ඇත්තටම කවුද මේ නිහඬ මාරයා???
එයා කිව්වට මේක ලෙඩක්...නිකම්ම නිකම් ලෙඩක් නෙමේ ලෙඩ වාට්ටුවක්...සාමාන්‍ය භාවිතයෙදි කියන්නෙ සීනි අමාරුව කියල...දැන් දන්නවනෙ මොකද්ද කියල...හරි දියවැඩියාව තමා....මේක අපි ඉංග්රීසියෙන් Diabetes කිව්වට දියවැඩියාව රෝගයේ ප්රධානව ආකාර දෙකක් තියෙනව...
හරිම නම් දෙක තමා ..
- Diabetes
Insipidus - DI
- Diabetes Mellitus - DM
බහුලව තියෙන්නෙ DM හින්ද අපි ඒ ගැන කථා කරමු. Diabetes Mellitus... මේක ග්‍රීක්
වචනයක්. Diabetes කියන වචනෙ තේරුම
"අධිමාත්‍රා මුත්‍ර පිටවීම"...එතකොට Mellitus කියන්නෙ "මී
පැනි මෙන් රසවත්" කියන එක. දැන් ............වාගේ ටිකක් තේරුනා නේද?
එතකොට කියන්නෙ පැනි රහට මුත්‍ර යන එකටද???? පැනි රහයි කියල දැනගත්තෙ බීල බලලද??? දැන් ඉතින් ඔය වගෙ ගොන් ප්‍රශ්න නම් අහන්න එපා... දියවැඩියාව රෝගීන්ගෙ මුත්‍ර වලට කූඹි එනව කියල
දන්නවනෙ.දන්නෙ නැත්නම් දැන් දැනගන්න. ග්‍රීක් තේරුම එහෙම උනාට කියන්නෙ සංකීර්ණ
රෝගයක්. අර පලමුවෙනි එකෙ Insipidus කියන්නෙ "මෙලෝ රහක් නෑ(without taste)" කියන එක.
Diabetes Mellitus රෝගයත් ආයෙත් ප්‍රධාන ආකාර තුනකට බෙදනවා.පහල තියෙන්නෙ
ඒවා තමයි.
1.Type 1 - Insulin Dependent Diabetes
Mellitus (IDDM)
2.Type 2 - Non-Insulin Dependent Diabetes
Mellitus (NIDDM)
3.Gestational Diabetes Mellitus (GDM) - ගර්භනී අවස්ථාවන්හිදී
ඇතිවන දියවැඩියාව
මේ අතරිනුත් බහුලව තියෙන්නෙ Type 1-DM හින්දා ඉස්සෙල්ලාම අපි ඒ ගැන දැනගනිමු.
දියවැඩියාව ශරීරයේ පරිවෘත්තීය
ක්රියාවන්හි
අක්රමිකතාවයක්(Metabolic Disorder) නිසා අග්න්යාසයේ බීටා සෛල වලින් ඉන්සියුලීන්
නම් හොමෝන නිපදවීමට
නොහැකිවීම
නිසා ඉන්සියුලින් අවශ්‍ය ප්රමානයට නොලැබීමෙන්
රුධිරයේ
ග්ලුකොස්
මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. .
සරලවම කිව්වොත් අපෙ ශරීරය දුවන්නෙ අපි කන කෑම සීනි අණු(Glucose) වලට හරවල ඒවා සෛල වලට යවල..එතකොට තමා සෛල වැඩ කරන්නෙ...
ඉතින් මේ සීනි අණු වලට නිකම්ම සෛල වලට ඇතුල්වෙන්න බෑ...හරියට ගෙදරකට ඇතුල් වෙනව
වගෙ දොර ඇරගෙන යන්න ඕන...දොර අරින්න යතුරකුත් එපායැ...අන්න එතනදි තමා Insulin
ඕන වෙන්නෙ...මෙතනදි Insulin දොරෙ යතුර විදියට වැඩ කරනවා...
ඉතින් මම ඉස්සෙල්ල කිව්ව වගෙ Insulin අවශ්‍ය ප්‍රමාණයට නොලැබුනොත් වෙන්නෙ සීනි අණු වලට
සෛලවලට ඇතුල් වෙන්න බැරිව ලේ වල එකතුවෙන එකයි...එතකොට තමා ලේ වල සීනි වැඩියි
කියන්නෙ... මේ වැඩි වෙච්ච සීනි ප්‍රමාණය සාමාන්‍ය තත්වයට
පත්වෙන්නෙ නැතිව කාලයක් ගත උනාම තමා
දියවැඩියා තත්වයක් කියල හඳුන්වන්නෙ..
තමන්ට දියවැඩියාව කියල හොයාගන්නෙ කොහොමද???
බොහෝ දෙවන වර්ගයේ දියවැඩියා
ඇති රෝගීන්ට
අධික ලෙස මුත්රා පිටවීම, අධිකව පිපාසය ඇති වීම සහ අධිකව බඩගින්න
ඇතිවීම , ඇස්
පෙනීම දුර්වල වීම හා ඇග පතෙහි ඇතිවන තෙහෙට්ටුව, ස්නායු
දුර්වල වීම, තුවාල සුව වීමට කල්ගත වීම, ඇතැම් අක්ෂි රෝග, ඇතැම් දීලිර ආසාදන යන ලක්ෂණ ඇතිවෙනවා.
හරියටම හොයාගන්න නම් වෛද්‍ය පරීක්ෂණ කරල බලන්න ඕන. මේ තියෙන්නෙ ඒ පරීක්ෂන තුනක් හා දියවැඩියා තත්වයකදී
එවායෙ අගයන්..
·
නිරාහාරව සිට ලබාගන්නා රුධිර ග්ලූකෝස් මට්ටම (FBST)126 mg/dl (7.0mmol/l) හෝ එයට වඩා වැඩි අගයක් ඇති අවස්ථා වලදී.
·
ග්රෑම් 75 ක් ග්ලූකෝස් පානයට ගෙන පැය දෙකකට පසු රුධිරය ලබාගන්නා ග්ලූකෝස් සීහුම් පරීක්ෂාවකදී (OGTT)රුධිර සීනි මට්ටම 200 mg/dl (11.1mmol/l) හෝ ඊට වඩා වැඩි අවස්ථා වලදී.
·
අහඹු ලෙස ලබාගන්නා ලද රුධිර සාම්පලයක ග්ලුකොස් මට්ටම(RBS) 200 mg/dl (11.1mmol/l) හෝ ඊට වඩා වැඩි අවස්ථා වලදී.
------------------------------------------------
FBST - Fasting
Blood Sugar Test
OGTT -
Oral Glucose Tolerance Test
RBS -
Random Blood Sugar
------------------------------------------------
නිරාහාරව සිට ලබාගන්නා
රුධිර ග්ලූකෝස්
මට්ටම 110 සිට 125
mg/dl අතර නම් ඒ කියන්නෙ ඔබට අත වනනව කියන එකයි. ඕනාවට වඩා පැණි රස කන පුරුද්ද දිගටම කරගෙන ගියොත් අනිවාර්යෙන්ම ඔබට ජයග්‍රාහී
දියවැඩියා කුසලානය දිනාගන්න පුලුවන්...දැන් ඉතින් ඔයාල ගොඩක් අය වගේ පැණි රස කෑම
අත හැරල, Savoury Busicuit වගේ ලුනු වැඩි කට දන කෑම කයි නේද...අනේ හොඳා...කන්න
කන්න (එකෙන් වෙන දේ ගැන වෙනම කියන්නම්).
දැන්නම් ඇති වගේ..ඉතුරු ටික වෙන පෝස්ට් එකකින් දාන්නම්..අදට
මේ මදැයි..
ReplyDeleteගොඩක් වැදගත් විස්තරයක් ..දිගටම ලියන්න ...අපි එනවා බලන්න..
උඹ තාම ඇහැරලාද බන්...ඉතුරු ටිකත් ඉක්මනට දාන්නම්...
Delete
Deleteඔව් ඔව් ඇහැරලා ඉන්නේ...ඉතුරු ටිකත් දාන්න..