මං ගැන ඇහැ ගහන් ඉන්න අය..

Sunday, June 9, 2013

ඔබේ අතේත් ඇඟිලි හිරිවැටෙනවද??

ඔබේ අතේ ඇඟිලි හිරිවැටෙනවද?? දැවිලි ගතියක් තියෙනවද??සම්පූර්ණ මිට මෙලවීමක් කරන්න බැරිද???   කී බෝර්ඩ් ,මවුස් වලින් වැඩ දාන කට්ටියට මෙහෙම වෙනවනම් දොස්තර ගාවට යන්න වෙයි.........ඇත්තටම මොකද්ද මේ වෙන්නෙ......... මේ තමා CTS…..   විස්තරාත්මකව   කියනව  නම් Carpel Tunnel Syndrome ... මේ තත්වය ගොඩක්ම හැදෙන්නෙ කම්පියුටර්,ටයිප් රයිටර් භාවිතා කරන අයට....බොහෝ විට සමහර ගෘහණියන්ටත් හැදෙනවා... අය මොනවා කලාටද කියල හිතෙනවා ඇති නේද??? ඇයි උයන පිහන වැඩ...පොල් මිරිකන එක තමා වැඩියෙන් බලපාන්නෙ.....

ඇත්තටම මොකද්ද මේ  Carpel Tunnel Syndrome ….

අපේ ඇඟිලි කරා යන  මධ්‍ය ස්නායුව(The Median Nerve) හා කණ්ඩරා(Tendons) මැණික් කටුව හරහා යන්නෙ මාංශ පේශි අතර තියෙන පොඩි හිඩැස වලින්....... ඔය Tunnel කියන්නෙ ඒකයි.. .....ඉතින් මේ හිඩැස් තියෙන මාංශ පේශිය මොනවා හරි හේතුවක් හින්දා ඉදිමුනොත් මේ පටු වෙලා  මධ්‍ය ස්නායුව පීඩනයකට(Compress) ලක් වෙනවා...අන්න එතකොට තමා ඇඟිලි හිරිවැටෙන්නෙ, දැවිලි ගතියක් එන්නෙ....




මෙහෙම වෙන්න හේතු...

*          ආතරයිටිස් තත්වයක් වර්ධනය වීම

*          මැණික් කටුව බිඳීමකට ලක්වීම

*          ගර්භනී කාලයෙදී

*          දියවැඩියාව තිබීම

*          භාවිතාව වැඩිවීම(Typist, Cashier,)

Carpel Tunnel Syndrome පිරිමි අයට වැඩිය කාන්තාවන්ට වැළඳෙනවා...


රෝග ලක්ෂණ

*          ඇඟිලි හිරිවැටීම (Numbness)

*          අත්ල පුරා ඉඳිකටු තුඩකින් අනිනවා වගේ දැනීම (Tingling)

*          සම්පූර්ණ මිට මෙලවීමක් කරන්න බැරි (can not making a strong fist)

*          යමක් හරි හැටි තදකර අල්ලගන්න බැරිවීම (Difficulty gripping and hold)
(උදා: පෑන් පැන්සල්,උදළු වගෙ වැඩකරන ආයුධ )


අනෙක මේ තත්වය වැඩිඋනොත්  මෝටර් බයික් එක පදින්න අමාරු වෙනවා....Clutch එක අල්ලන අල්ලන වෙලාවට හූ තියන්න වෙනවා...Accelerator එක දිගටම අල්ලන් ඉන්න බැරුව යනවා......කොටින්ම බයිසිකල් පැදිල්ල එපාම වෙනවා...

ඉස්සෙල්ලාම රෝග ලක්ෂණ එන්නෙ රෑට.. වගේම වැඩියෙන් දැනෙන්නෙ මහපට,දබර හා මැද කියන ඇඟිලිවට.. අත්ල පුරා ඉඳිකටු තුඩකින් අනින ලක්ෂණය ඇතිවෙන්නෙ උදේ ඇහැරෙන වෙලාවට...


ප්‍රතිකාර මොනවද??

 වෛද්‍ය ප්‍රතිකාර හැටියට එන්නත් කිරීම් (Injections) තිබුනත් සමහර අයට ශෛල්‍ය කර්මයක් කරන්න වෙනවා...මැණික් කටුව විවෘත කරලා මධ්‍ය ස්නායුවට ඇතිවෙලා තියෙන පීඩනය මුදා හැරියම මේ තත්වය සාර්ථකව හරි ගස්සන්න පුලුවන්...හරිම සරල ශෛල්‍ය කර්මයක්...





No comments:

Post a Comment