මං ගැන ඇහැ ගහන් ඉන්න අය..

Friday, May 31, 2013

නිහඬ මාරයා2....

ගර්භනී අවස්ථාවන්හිදී ඇතිවන දියවැඩියාව - GDM


මෙම දියවැඩියාව දෙවැනි වර්ගයේ දියවැඩියාවට සමාන ඊට ලඟින් යන තත්වයක් දියවැඩියාව ඇතිවීමට නැඹුරුතාවයක් ඇති මවුවරුන්ගේ ගර්භනී අවස්ථාවන්හිදී නිපදවන හොමෝන වර්ග ඉන්සියුලීන් හොමෝනයට ප්රතිරෝධතාවයක් දැක්වීම නිසා තමා GDM හැදෙන්නෙ. GDM නිසා ගර්භණී අවස්ථාවන්හිදී ඇතිවන සංකූලතාවයන් ඉහළ නංවන අතර ගර්භනී තත්ත්වයන් දියවැඩියාව ඇති මවුවරුන්ගේ දරුවන්ට අනාගතයේ දී දියවැවියාව ඇතිවීමේ නැඹුරුවක් තියෙනවා.ගර්භනී දියවැඩියාව බොහෝ විට දරුප්රසූතියෙන් පසුව පහවී ගියත් සමහර අයගෙ එහෙම වෙන්නෙ නෑ...එතකොට ඒක Type1 DM  හෝ Type2 DM බවට පත්වෙනවා.

 දියවැඩියාව තියෙන අයට ඇතිවන සංකූලතා...
 දියවැඩියාව දියවැඩියාව හින්ද මුලු ඇඟම ලෙඩ වෙනවා.... සංකූලතා (complications) ගොඩයි. බැරෑරුම් දීර්ඝකාලීන සංකූලතාවයන් කිව්වොත් රුධිර සංසරණ පද්ධතියේ රෝගී තත්ත්වයන්, වකුගඩු අඩපණ වීම, ස්නායු දුර්වල වීම , කුඩා රුධිර වාහිණී වල හානිවීම නිසා සිදුවන පිරිමින්ගේ පුරුෂ ශක්තිය හීනවීයාම, දෘෂ්ටිවිතානයට හානිවීම හා අවසාන වී අන්ධතාව ඇතිවීම, හා තුවාල සුවවීම ප්රමාද වීම, තුවාල ඔඩුදිවීම(මේ නිසා සැත්කමක් මගින් පාදය කපා ඉවත්කිරීමට පවා සිදුවෙන්න පුලුවන්).

දියවැඩියාව පාලනය කරන හැටි....
ආහාර පාලනය, බර අඩු කරගැනීම හා දෛනික ව්‍යායාම මඟින් පමණක් දියවැඩියාව පාලනය කල නොහැකි නම් සාමාන්‍යයෙන් රුධිර සීනි මට්ටම පාලනයට ඖෂධ නියම කරයි.

මෙම ඖෂධ hypoglycemic agents, oral hypoglycemics හෝ oralagents ලෙස හැඳින්වේ. මෙම ඖෂධ භාවිතයෙන් ප්‍රතිකාර කිරීම Oral therapy නම් වේ.

වැඩිපුර දන්න බේත් තමා Metformin හා Daonil 


පළමු පෙළ ඖෂධ (First generation drugs)
1. Acetohexamide                2. Chlorpropamide     
              
3. Tolazamide                      4. Tolbatamide    

                    
දෙවන පෙළ ඖෂධ (Second generation drugs )

1. Glyburide                              2. Glipizide       



                        
කොහොම උනත් දියවැඩියාව හදගන්න එකෙන් වැලකීමට හා තියෙන දියවැඩියාව පාලනයට, කරන්න තියෙන හොඳම දේ තමා කට පරිස්සම් කරගැනීම.......

Monday, May 20, 2013

නිහඬ මාරයා1... ඔව්..ඔව්.. එයා තමා....


ඇත්තටම කවුද මේ නිහඬ මාරයා???

එයා කිව්වට මේක ලෙඩක්...නිකම්ම නිකම් ලෙඩක් නෙමේ ලෙඩ වාට්ටුවක්...සාමාන් භාවිතයෙදි කියන්නෙ සීනි අමාරුව කියල...දැන් දන්නවනෙ මොකද්ද කියල...හරි දියවැඩියාව තමා....මේක අපි ඉංග්රීසියෙන් Diabetes කිව්වට දියවැඩියාව රෝගයේ ප්රධානව ආකාර දෙකක් තියෙනව... හරිම නම් දෙක  තමා ..

  1. Diabetes Insipidus  - DI
  2. Diabetes Mellitus    - DM

බහුලව තියෙන්නෙ DM හින්ද අපි ගැන කථා කරමු. Diabetes Mellitus... මේක ග්‍රීක් වචනයක්.  Diabetes කියන වචනෙ තේරුම "අධිමාත්‍රා මුත්‍ර පිටවීම"...එතකොට Mellitus කියන්නෙ "මී පැනි මෙන් රසවත්" කියන එක. දැන් ............වාගේ ටිකක් තේරුනා නේද?    එතකොට කියන්නෙ පැනි රහට මුත්‍ර යන එකටද????      පැනි රහයි කියල දැනගත්තෙ බීල බලලද??? දැන් ඉතින් ඔය වගෙ ගොන් ප්‍රශ්න නම් අහන්න එපා... දියවැඩියාව රෝගීන්ගෙ මුත්‍ර වලට කූඹි එනව කියල දන්නවනෙ.දන්නෙ නැත්නම් දැන් දැනගන්න. ග්‍රීක් තේරුම එහෙම උනාට කියන්නෙ සංකීර්ණ රෝගයක්. අර පලමුවෙනි එකෙ Insipidus කියන්නෙ "මෙලෝ රහක් නෑ(without taste)" කියන එක.

Diabetes Mellitus රෝගයත් ආයෙත් ප්‍රධාන ආකාර තුනකට බෙදනවා.පහල තියෙන්නෙ ඒවා තමයි.


1.Type 1 - Insulin Dependent Diabetes Mellitus (IDDM)

2.Type 2 - Non-Insulin Dependent Diabetes Mellitus (NIDDM)

3.Gestational Diabetes Mellitus (GDM) - ගර්භනී අවස්ථාවන්හිදී ඇතිවන දියවැඩියාව


මේ අතරිනුත් බහුලව තියෙන්නෙ Type 1-DM හින්දා ඉස්සෙල්ලාම අපි ඒ ගැන දැනගනිමු.

දියවැඩියාව ශරීරයේ පරිවෘත්තීය ක්රියාවන්හි අක්රමිකතාවයක්(Metabolic Disorder) නිසා අග්න්යාසයේ බීටා සෛල වලින් ඉන්සියුලීන් නම් හොමෝන නිපදවීමට නොහැකිවීම නිසා ඉන්සියුලින්  අවශ් ප්රමානයට නොලැබීමෙන් රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. .

සරලවම කිව්වොත් අපෙ ශරීරය දුවන්නෙ අපි කන කෑම සීනි අණු(Glucose) වලට හරවල ඒවා සෛල වලට යවල..එතකොට තමා සෛල වැඩ කරන්නෙ... ඉතින් මේ සීනි අණු වලට නිකම්ම සෛල වලට ඇතුල්වෙන්න බෑ...හරියට ගෙදරකට ඇතුල් වෙනව වගෙ දොර ඇරගෙන යන්න ඕන...දොර අරින්න යතුරකුත් එපායැ...අන්න එතනදි තමා Insulin ඕන වෙන්නෙ...මෙතනදි Insulin දොරෙ යතුර විදියට වැඩ කරනවා...
ඉතින් මම ඉස්සෙල්ල කිව්ව වගෙ Insulin අවශ්‍ය ප්‍රමාණයට නොලැබුනොත් වෙන්නෙ සීනි අණු වලට සෛලවලට ඇතුල් වෙන්න බැරිව ලේ වල එකතුවෙන එකයි...එතකොට තමා ලේ වල සීනි වැඩියි කියන්නෙ... මේ වැඩි වෙච්ච සීනි ප්‍රමාණය සාමාන්‍ය තත්වයට පත්වෙන්නෙ  නැතිව කාලයක් ගත උනාම තමා දියවැඩියා තත්වයක් කියල හඳුන්වන්නෙ..



තමන්ට දියවැඩියාව කියල හොයාගන්නෙ කොහොමද???

බොහෝ දෙවන වර්ගයේ දියවැඩියා ඇති රෝගීන්ට අධික ලෙස මුත්රා පිටවීම, අධිකව පිපාසය ඇති වීම සහ අධිකව බඩගින්න ඇතිවීම , ඇස් පෙනීම දුර්වල වීම හා ඇග පතෙහි ඇතිවන තෙහෙට්ටුව, ස්නායු දුර්වල වීම, තුවාල සුව වීමට කල්ගත වීම, ඇතැම් අක්ෂි රෝග, ඇතැම් දීලිර ආසාදන යන  ලක්ෂණ  ඇතිවෙනවා.

හරියටම හොයාගන්න නම් වෛද්‍ය පරීක්ෂණ කරල බලන්න ඕන. මේ තියෙන්නෙ ඒ පරීක්ෂන තුනක් හා දියවැඩියා තත්වයකදී එවායෙ අගයන්..
·                    නිරාහාරව සිට ලබාගන්නා රුධිර ග්ලූකෝස් මට්ටම (FBST)126 mg/dl (7.0mmol/l) හෝ එයට වඩා වැඩි අගයක් ඇති අවස්ථා වලදී.
·                    ග්රෑම් 75 ක් ග්ලූකෝස් පානයට ගෙන පැය දෙකකට පසු රුධිරය ලබාගන්නා ග්ලූකෝස් සීහුම් පරීක්ෂාවකදී (OGTT)රුධිර සීනි මට්ටම 200 mg/dl (11.1mmol/l) හෝ ඊට වඩා වැඩි අවස්ථා වලදී.
·                    අහඹු ලෙස ලබාගන්නා ලද රුධිර සාම්පලයක ග්ලුකොස් මට්ටම(RBS) 200 mg/dl (11.1mmol/l) හෝ ඊට වඩා වැඩි අවස්ථා වලදී.

------------------------------------------------
FBST    -  Fasting Blood Sugar Test
OGTT   -  Oral Glucose Tolerance Test
RBS      -  Random Blood Sugar    
------------------------------------------------


නිරාහාරව සිට ලබාගන්නා රුධිර ග්ලූකෝස් මට්ටම 110 සිට 125 mg/dl අතර නම් ඒ කියන්නෙ  ඔබට අත වනනව කියන එකයි. ඕනාවට වඩා පැණි රස කන පුරුද්ද දිගටම කරගෙන ගියොත් අනිවාර්යෙන්ම ඔබට ජයග්‍රාහී දියවැඩියා කුසලානය දිනාගන්න පුලුවන්...දැන් ඉතින් ඔයාල ගොඩක් අය වගේ පැණි රස කෑම අත හැරල, Savoury Busicuit වගේ ලුනු වැඩි කට දන කෑම කයි නේද...අනේ හොඳා...කන්න කන්න (එකෙන් වෙන දේ ගැන වෙනම කියන්නම්).

දැන්නම්  ඇති වගේ..ඉතුරු ටික වෙන පෝස්ට් එකකින් දාන්නම්..අදට මේ මදැයි..