"බලන්ඩකෝ..මටත් ගෑස් නෙ..ආස දෙයක් කන්ඩ නෑ..දැවිල්ල අල්ලනවා..." ස්මහර විට මේ වගෙ කතා ඔයාල අහල ඇති...නැත්නම් ඔයලාම කියලත් ඇති...ඉතින් මොකද්ද මේ ගෑස්...බඩේ හැදෙන ගෑස් ජාතියක්ද....සාමාන්‍ය කතාවෙදි ගෑස් නැත්නම් ගෑස්ට්‍රික් කියන මේ තත්වයට කියන්නෙ ගෑස්ට්‍රයිටිස් (Gastritis) කියලා...සිංහලෙන්ම කියනව නම් අම්ල පිත්ත රෝගය....
අපි බඩ කියන ආමාශයේ බිත්තිය, මියුකස් කියන ප්‍රෝටීනයෙන් හැදිල තියෙන ශ්ලේෂ්මල ස්තරය (Mucous Layer) නිසා HCI අම්ලය හෙවත් හයිඩ්‍රොක්ලෝරික් අම්ලයෙන් ආරක්ෂා වෙනව...මේ ශ්ලේෂ්මල ස්තරයේ දුබලතාවක් හෝ තුනී වීමක් උනොත් ආමාශ බිත්ති මත අම්ලය ඍජුව ගැටීම හේතුවෙන් එහි ප්‍රදාහයක් හෙවත් දැවිලි ගතියක් හටගන්නවා... ගෑස්ට්‍රයිටිස් කියන්නෙ මෙන්න මේ තත්වයට තමා..
මේ දැවිලි තත්වය කාලයක් තිස්සෙ වැඩිවෙලා ආමාශ බිත්තිය තුවාල උනාම ඒවාට තමා ආමාශයික වණ (Gastric
Ulcers)කියල කියන්නෙ... මේ තත්වය තියෙන කොට දැනෙන සනීපෙ තියෙන අය තමා දන්නෙ...
මෙහෙම වෙන්න හේතු මොනවද??????
- ශ්ලේෂ්මල ස්තරය තුනීවීම
- ශ්ලේෂ්මල ශ්‍රාවය අඩුවෙන් ස්රාවය වීම
- HCI අම්ල ශ්‍රාවය වැඩි වීම
දූෂිත ආහාර මගින් ශරීරගත වන Helicobacter
Pylori නම් බැක්ටීරියාව ශ්ලේෂ්මල ස්තරයේ හා ශ්ලේෂ්මල ශ්රාවීය ග්‍රන්ථි වල වර්ධනය වෙනවා... ඉතින් එහෙම උනාම ශ්ලේෂ්මල බිත්තිය දුර්වල වෙනවා වගේම ශ්ලේෂ්මල ග්‍රන්ථි විනාශ වීමෙන් ශ්ලේෂ්මල ශ්‍රාවය අඩුවීම නිසාත් ශ්ලේෂ්මල ස්තරය දුර්වල වෙනවා
ඒ වගේම සමහර ඖෂධ වර්ග නිසාත් මේ තත්වය ඇතිවෙනවා...නිතර වේදනා නාශක ගන්න
අයගේ,රුධිරය කැට ගැසීම
වලක්වන හා ආඝාතය සඳහා ගන්න ඖෂධ භාවිතා කරන අයගේත් ශ්ලේෂ්මල ශ්‍රාවය ගැලීම
අඩුවෙනවා.....
අධික තෙල් හා මිරිස් යෙදූ ආහාර ගැනීම නිසාත් ගෑස්ට්‍රයිටිස් හැදෙන්න පුලුවන්...මිරිස් වල තියෙන කැප්සිකම් (Capsicum) කියන රසායනිකය නිසා HCI අම්ල ශ්‍රාවය වැඩිවෙනවා කියල හොයාගෙන තියෙනවා....
HCI අම්ලය වැඩිඋනාම ඒක ශ්ලේෂ්මල ස්තරය දුර්වල වෙන්න
හේතුවක්.....
වෙලාවට ආහාර නොගැනීම හා දිගු වේලාවක් නිරාහාරව සිටීම නිසාත් HCI අම්ල ගතිය වැඩිවෙලා ගෑස්ට්‍රයිටිස්
හැදෙන්න පුලුවන්.....
ගෑස්ට්‍රයිටිස් හා
ආමාශයික වණ හට ගැනීම වලක්වා ගන්නේ කෙසේද????
අවශ්‍ය වෙලාවට ආහාර ගැනීම,වෛද්‍ය නිර්දේශ මත පමණක් වේදනා නාශක හා අනෙකුත් ඖෂධ භාවිතා කිරීම,අධික මිරිස් යෙදූ තෙලෙන් බදින ලද ආහාර හා ක්ෂනික ආහාර ගැනීම සීමා කර අලුත් එලවළු හා පලතුරු ආහාරයට එක් කරගැනීමෙන් මෙය වලක්වා ගන්න පුලුවන්...
ගෑස්ට්‍රයිටිස් සඳහා ප්‍රතිකාර...
ආම්ලිකතාවය අඩු කරන ඖෂධ වර්ග කීපයක් භාවිතයෙන් ප්‍රතිකාර කරනවා...මේ ඖෂධ වර්ග වෙනස් ආකාරයේ ප්රතික්රියාකරත්වයෙන් යුක්තයි.....
1. ආමාශයේ අම්ල ශ්රාවයට අවශ්‍ය වන එච් අයන සෑදීම වලක්වන ඖෂධ
à එනම් omeprazole , lansoprazole , rabeprazole, esomeprazole ,
dexlansoprazole හා pantoprazole
2. ආමාශයේ අම්ල ශ්රාවීය සෛල(Paricetal cells) උත්තේජනය කරවන හිස්ටැමින්(Histamine)
රසායනයේ ක්රියාකරත්වය අක්‍රිය කරවන ඖෂධ
à එනම් ranitidine, famotidine ,
cimetidine හා
nizatidine .
3. ආමාශයේ අම්ල උදාසීන කරවන ප්‍රති අම්ල දියර හා පෙති වර්ග
à එනම්
aluminum hydroxide(Digene) හෝ magnesium hydroxide
4. Helicobacter Pylori නම් බැක්ටීරියාව නිසා ගෑස්ට්‍රයිටිස් ඇතිවී ඇත්නම් ඒ සඳහා වන ප්‍රතිජීවක ඖෂධ
à එනම් amoxicillin,
clarithromycin, metronidazole හා
tetracycline
වස විස නැති අලුත් එලවළු , පලතුරු හා ආහාර වෙලාවට ගැනීමෙන් ගෑස්ට්‍රයිටිස් පමනක් නොව වෙනත් බොහෝ රෝග වලින් ආරක්ෂා වෙන්න පුලුවන්...
ඔක්කොමත් හරි මේ අන්තිමට කිව්ව එකතමා ප්‍රශ්නෙකට තියෙන්නෙ...නේ....ද....????
.
PPI - Protone Pump Inhibitor : gastric ulcer ළුලට ගත හැකිද?
ReplyDeletePPI කියන්නෙ එක්තරා ඖෂධ කාණ්ඩයක්....PPI වලින් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිපදවන parietal සෛල වල ක්‍රියාකාරීත්වය අඩුකරනවා..එකෙන් වෙන්නෙ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ශ්‍රාවය වෙන එක අඩුවෙලා ආමාශයේ Acid ගතිය අඩු කරන එක...මේ කාන්ඩයේ ඖෂධ වල ක්‍රියාකාරී වෙලාව වැඩියි(a long duration of action)... මෙම ඖෂධ ආමාශයේ හා ගල නාලයේ ආබාධ(Gastric/duodenal ulcers, gastroesophageal reflux disease) වලට භාවිතා කරනවා...Post එකේ ප්‍රතිකාර කියන කොටසෙ පලවෙනියට මම දාල තියෙන්නෙ PPI වර්ග තමයි...
Deleteමේ තියෙන්නෙ එම කාණ්ඩයට අයිති වර්ග
OMEPRAZOLE ,LANSOPRAZOLE, RABEPRAZOLE, PANTOPRAZOLE, ESOMEPRAZOLE, DEXLANSOPRAZOLE