මං ගැන ඇහැ ගහන් ඉන්න අය..

Tuesday, June 11, 2013

පොටෝ ටිකක් කල හදියක්.....

මම අද සමුදුර පත්තරේ බලද්දි ඒකෙ ආටිකල් එකක තිබුන මේ පොටෝ ටික දැකල පොඩ්ඩක් හිත හෙල උනා......

විස්තර කරන්න තරම් තත්වයක් දැන් නැති හින්දා පහල ලින්ක් එකෙන් ගිහින් සමුදුර බලන්න.....

 පොටෝ ගැන ඔක්කෝම විස්තර ටික 08 වෙනි පිටුවෙ තියෙනවා...


                                                ඉරාක සිරකරුවා


ඉරාක සිරකරුවා සහ පුතු 2003 වසරේදී පුලිට්සර් සම්මානයෙන් පිදුම් ලැබූ මෙම ඡායාරූපය ඇසෝසියේටඩ් පේරස් හි ඡායාරූප ශිල්පියෙකු වන ජීන් මාක් බූජුගේ කැමරා කාචයේ සටහන් වූවකි. ඉරාක සිරකරුවකු වූ අන් නජාෆ් යුද කටයුතුවලදී සිදු කළැයි සැලකෙන වැරදි කීපයකට වරදකරු වීම නිසා ඔහුට ඇමෙරිකානු රජයෙන් මරණ දඬුවම උරුම වී තිබිණි. ඔහුට තම ජීවිතයේ අවසන් වතාවට පුතු දැක ගැනීමට ලැබුණු අවස්ථාව මෙයයි. මේ පිළිබඳ කිසිත් නොදත් දරුවා පිය උණුසුමට තුරුළු වී සුවසේ නිදා ගත් ආකාරය කැමරාවට හසු විය. දරුවා සමග කතා කිරීමට විනාඩි 2ක් පමණක් ලබා දුන් හමුදා නිලධාරීන් මෙම අවස්ථාව දුටු පසු නජාෆ්ට විනාඩි 20ක පමණ කාලයක් ලබා දී තිබිණි. මෙම දසුන අවසානයේ අන් නජාෆ් ඇමෙරිකානු 101 වෙනි එයාබෝන් හමුදාංශය විසින් දඬුවම් දීම සඳහා රැගෙන යන ලදී. ඉන්පසු ඔහු කිසි දිනෙක සිය අඹුදරුවන් හෝ මව්බිම දුටුවේ නැත


                                             අම්මා

                                  
ශිල්පියාගේ නම සඳහන් නොවන මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ ඉරාක දැරියකි. ඉරාක යුද සමයේ මවුපියන්ගෙන් වෙන් වූ මෙම දැරිය වයස අවුරුදු තුනේදී අනාථ දරු සැරැකුම් මධ්‍යස්ථානයක් භාරයට ගැනිණ. එහි මිතුරු මිතුරියන් කොතෙක් සිටියද අම්මාගේ උණුසුමේ අඩුව ඇයට හොඳින්ම දැනිණ. හැබැහින් ඒ උණුසුම විඳ ගන්නට නොලැබෙන බව දන්නා ඇය තමාගේ මතකයේ ඇති අම්මාගේ රුව චිත්‍රයට නැගුවාය. පසුව එයින් හෝ මව් උණුසුම ලබනු සඳහා චිත්‍රයේ සිටින අම්මාට තුරුළු වී ගුලි වී සිටියේ සිතින් අම්මා මවා ගනිමිනි. ඉරාක වීදි දරුවන්ගේ ඡායාරූප ප්‍රදර්ශනයකදී මෙම ඡායාරූපයට පළමු වන ස්ථානය හිමි වුවද එහි හිමිකරු පැමිණ ජයග්‍රාහී ත්‍යාගය සහ අදාළ මුදල ලබාගත්තේ නැත. මාස 6ක කාලයක් ගතවුවද ඒ සඳහා කිසිවකු ඉදිරිපත් නොවූ බැවින් ජයග්‍රාහී මුදල මෙම දැරිය සිටින අනාථ දරු සුරැකුම් මධ්‍යස්ථානයට පිරිනමන ලදී.

පොටෝ ගත්තෙ Google වලින්

3 comments:

  1. අම්මා ඉල්ලලා අඬන දරුවෙක් දිහා නම් බලන්න ඉන්න බැහැ මචන්..පුළුවන් වෙලාවක මෙන්න මේක බලන්න...

    මේ දේ ගැන දැනුවත් කරාට ස්තූතියි ඔබට...එහෙම නොවෙන්න මේක ඇහැ ගැටෙන්නේ නැහැ ...

    ReplyDelete
    Replies
    1. උඹ දාල තියෙන කතාව නම් හරිම සංවේදියි සහන්....අනික අර ඉරාක හිරකාරයාට මොනවා හිතෙන්න ඇද්ද....එතන හිටපු උන්ට හිත් තිබිලා නැද්ද මන්දා....මේ වගේ දේවල් කොච්චර ලෝකෙ වෙනවා ඇද්ද..එහෙම බලපුවාම අපිට මොනවයින්ද බං අඩු....

      Delete
  2. ඉතාම සංවේදී පොස්ට් එකක්.

    ReplyDelete