මං ගැන ඇහැ ගහන් ඉන්න අය..

Wednesday, December 4, 2013

අතේ....ගහන්න අතේ ගහන්ඩෝ....




ඔන්න ඉතින් එකෝමත් එක ඈතම ඈතත් නෙවෙන මෑතම මෑතත් නෙවෙන කාලෙක රක්ෂණ ඔෆීසියක එකෙක්ට වෙච්ච් වැඩක් ගැන තමයි මම මේ කියන්ඩ තනන්නෙ....මගෙ ඉස් ඉස්සෙල්ලම ඔෆීසිය.....මේකෙ හිටිය කොලුවෙක් නම  ***** . කෙටි නම  ** . ඔන්න ඉතින් මේ කොලුවා රක්ෂණය ක් විකුණගෙන නිවාඩු පාඩුවෙ තනිකඩව ඉන්න අතරේ ඔෆීසියට වැඩට එනවා අලුත් ගෑණු ලමයෙක්....මේක එසේ මේසේ බඩුවක් නෙමේ....වැඩිය සමාජෙත් එක්ක ගැවසිලා නැති, අම්ම තාත්තගෙ ඇස් මායිමෙන් එහා ගිහින් නැති පතරංග ටියුබ් ලයිට් එකක්...ඔන්න දැන් අපේ කොලුවයි කෙල්ලයි එකම යුනිට් එකේ....පොර තනිකඩය වෙච්ච හින්දත් ...බිස්නස් යනකොට තනියම යන හින්දත් ....මැනේජර් බුවා කෙල්ලව කොලුවටම පංගාර්තු කොලා... බලා කියගෙන ටිකක් වැඩ පුරුදු කොරාපන් කියල... කොලුවගෙ හීන කුමරි තරම් ලස්සනම නැති නිසාත් ...ටියුබ් ලයිට් වලත් ඉස්තරම්ම එකක්  හින්දත් කොලුව වැඩිය කැමති උනෙත් නෑ..හැබැයි කෙල්ල නම් එක පයින්...කොලුවගෙ පස්සෙන්මයි...කොලුවත් ඉතින් කෙල්ලව මොටෝ බයික් එකේ දාගෙන කස්ටමර්ස් ල හොයගෙන යනවා...

ටික කාලයක් ඔහොම යනකොට ඉන්ටර්බ්‍රාන්චස් ක්‍රිකට් තරග ලං උනා..දැන් ඔක්කොම  සෙට්වෙලා....කොහෙටද??? ගම්පහ UC ground එකට.... ක්‍රිකට් ප්‍රැක්ටිස්....

කට්ටියම A,B කියල ටීම් දෙකකට බෙදිල ක්‍රිකට් ගහනවා...අපෙ කොලුවත් වැඩකාරයා....විකට් දෙකක් ගියාට පස්සෙ කොල්ල ආවා බැට් කරන්ඩ ...ඔන්න කොල්ලා ගැහුවා හතරක්......ආයෙත් හතරක්...ඔන්න දැන් බැට් කරන පැත්තෙ කොල්ලො ටික ෆෝම් වෙල හුරේ දානවා කොලුවට...ඔන්න ආයෙත් හතරක්....

එතකොටම...........එකපාරටම......ඇහෙනවා මෙන්න මෙහෙම....

අතේ ගහන්ඩ.. අතේ ගහන්ඩෝ.....තව හයියෙන් ගහන්ඩෝ......අතේ තව හතරේ පාරක් ගහන්ඩෝ

එක පාරටම සයිලන්ස් වෙලා ගිය පිට්ටනිය එත් එක්කම හූ හඬින් ගිගුම් දෙන්න ගත්තෙ නැතැයි....බලනකොට ෆෝම් එක වැඩිවෙච්ච කෙල්ල සගයට සපොර්ට් එකට උඩ පැන පැන කෑ ගහනවා......ෆීල්ඩ් කරන උන් කට්ටිය බිම පෙරලි පෙරලි හිනා වෙනවා...

හැබැයි කෙල්ල දන්නෙ නෑ මේ කෙල්ලට තමයි හිනා වෙන්නෙ කියලා....
කොලුවට නප්පියටම නැගල...ඒ මදිවට ඌ කෑ ගහනවා මෙන්න මෙහෙම....

මම ඒක ගෙදර ගිහින් ගහ ගන්නම්..උඹ කෑ නොගහ හිටපාන්....

මොන.... ටියුබ් ලයිට් කේස් එකක් හින්ද කෙල්ලට ගානක් වත් නෑ..හතරේ පාරවල් ගහන්ඩ ගහන්ඩ කෙල්ල කෑ ගහනව..හිනා වෙලා කොල්ලන්ගෙ බඩ කොරවෙලා හින්ද එද ප්‍රැක්ටිස් එතනිම්ම ඉවරයි...ඔන්න ඕකයි කතාව...

හරි දැන් කියමු බලන්ඩ කොල්ලගෙ නම සහ කෙටි නම?????

39 comments:

  1. කොල්ලගේ නම යට ලියන්නා කෙටි නම අන්ඩවෙයාර් හික් හික්

    ReplyDelete
    Replies
    1. ඔය කිව්වෙ....මදෑ අහගත්තා...

      Delete
  2. හැක් හැක්.. ඕවා වෙනවා බං.. අපෙත් එකෙක් හිටියා කම්පිතර එක කැඩිචිච වෙලාවේ අතේම ගහල යැව්වයි කියල ලේඩි බොස් කෙනෙකුට කියපු

    ReplyDelete
    Replies
    1. Lady Boss ට හරී ලැජ්ජ හිතෙන්න ඇති....

      Delete
  3. කෙටිනම අතේ........
    සම්පූර්ණ එක........ අතුකෝරළ

    ReplyDelete
    Replies
    1. කෙටි නම හරි...ඒත් නම නම් වැරදියි...

      Delete
  4. අතපත්තු!
    නියම කතාව බං

    ReplyDelete
  5. කෙටි නම අතේ :) දිග නම හරියට ම කියන්න බැරියෝ.

    ReplyDelete
    Replies
    1. ඔය උඩින් රාජ් කියල තියෙන්නෙ......

      Delete
    2. අම්මප සිරෝ ඇත්තමයි...

      Delete
  6. Replies
    1. අකුරු 5ක නමක් නිසා අත්තනායක වෙන්න බෑනෙ :D

      Delete
    2. නැතෝ......අන්න සසිඳු ට තේරුනා...

      Delete
  7. අතපත්තු නැත්තං අත්තනායක.....උඹලා ජන-------- කොම්පැණියෙද....මම වතාවක් ඒ අයගෙ තරගාවලියක් විනිශ්චය කලා...ඔය කියපු පිට්ටනියෙදිම...

    ReplyDelete
    Replies
    1. නෑ..අපි ලොකු පොඩි සැමට රැකවරණය.........

      Delete
  8. කෙටි නම අතේ. මෙහෙම කෙල්ලො ඉන්නවද මන්දා!

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව ඇයි ඔයා :P

      Delete
    2. කෙටි නම හරි.....හැක්... ඕනතරම්...

      Delete
    3. සසිදු කියන එක ගැන නම් අපි දන්නෙ නෑ ඕං....

      Delete
  9. කෙටි නම අතේ නියම නම අතපත්තු :D

    ReplyDelete
  10. අනේ මන්දා ඉතිං....:D :D :D
    ඉතින් ඊට පස්සේ අතේ ගැහුවැය...??

    ReplyDelete
    Replies
    1. ගැහුවා නේන්නම් ...හයේ හතරෙ ඒවා...

      Delete
  11. Replies
    1. උඹට හිනා...මහ වල් කොල්ලෙක්...

      Delete
  12. ඕවා මොනවද මචං අපේ ඔෆිස් එකේ ඉන්නවා බඩුවක් තොලේ කටේ ගෑවෙන්නේ නැතිව ඔය කියලා දාන්නේ. හැබැයි අපි කවුරුවත් අතපත්තුලා නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. හෑ...කියන ඒවා කරන්නෙ නැද්ද????

      Delete
  13. අතේ ගහල තීන්නෙ. ඔහොම කේ එකක් උනා එක පාරක් ලුම්බිණියෙ කෙල්ලන්ට. හැව්ලොක් එකේ රගර් මැච් එකක් අපියි ලුම්බිණියයි. පැක් එක සෙට් උනාම කෙල්ලො කෑ ගහනව "සව් ලුම්බිණි සව්...." කියල...

    ReplyDelete
    Replies
    1. අනිත් එව්වො හරි ආතල් එකක් ගන්න ඇති....

      Delete
  14. පවු අහිංසක කෙල්ලා......... මගෙන් අද කෙල්ලෙක් කෝල් කරලා අහනවා හුනාගේ නැත්තේ මොකක්ද කියලා. මම ඉතින් කොම කට ඇරලා කියන්නද මේකයි කියලා පස්සේ මම කෝල් එක කට් කරලා sms එකක් දැම්ම එකී දැන් ෆෝන් එක උස්සනෙත් නෑ නිකන් මම කිව්වා වගේ

    ReplyDelete
    Replies
    1. නැකතත් හූනට කියන්නෙ නිකන්ද....

      Delete
  15. අර අතේ කාරයට දැං අතේ ගහන වාරයක් වාරයක් පාසා ඕක මතක් වෙනව ඇති නෙහ්? ලොල්

    ReplyDelete
  16. නම අතපත්තු නැත්තං අත්තනායක. නියම කතාව

    ReplyDelete
  17. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    පැලැස්ස බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete
  18. අනේ අතපත්තුට වෙච්ච දෙයක්

    ReplyDelete