මං ගැන ඇහැ ගහන් ඉන්න අය..

Saturday, June 22, 2013

ජීවිත රක්ෂණය - ඔබ මේ කරුණු දැන සිටියාද -1 ???





පලමු පෝස්ටුව කියවපු අයට දැන් යම් අදහසක් ඇති ජීවිත රක්ෂණයක් කියන්නෙ මොකද්ද කියලා...මේ දැනුවත් කිරීමේ අරමුණ රක්ෂණ ගන්න කියල කියන එක නෙමේ...(මම රක්ෂණ විකුන්නෙ නෑ)...මිනිස්සු දැනුමක් නැතිව මුදල් යොදවල,අන්තිමට මුදලුත් නැති වන්දිත් නැති තත්වෙට පත්වෙන හින්ද...බොහෝ වෙලාවට වැරැද්ද තමන් අතේ..ඒත් බනින්නෙ රක්ෂණයට...

යම් පුද්ගලයෙක් තම ජීවිතය රක්ෂණය කරනවා කියන්නෙතමන්ගෙ යැපෙන්නන්ගෙ අනාගතය සුරක්ෂිත කරනවා කියන එකයි...ප්‍රධාන ආදායම් උපයන්නා මිය ගිය පවුල් කීයක් පාරට වැටිල තියෙනවද..සමහර අය මැරෙන්නෙ ගෙවල් උකස් තියල...හිතල මැරෙනවා නෙමෙ තමයි....එත් අවදානම නැති වෙන්නෙ නෑනෙ..අන්න එහෙම අය දන්නව රක්ෂණයේ තියෙන අගය..බැංකුවක් උනත් ලොකු ණය මුදලක් දෙන්න කලින් උකස් රක්ෂණාවරනයක් ( Mortgage Bond) නැත්නම් ණය ලබා දෙන්නෙ නෑ...ඒකෙන් බැංකුව වගේම ණය කාරයගෙ යැපෙන්නොත් අවදානමෙන් මිදෙනවා....



තමන් හැම දෙයක්ම කරන්නෙ තමන්ගෙ පවුල වෙනුවෙන් නේද....උදේ පාන්දර නැගිටගෙන මහ රෑ ගෙදරට එන එක  ජීවිතය වෙලා තියෙන අය  ඔක්කොම කරන්නෙ තමන්ගෙ බිරිඳ දරුවෝ වෙනුවෙන් නේද??කවදාවත් හිතිලා තියෙනවද හදිසියෙන් හරි තමන් මැරුණොත් තමන්ගෙ බිරිඳ දරුවන්ට යන කල දසාව මොකද්ද කියල....ආර්ථික වශයෙන් බිඳ වැටුනාම මිනිස්සු තමන්ගෙ ඇඟ,ලේ,මස් උනත් විකුණනව...

සාමාන්‍ය රක්ෂණයෙදි වන්දි ගෙවන්නෙ රක්ෂණ ඔප්පුවෙන් ආවරණය කල සිදුවීමක් උනොත් විතරයි...හැබැයි ජීවිත රක්ෂණයෙදි රක්ෂණ ඔප්පුවෙන් ආවරණය කල සිදුවීම් වලට විතරක් නෙවෙයි කල් පිරෙන අවස්ථාවෙදිත් ගෙවීම් කරනවා...ඒකට කියන්නෙ Maturity Value කියලා.. කියන්නෙ ජීවිත රක්ෂණයට ගෙවන වාරික මුදල නොඉක්මවන මුදලක් නැවත ලැබෙනවා ..එතකොට රක්ෂණය කියන්නෙ මූලිකව ජීවිතයට තියෙන අවදානම් මත සිදුවන  මූල්‍ය පාඩු පිලිසකර කර ගැනීමේ මෙවලමක් උනත් ඉතුරුම් හා ආයෝජන මෙවලමක් විදියටත් භාවිතා කරන්න පුලුවන්.... අනෙක ජීවිත රක්ෂණයෙදි ගෙවන්න නියම කරන වාරිකය  මුලු ආවරණ කාලසීමාව පුරාම එකම මට්ටමෙ තියෙන්නෙ...සාමාන්‍යයෙන් රක්ෂිතයගෙ ආදායම අවුරුදු පතා වැඩි වෙන හින්දා වාරිකය කල්යද්දි ආදායමට සාපේක්ෂව සුලු අගයක් බවට පත්වෙනවා...




අපි ගෙව්වට අපිට ගෙවනවද??

පැහැදිලිවම ඔව්මොකද රක්ෂණ ඔප්පුවක් කියන්නෙ කොන්දේසි වලට යටත්ව ගිවිසගත් කරුණු වලින් යුත් නීතිමය ගිවිසුමක්....කල යුතු වන්නෙ ගිවිසුම කඩ නොකර පවත්වාගෙන යාම විතරයි.....ප්රශ්නෙ තියෙන්නෙ ගිවිසුම කඩ වෙන්නෙ මොන වගෙ අවස්ථාවලදීද කියලා රක්ෂිතයා දන්නෙ නෑ..තමන්ගෙ පැත්තෙන් ඉටු විය යුතු දේවල් දන්නෙ නෑ... අඩුම ගානෙ තමන්ට ඔප්පුව එක්ක ලැබෙන කොන්දේසි හා වරප්රසාද අත්පොත වත් කියවන්නෙ නෑ.... ගිවිසුම කඩ උනාම රක්ෂණ ගිවිසුම තාවකාලිකව බල රහිත වෙනවා.... තමන්ට ලැබිල තියෙන ඔප්පුවේ  ප්‍රතිලාභ ගැන සෑහීමකට පත්වෙන්න බැරිනම් ඔප්පුව භාරගත් දින සිට දවස් 21  කාලයක් දීල තියෙනව ගිවිසුම අවලංගු කරලා නැවත මුදල් ලබාගන්න.

හැම නියෝජිතයෙක්ම මේවා පැහැදිලි කරලා දෙන්නෙ නෑ..තේරුම් ගන්න බැරි කාරණා තියෙනව නම් අදාල ආයතනයෙ ලඟම ශාඛාවට ගිහින් හරිප්‍රධානන කාර්යාලයෙ පාරිභෝගික සේවා අංශයට කතා කරලා හරි පැහැදිලි කරගන්න පුලුවන්...තමන් සල්ලි යොදවන්නෙ මොන වගේ දේකටද කියලා තමන් දැනගෙන ඉන්න ඕන...පස්සෙ චුරු චුරු ගාල වැඩක් නෑ..මොකද තමන් සියලු කොන්දේසි වලට එකඟ උනා කියල මුලින්ම අත්සන් කරලනෙ තියෙන්නෙ...



ගෙව්ව තරමට හම්බවෙනවද???

සෑමවිටම නැතරක්ෂණයෙ මූලික අරමුන ජීවිත අවදානම් ආවරණයතමන් තැන්පත් කරන මුදල් වලට පොලී එහෙම ඕනනම් බැංකු තියෙන්නෙ ඒවාට තමා. සමහර අය නියෝජිතයා කියන ලොකු ගණන් වලට රැවටෙනවා...තමන් ගෙවන මුදල අනුව එච්චර ගාණක් ගන්න පුලුවන්ද කියල නිකමටවත් හිතල බලන්නෙ නෑ.. කල්පිරීමේ දී ලැබෙන මුදල ගැන නියෝජිතයා මොනවා කීවත් තමන්ට මොලයක් කියල එකක් තියෙනවනෙ...

ජීවිත රක්ෂණ වල නොයෙක් සැලසුම් වර්ග තියෙනව.අපි ඒවට කියන්නෙ  Plans නැත්නම් Products….  මේවායෙ ආවරණ අගය,කල් පිරීමේ අගය,ප්‍රතිලාභ හා වාරික එකිනෙකට වෙනස්සමහර Plan වල ආවරණ අගය වැඩියිකල් පිරීමේ අගය අඩුයි...තව  Plan වල කල් පිරීමේ අගය ගෙවන වාරික මුදලට ආසන්නයිආවරණ අගය අඩුයි... නමුත් කල්පිරීමේ අගය වැඩි කරගැනීමේ ක්‍රම සහ විධි සමහර සැලසුම් වල තියෙනවා....තමන්ට අවශ්‍ය මොන වගෙ සැලසුමක්  කියල නියෝජිතය ලඟ තියෙන සැලසුම්වල විස්තර ලබාගෙන අධ්‍යයනය කරලා තීරනය කරන්න ඕන...නියෝජිතය කියන පමණින්ම  ගන්නෙ නැතුව




වාරික ගෙවීම නැවැත්තුවොත්???

ගෙවීමට නියමිත දිනට වාරික නොගෙව්වත් තවත් දින 30ක සහන කාලයක්(Grace Period) ලබා දෙනවා...එම දිනයෙන් පසු රක්ෂණ ගිවිසුම තාවකාලිකව බල රහිත(Lapsed/Paid up) වෙනවා....එතකොට හිමිකම් ගෙවීමට රක්ෂණ සමාගමට ඇති වගකීමත් තාවකාලිකව අහෝසි වෙනවා...නැවත මුදල් ගෙවූ විට ගිවිසුම යථා තත්වයට පත්වෙනවා...නමුත් ගෙවීම් කල යුතු දින සිට මාස 06 ක් පසු වූවොත් යහපත් සෞඛ්‍ය ප්‍රකාශනයක් ලබා ගන්නවා...එම ප්‍රකාශනය අනුව තමයි නැවත ඔප්පුව Activate  කරන්නෙ....


මෙහිදී සම්පූර්ණ හිඟ මුදල ගෙවීම සාමාන්‍ය ප්‍රාණවත් කිරීම(Normal Revival) ලෙසත්මාස 06 හෝ ඊට වැඩි කාලය අතහැර අලුත් කිරීම විශේෂ ප්‍රාණවත් කිරීම(Special Revival) ලෙසත් හඳුන්වනවා...


රක්ෂණය අතරමග නතරකලොත්????

සොරි තමා...අවුරුදු 3ක් වාරික ගෙවල නැත්නම් ගෙවපු වාරික මුදල් වලින් සතයක්වත් හම්බවෙන්නෙ නෑ....අවුරුදු 3කට වඩා ගෙවල නම්තමන් ලබාගෙන තියෙන රක්ෂණ සැලසුමේ හැටියට ගෙවපු මුදලින් යම් ප්‍රතිශතයක් ගෙවනවා...මේ ගාන තීරනය වෙන්න රක්ෂණ ඔප්පුවෙ කාලය,මූලික රක්ෂිත මුදල හා රක්ෂණ සැලසුම කෙලින්ම බලපානවා....



මතු සම්බන්ධයි.....

8 comments:

  1. රක්ෂණේ විකුනන්නේ නෑ කියලා ෂේප් වෙන්න හදන්න එපා. එතනින් ඔබ ඔවුන්ව පහත් කොට සැලකීමකුත් කරණවා. මතක තියා ගන්න ඕයාලා අන්ඩර් රයිට් කරන්නේ. ඒ මිනිස්සු අමාරුවෙන් විකුණන දේ කියලා. ඕක ගොඩක් ඔෆීස් වල මේසේ පුටුවේ ඉඳගෙන රස්සාව කරන අයගේ පහත් මානසිකත්වයක්. හැම ජොබ් එකම වැදගත්.

    මම මේ දෙකම කරලා තියෙන නිසා දෙකේම අගය දන්නවා.. කොහොමත් අන්ඩර් රයිටින් වලට වඩා සේවාවක් විකුණන එක බොහොම අමාරු දෙයක්..

    ReplyDelete
    Replies
    1. මම රක්ෂණ විකුණන්නෙ නෑ කිව්වෙ හේතු දෙකක් හින්දා...එකක් ගොඩක් අය දන්නෙ නෑනෙ අන්ඩර් රයිටර් කියන්නෙ කවුද කියලා..සමහර අය ඇහුවෙත් පලවෙනි වතාවට වෙන්න ඇති...අනෙක රක්ෂණ විකුණන කෙනෙක් මෙහෙම පෝස්ට් එකක් දැම්මොත් මේ පෝස්ටු බලන එකකුත් නෑ....මාතලන් අයිය දකින්න ඇතිනෙ දොස්තර නෝනාගෙ පෝස්ටුවේ තියෙන කමෙන්ට්ස්.....සමාජයෙ වැඩිදෙනාගෙ අදහස තමයි රක්ෂණය බොරුවක්..හැම නියෝජිතයම හොරෙක් කියන එක..එත් මට ඕනවෙන්නෙ ඒක එහෙම නෙවෙයි කියන එක පෙන්නන්නයි..මම කොතනවත් නියෝජිතයන්ව පහත් කරලා නෑ...හැබැයි බොරු කරන නියෝජිතයන්ට මම විරුද්ධයි..කිසිම සහයක් දෙන්නෙත් නෑ... Genuine Agent ලට නම් අපි උපරිම සහය දෙනවා....මොකද අපිත් දන්නවා ෆීල්ඩ් වැඩයි සේවා විකිණීමයි දෙකම අමාරුයි කියලා.. හැබැයි බොරු කාරයන්ට අමාරු නෑ...ගියා...අච්චරක් ගෙව්වොත් අපි මෙච්චරක් දෙනවා කිව්ව..Proposal Form එකෙ අත්සනක් දා ගත්තා..ඉතුරු ටික එයට ඕන විදියට තමයි වෙන්නෙ..කිසිම පැහැදිලි කිරීමක් වත්,දෙතුන් පාරක් යාමක් වත් නෑ..මොකද්ද එතන තියෙන මහන්සිය...එතන කෝ අවශ්‍යතා විශ්ලේෂණයක්...අන්තිමට මිනිස්සු එනවා අර කිව්ව ගාන ඉල්ලගෙන ..ආවට පස්සෙ තමා දන්නෙ හම්බවෙන ගාන...එතකොට අහන ඒවට උත්තර දෙන්න වෙන්නෙ අපිටනෙ...සමහර ඒවට අපිට කට උත්තරත් නෑ..නියෝජිතයා මාරුවෙලා...බොරු කරන්නෙ නැති වෘත්තීය මට්ටමෙ නියෝජිතයනුත් අමාරුවෙ වැටෙනවා බොරු කාරයන්ගෙ වැඩ හින්දා,.හොඳ නියෝජිතයො නම් කට්ට කනවා....පැහැදිලි කිරීම් සිය ගණනක් කරන්න වෙන්න පුලුවන්..වගන්තියෙන් වගන්තිය පැහැදිලි කරන්න පුලුවන්......කීප වතාවක් පෙට්‍රල් පුච්චගෙන යන්න වෙන්නත් පුලුවන්...සමහර වෙලාවට ඔප්පුවෙන් එන කොමිෂන් එකට වැඩිය වියදම් වෙලා...කලින් ගිය නියෝජිතයා බොරු කියල,වංචා කරල තිබ්බොත් ඉතින් තව ෂෝක්....තව දෙයක්, අපි පුරුදු පුහුණු වෙලා ඉන්නව මොන සමාජ මට්ටමක කෙනෙක්ට උනත් කාර්යාලයෙදි හොඳ මට්ටමකින් සලකන්න....තමන්ගෙ පුද්ගලික ගති ගුණ කොහොම උනත්...රස්සාවේ මුල් කාලෙ කොහොම උනත් පස්සෙ ඒ ගුණය රාජකාරියට විතරක් සීමා නොකර ගන්න තරම් මට හැකියාවක් තිබුන....ඒක තාමත් එහෙමමයි...

      Delete
    2. ඇත්ත කිව්වෝත් කිසිම කෙනෙක් ජීවීත රක්ෂණය ගන්නේ නෑ.. මාකටින් කියන්නේ ඒකයි.. අවංක සේල්ස් රෙප්ලා කොයි ලෝකෙද ඉන්නේ. බොරු කියන්නේ නෑ. නමුත් කැපිලි කෙටිලි ගැන කියලා දෙන්නේ නෑ. ඒකට කස්ටමර් දැනගන්න ඕන දැණුවත් වෙන්න. තම මුදල් ආයෝජනය කරණ කෙනෙක්, ගෙඩිය පිටින් ගිහින් දකින බැංකුවේ දාන්නේ නෑනේ. ඔයා පුළුවන්නම් සම්පූර්ණ ඇත්ත කියලා. මට එක ජීවීත රක්ෂණයක් විකුණලා පෙන්නන්න. මම මේක හිටපු ෆීල්ඩ් එකක් පුතා.

      Delete
    3. ඔයා හරි මාතලන් අයියා .....මමත් ඒකනෙ මේ කියන්නෙ..කස්ටමර් දැනගන්න ඕන දැනුවත් වෙන්න..එතකොට Agent ට බොරු කරන්න බෑ... Agent බොරු කියන එක නම් එකපාර නවත්වන්න විදියක් නෑ...මම හිතන හැටියට තමන්ට රක්ෂණය ඕන ඇයි කියල වටහ ගන්නකම් කිසිම කෙනෙක් රක්ෂණයක් ගන්නෙ නෑ...නියෝජිතයෝ ඉන්නෙත් ඒකට තමයි..ඒ වගේම කරන්නෙ නැත්තෙත් ඒකමයි... ගොඩක් උන් බොරු කරන්නෙ...හරි විදියට කරන Agent කියන්න බැරි තරම් සුළු ගණනක්...... උන්ට ගොඩක් Business ඇත්තෙත් නෑ...කාරණා පැහැදිලි කරාම Client තව ප්‍රශ්න අහනවා...රක්ෂණය තමන්ට ඕනෙම කියල හිතුන කෙනෙක් තමයි ගන්නෙ..ඔයා කිව්ව කතාව ඇත්ත...කැපිලි කෙටිලි..අන්තිමට ලැබෙන ගාන,කොන්දේසි කිව්වම කස්ටමර් රක්ෂණ ගන්නෙ නෑ.... Business එක ගහලා යනවා.....තාම හරියට විකුණන උන් කීපදෙනෙක් ඉන්නවා...

      අනෙක් අතට තියෙන Target එකයි, Business මදි උනාම අහගන්න වෙන දේවල් වල හැටියට බොරු කියල හරි Business ගේන්න වෙනවා තමයි....ඇත්ත ඒකනෙ...දොස්තර නෝනගෙ පෝස්ටුවෙ කමෙන්ට්ස් වලින් පේනවනෙ Agent ලව වර්නනා කරලා තියෙන තරම..... මොනව හරි කියලා ඇඟේ ගහන්න තමා බලන්නෙ...එත් Agent ලත් ජොබ් එක කරන්න එපැයි...තමන් අනුන්ට කරන දේවල් කවදා හරි තමන්ටම ලැබෙන හින්ද දැනගන්න ඕන කස්ටමර් ලව අමාරුවෙ නොදා ඉන්න ..නැත්නම් අයින් වෙන්න ඕන..මාරයියාට වැඩේ මීටර් වෙලා අයින් වෙලා තියෙන්නෙ.....ඒත් හැමෝම මාරයියා වගෙ නොවෙන හින්දත්, රක්ෂණ විකුනන අයටත් වෙන කරන්න දෙයක් නැති හින්දත් හොඳම වැඩේ රක්ෂණ ගන්න කලින් කස්ටමර් දැනුවත් වෙන එක... රක්ෂණය කියන්නෙ ලංකාවෙ ජනතාවගෙ ප්‍රමුඛතා ලැයිස්තුවෙන් පිට තියෙන දෙයක් හින්දා එහෙම් වෙන එකත් අඩුයි...මම මේ පෝස්ට් දාන හේතු මේවා තමයි...

      ප.ලි: පෝස්ට් එකට වැඩියෙන් කමෙන්ට්ස් වලින් තම අදහස් බෙදා ගන්න පුලුවන් බව පේනවා....ඒ ගැන මාතලන් අයියාට මගේ ස්තූතිය ..

      Delete
  2. පලමු වතාවට මේකට ආවෙ. රක්ශනය ගැන මගෙ දැනුම නම් බිංදුවයි. මේ ලිපිය මාව ගොඩක් දැනුවත් කලා.ඒත් රක්ශනයක් ගන්න නම් මං දැන් පරක්කු වැඩියි.

    ReplyDelete
  3. මචං මටත් රක්‍ෂණ ඔප්පුවක් තියේ . මාසෙකට දේදාස් ගානක් ගෙවන ජාතියේ එකක් . (ඒ අයි යියේ එකේ) මගේ ප්‍රශ්නෙ තමා මචං මට හැකි අවුරුදු තුනක් පිරුණාම ඒ රක්‍ෂණ ඔප්පුව ඇපේට තියාලා ලෝං එකක් ගන්ඩ . ?

    ඒ විදිහට ලෝන් ගන්න එක ලේසියිද ?

    වෙනත් ඇප මුකුත් තියන්නත් ඕනෙද ?

    තරහා නැතුං මේ ප්‍රශන ටිකට උත්තර දියන් මචං

    ReplyDelete
    Replies
    1. සඳරු මලේ ..මේ ටිකේම වැඩ ගොඩයි බං..බ්ලොග පලාතෙ එන්න බැරි උනා...එකයි රිප්ලයි කරන්න බැරි උනෙ...අහල තියෙන එක දැක්කෙත් අද නොවැ...ඒකට සොරි ඈ...ලෝන් එකක් ගන්න පුලුවන් හැබැයි උඹේ රක්ෂණ ඔප්පුව මොන වගේද දන්නෙ නැති හින්ද ගාන ගැන නම් කියන්න අමාරුයි..හැබැයි පුතෝ..බැංකු වලින් වගේ ලෝන් දෙන්නෙ නෑ...තමන් දැනට ගෙවල තියෙන වාරික ගණනට අදාලව එයින් සියයට ගානක් තමා දෙන්නෙ...අවු 3 ක් නම් 5000, 6000 ක් වගෙ වෙන්නත් පුලුවන්..හරියටම කියන්න ඔප්පු අංකය ඕනා...මට mail එකක් දාපන්.. හැබැයි මම වැඩ කරන්නෙ නම් AIA නෙමේ...එත් ඉන්න උන් අඳුනනව....කියන්න අමතක උනා...ඔප්පුව තමා ඇපය වෙන්නෙ...අනිත් ලෝන් එක්ක බලද්දි නම් හොඳටම ලේසියි

      Delete
  4. රක්ෂණයේ සදාචාරත්මක උවදුරු යනු කුමක්ද එය අවම කීරීමට ගතහැකි ක්රියාමාර්ග

    ReplyDelete