මං ගැන ඇහැ ගහන් ඉන්න අය..

Tuesday, September 10, 2013

මුවා ඉන්නවද???



කතන්දර මාමාගෙ(මං තාම පොඩියි හරිය ) ජෝක් ටික දැක්කම මට මේක මතක් උනේ...අපි  AL කරන කාලෙ මල ගෙවල් , සංගීත , කානිවල්හොය හොය යන්නෙ...ඉතින් ඔහොම රවුං ගහල ඇති උනාම පාන්දර 1-2 වෙද්දි එක තැනකට වෙලා අපිට දිරවන්නෙ නැති කාව හරි  බයිට් කරනවා ෆෝන් එකෙන්..... වැඩිපුරම බයිට් කලේ අංකල් ලව........... කාලෙ තිබුනෙ Motorola Startac flip model ෆෝන් එකක්..............
අර ariel  එක දිගාරින්න තියෙන්නෙ...


ඔන්න දැන් අපි කතා කරනවා...

අංකල්                     :               හෙලෝ...

අපි                           :              හෙලෝ..මුවා ඉන්නවද.....

අංකල්                     :               මොකා.....

අපි                           :              මුවා....මුවා...අර අං තියෙන්නෙ...

අංකල්                     :               මොන මුවෙක්ද ඕයි..මොකාද ඔය කතා කරන එකා..

අපි                           :              මම මේ තිස්ස....

අංකල්                     :               තිස්ස ...මොන තිස්සද???

අපි                           :              තිස්ස...තිස්ස...දේවානම් පිය තිස්ස....රජ්ජුරුවෝ..

අංකල්                     :               ඈ..................................................

අපි                           :              ඔව් අංකල්....බලන්නකො මම මුවාට විදින්න මුවා පස්සෙන් එලවගෙන ආවා..
          ඌ පැනගත්තනෙ...මුවාව දැක්කොත් මට කෝල් එකක් දෙන්න  OK...


මෙහෙම කියලා කෝල් එක කට් කරනවා...දැන් අපෙ අංකල් පාන්දර නිදිමතේ ඉද්දි ආපු කෝල් එකෙන් අන්ද මන්ද වෙලා මොකද යකඩෝ මේ උනේ කියල කල්පනා කර කර ටික වෙලාවක් ඉන්නවා කියල අපි ඉතින් අත්දැකීමෙන්ම දන්නවා...........විනාඩියක් යන්න ඇරලා අපි ආයෙත් ගන්නව...............


අංකල්                     :                හලෝ.. (ටිකක් සැරෙන්)

අපි                           :               අනෙ අංකල්..මම මේ මුවා කතා කරන්නෙ...රජ්ජුරුවෝ ඇහුවොත් මාව
           දැක්කෙ නෑ කියන්ඩ OK...


අන්න එතකොටම අන්කල්ගෙ චුට්ටන් මොලේට දැනෙනවා තමන් කාගෙ හරි නයිලෝන් ලනුවක් කෑවා කියල...එතකොටම අන්කල් ගෙ  ශ්‍රී මුඛයෙන් :

තොගෙ *^$%@#!)......................................................ඉතුරුවා කියන්න ඕන නැහැනෙ....



.ලි.
 මේකෙම තව Version එකක් තියෙනවා...ඒකෙදි අපි උපාසක ඇත්තන්ට තමා කතා කරන්නෙ...හාමුදුරුවොයි.... ඇතා යි...



16 comments:

  1. එද්දිම කතාව මතක් වුනා ;)


    ජය !

    ReplyDelete
    Replies
    1. ඔය මතක් වෙන්නෙ..උඹලා කාවද බයිට් කලේ...

      Delete
  2. Replies
    1. අම්මට සිරි නාට්‍යයකුත් හදලනෙ මේකෙන්...අර සෑම් ටත් මතක් වෙලා තියෙන්නෙ... මේක කැම්පස් කොල්ලො නිර්මාණය කල දෙයක් මතක හැටියට....පලාතෙන් පලාතට වෙනස් වගේ...

      Delete
  3. අපේ කාලේ ඔය මගුල් තිබුනෙ නැති නිසා "චමින්ද"ලා බේරුන.

    ReplyDelete
    Replies
    1. ඒ කාලෙ ෆෝන් තිබුන නම් කෙන්ජි අංකල් ගෙන් බේරෙන්න බැරි වෙන්නෙ කාටද........

      Delete
  4. ඇයි බං කෝල් කරලා වතුර එනවද අහන එක

    ReplyDelete
    Replies
    1. අඩේ...ඒක මතක නැති එකක්නෙ...කියහන්කො බලන්න මතක් වෙන්නත් එක්ක...

      Delete
  5. හෙක් හෙක්! අපි දහය වසරේදී ඉස්කෝලේ බූත් එකෙන් කළෙම ඕවා තමා.
    අදයි මේ පැත්තේ ආවේ යටලියනමහත්තයෝ,ඉවාන් පවුලුශාට දාපු කොමෙන්ටුවක් හරහා..

    ජය!

    ReplyDelete
    Replies
    1. මේ ඉන්නෙ ඉස්කෝලේ කාලෙ ආතල් ගත්ත තව එකෙක්...ආවට ස්තූතියි කරූ...

      Delete
  6. ඕවා මක්කයි.. අපේ උන් මිනී පෙට්ටිත් ගෙවල් වලට යවලා තියෙනවා. මම නම් ඔය වැඩේට ඉස්සර ඉඳන් මනාප නෑ..

    ReplyDelete
    Replies
    1. මිනී පෙට්ටි !!!!!!අපිට එච්චර බරපතල තත්වෙට යන්ඩ උනේ නෑ මාතලන් අයියා...මල් වඩමක් තියන්න ගිහින් 3-4 ක් බයවෙලා, වැඩේ මාට්ටු වෙලා, අම්බානක ගුටි කෑවට පස්සෙ අනුන් බයිට් කරන අසනීපෙ හොඳ උනා......

      Delete
  7. මරු කතාව.අන්කල්ට අහන්න තිබුනේ කොල්ලගෙන් "තිස්ස කොල්ලෝ ගහන එක නවත්තලද මුවෝ පස්සේ දුවන්නේ" කියලා.

    ReplyDelete
  8. ඔය වගේ කතා අහයි කියල තමා බං පාන්දරට වැඩේ දෙන්නෙ....ඔය වෙලාවට මොළෙන් කාලක් විතරනෙ වැඩ....

    ReplyDelete
  9. නියම විහිලුව.. මට නම් ඕවා ගැන ඒ කාලේ එච්චර ගාණක් තිබ්බේ නැහැ.. මම මෙහෙ නෙවේ උන්නේ ඒ කාලේ ..:(

    ReplyDelete
  10. ඕක අහලා නැති අංකල් ලා ත් ඉන්නවාද?

    ReplyDelete