන් එකෙන්..... වැඩිපුරම බයිට් කලේ අංකල් ලව........... කාලෙ තිබුනෙ Motorola Startac flip model ෆෝන් එකක්..............
අර ariel  එක දිගාරින්න තියෙන්නෙ...


ඔන්න දැන් අපි කතා කරනවා...

අංකල්                     :               හෙලෝ...

අපි                           :              හෙලෝ..මුවා ඉන්නවද.....

අංකල්                     :               මොකා.....

අපි                           :              මුවා....මුවා...අර අං තියෙන්නෙ...

අංකල්                     :               මොන මුවෙක්ද ඕයි..මොකාද ඔය කතා කරන එකා..

අපි                           :              මම මේ තිස්ස....

අංකල්                     :               තිස්ස ...මොන තිස්සද???

අපි                           :              තිස්ස...තිස්ස...දේවානම් පිය තිස්ස....රජ්ජුරුවෝ..

අංකල්                     :               ඈ..................................................

අපි                           :              ඔව් අංකල්....බලන්නකො මම මුවාට විදින්න මුවා පස්සෙන් එලවගෙන ආවා..
          ඌ පැනගත්තනෙ...මුවාව දැක්කොත් මට කෝල් එකක් දෙන්න  OK...


මෙහෙම කියලා කෝල් එක කට් කරනවා...දැන් අපෙ අංකල් පාන්දර නිදිමතේ ඉද්දි ආපු කෝල් එකෙන් අන්ද මන්ද වෙලා මොකද යකඩෝ මේ උනේ කියල කල්පනා කර කර ටික වෙලාවක් ඉන්නවා කියල අපි ඉතින් අත්දැකීමෙන්ම දන්නවා...........විනාඩියක් යන්න ඇරලා අපි ආයෙත් ගන්නව...............


අංකල්                     :                හලෝ.. (ටිකක් සැරෙන්)

අපි                           :               අනෙ අංකල්..මම මේ මුවා කතා කරන්නෙ...රජ්ජුරුවෝ ඇහුවොත් මාව
           දැක්කෙ නෑ කියන්ඩ OK...


අන්න එතකොටම අන්කල්ගෙ චුට්ටන් මොලේට දැනෙනවා තමන් කාගෙ හරි නයිලෝන් ලනුවක් කෑවා කියල...එතකොටම අන්කල් ගෙ  ශ්‍රී මුඛයෙන් :

තොගෙ *^$%@#!)......................................................ඉතුරුවා කියන්න ඕන නැහැනෙ....



.ලි.
 මේකෙම තව Version එකක් තියෙනවා...ඒකෙදි අපි උපාසක ඇත්තන්ට තමා කතා කරන්නෙ...හාමුදුරුවොයි.... ඇතා යි...



Sunday, September 8, 2013

මම හරිද වැරදිද??? නැත්නම් අපි හරිද වැරදිද???







පහුගිය කාලය හරිම අවිවේකී උනා... Exam, New Projects,අසනීප,අනුන්ගෙ ප්රශ්න(මටත් තියෙනව,හැබැයි පොදුවෙ ඔක්කොටම තියෙන ඒව තමයි )මොනව උනත් බබා එක්ක ගතකරන කාලය අඩු කරන්න බෑනෙ.. හින්ද බ්ලොගය,මූනු පොත මග ඇරුන......ඔය ඔක්කොම එක්ක සමහර අවස්ථා වලදි මාව ටිකක් පටලැවුන.....සමහර ප්‍රශ්න  එක්ක හා පුද්ගලයන් එක්ක ගනුදෙනු කරද්දි....මට  හිතන්න උනා මෙන්න මේ ගැන...

1.තමන් කරන දේවල් හරිද වැරදිද කියල මනින්නෙ කොහොමද....??

තමන්ගෙ පැත්තෙන් නම් හැමවෙලෙම හරිනෙ...


තමන්ගෙ හෘද සාක්ෂිය අනුවද(හිතට එකඟව)..........???
අනිත් අය ගැන කියන දේවල් වලින්ද..................???
වැඩි දෙනා කියන දේවල් වලින්ද(බහුතර මතය ).....???
සමාජය පිළිගන්න සම්මත ආකාරයකින්ද................???
නීතියට අනුවද...................................................... ???

මොකද්ද හරි විදිය...මේ කරුනු ඔක්කොම එකපාර තෘප්ත කරන්න පුලුවන්ද???

මොකද එක්තර ගැටළුවකදි මට අහන් ඉන්න උනු කතා වල හැටියට පාර්ශව දෙකම හරි. (මමම කරල දුන්නු හොඳක් තමා පස්සෙන් එලෙව්වෙ )...ඒත් මම උඩ අහල තියෙන  ප්‍රශ්න ටික අනුව ඒව දෙපැත්තට බෙදෙනව...සමහර කරුනු තමන්ට අනුව හරි...ඒත් අනුන්ට වැරදියි...සමහර ඒව මිනිස්සු හැටියට හරි..එත් සදාචාරාත්මකව වැරදියි... හරිම  ප්‍රශ්නෙකට තමා මම පැටලුනෙ...ඔක්කොම කට්ටිය තම තමන්ගෙ අදහස් ටික තමන්ගෙ පැත්තට වාසි විදියට කියල මා දිහා බලන් ඉන්නව... පෞද්ගලික  ප්‍රශ්නෙ සමාජ ප්‍රශ්න දක්වා දුර දිග ගියා ...හැමෝගෙම කතා වලත් ඇත්තක් තියෙනව.. හින්ද තත්වය හරිම සීරියස් උනා....කාගෙවත් පැත්තක් ගන්න විදියකුත් නෑ..මං දෙන උත්තරේ අනුව තමා පවුලක ඉරණම තීරණය වෙන්නෙ... එක පැත්තක් නතර කරද්දි අනෙක් පැත්ත පටන් ගන්නව..මේ යක්කු ඔක්කොම කරුනු කියන්න වෙන්වෙන පැත්තටමනෙ...ප්‍රශ්නෙ විසඳෙන පැත්ත එක Point එකක් දෙන්නෙ නෑනෙ.....අන්තිමට මට ඉතුරු  උනෙ...ආගම විතරයි...බුදු හාමුදුරුවො හරි ...ජේසු තුම හරි..කවුරු උනත් ආගමක, ධර්මයක කියල දෙන මූලික යහ පැවැත්මෙ කරුනු අනුව ජීවත් උනානම් කිසිම ගැටළුවක් අතිවෙන්නෙ නෑ...කාගෙ කාගෙත් කරුනු ආගම ධර්මයට අනුව නම් වැරදියි කියල තමයි ජාමෙ බේරගත්තෙ...හොඳ වෙලාවට කතාවට කවුරුත් විරුද්ධ උනේ නෑ... එතනින් එහාට කතා කරන්න  දෙයක් නැතිඋන හින්ද දෙපර්ශවයටම සාමදාන වෙන්න උනා... මමත් බේරුනා.... 

කොහොම උනත් කාට කාටත් දෙවියො බුදුන් මතක් වෙන්නෙ තමන්ට කෙලවෙනකොට විතරයි නෙ.............

2.ගැටලුවකදි අපි ක්‍රියා කල යුත්තෙ මොන ආකාරයෙන්ද???

මෙතනදි මට හිතෙන හැටියට ගැටළු වලදි විවෘත මනසකින් ඒ දිහා බලන එක තමයි හොඳම දේ , නමුත් නොවෙන්නෙත් ඒකමයි.... එත් හැමතැනටම ගැලපෙයිද මන්දා?? තමන්ගෙ මහත්තයගෙ හරි නෝනගෙ හරි අනියම් සම්බන්ධයක් වගේ අවස්තාවකදි මොන විවෘත මනසක් ද නේද??  විවෘත මනසකින් බලනව කිව්වට ඒකෙත් හරිම නිර්වචනය මොකද්ද...මොකද මම අදහස් කරන දේ නොවෙන්න පුලුවන් ෙවන අයට තියෙන්නෙ.. මගෙ නම් අදහස මේකයි...හැමදේම එකවරම ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ , භාරගන්නෙත් නෑ..නමුත් රඳව ගන්නෙ අවශ්‍ය දේ පමණයි සාධාරණ කරුනු මත...ඒ වගේම යාවත් කලීන වෙනවා..මොකද පහු ගිය කාලෙට ගැලපුනු දේවල් දැන් ගැලපෙන්නෙ නැතිවෙන්න පුලුවන් හින්ද...

ගැටළුවකට උදාහරණයක් හැටියට ගණිකාවක් අර ගත්තොත් හැම පැත්තෙන්ම වැරදියි,ආගමෙන්වත් ගැලවිල්ලක් නෑ... ඒත් ඇත්තටම ඇය ගණිකාවක් බවට පත් උනේ ඇයි...දිගටම මේ රැකියාවෙ යෙදෙන්නෙ ඇයි... කියල හොයල බැලුවොත් සමහරවිට හරිම සංවේදී කතාවක් අහගන්න පුලුවන් වෙයි....සමහර විට සැමිය නැතිව දරුවො ජීවත් කරනව වෙන්න පුලුවන්....සමහර බක පණ්ඩිතයො නම් කියනව ඕක නැතිව වෙන තව කොයිතරම් දේවල් කරන්න තියෙනවද කියල...තියෙනව තමා ඒත් කවුද ඒවට උදව් කරන්නෙ...හරියට උන් කරනව වගෙ...උස්සන්න පුලුවන් නම් මොනව හරි කරල දෙයි...හොයාගෙන ඇවිල්ල සල්ලි දීල යන්නෙ වෙන මොන රස්සාවෙද...ගොඩක් අය සමාජයට පේන්න දවල්ට බනිනවා තමන් සුදන කියල පෙන්නන්න...රෑට ගණිකාවො ලඟට යන්නෙත් ඒ අයම තමා...... තමනුත් වැරැද්ද කරන ගමන් ..අනෙකට බනිනව ඒ වැරැද්දම කරනව කියල..ඒක කොයි තරම් සාධාරණද??

ඉතින් ඔය වගේ තව හුඟක් සමාජ ගැටලු වල ඇතුලාන්තය ඔහොම තමා...ඒත් ඉතින් දැන් ඔය වගේ ප්‍රශ්න ගැන ගැඹුරින් හොයල බලල කටයුතු කරන්න හැමෝටම පුලුවන්ද තමන්ගෙ ප්‍රශ්න ටිකවත් බලාගන්න බැරිව.. අනික අනුන්ගෙ පවුල් ප්‍රශ්න විසඳන්න ගිහින් තමන්ගෙ පවුලෙ ප්‍රශ්න හදා ගත්ත අය ඕන තරම් මම දැකල තියෙනව....එත් සමාජය වෙනුවෙනුත් අපිට වගකීමක් තියෙනව මට හිතෙන හැටියට...


ඉතින් මොකද්ද අපි කරන්න ඕන...

1. අනුන්ගෙ ඒවා අපිට වැඩක් නෑ අපේ වැඩ ටික ගැන බලමු
2. අපේ වැඩ පාඩු උනත් කමක් නෑ අනිත් අයගෙ ප්‍රශ්න විසඳමු
3. අපෙ වැඩ කරගන්න ගමන් අනිත් අයගෙ වැඩ වලටත් සහය වෙමු...
4...?..........................................................................................

4. ට මොනව හරි යෝජනා එහෙම තියෙනවද????

අපි හරිද වැරදිද කියල දැනගන්නෙ කොහොමද???

හැබැයි මොනවා උනත් තමන්ට තමන් හරහට හිටින දවසට නම් දෙවියන්ටත් කොරන්න දෙයක් නෑ



ප.ලි

බ්ලොග් අවකාශයෙදි මම දැකල තියෙනව සමහර අය මොකක් හරි ප්‍රශ්නයක් අල්ලගෙන ලෝකෙටම තියෙන්නෙ ඒ ප්‍රශ්නෙ විතරක් වගෙ එලෝ මෙලෝ නැතිව තර්ක විතර්ක දාල හොඳට හිටපු එවුනුත් තරහ කරගෙන ,තමන්ගෙ හිතත් සවුත්තු කරගන්න...මොකටද???...තමන්ගෙ පූර්ව නිගමන  ඔප්පු කරන්න යන්නෙ නැතිව  කාලීන තත්වයන් සමග ගලපල බලල කරුනු කාරන ඉදිරිපත් කල නම්  තමන්ගෙ ප්‍රශ්නයි සමාජයේ ප්‍රශ්නයි බොහො දුරට අඩු කරගන්න පුලුවන් වෙයි... එහෙම බලද්දි  තාම කවුරුවත් බ්ලොග් අවකාශයෙ නියම ප්‍රයෝජනය අරන් නැති බවයි මගේ හැඟීම... මොකද සමාජයට අවශ්‍ය තනි පුද්ගලයකුගෙ අවශ්‍යතා සපිරෙන විසඳුම් නොවෙන නිසා...