පහුගිය කාලය හරිම අවිවේකී උනා... Exam, New Projects,අසනීප,අනුන්ගෙ ප්‍රශ්න(මටත් තියෙනව,හැබැයි පොදුවෙ ඔක්කොටම තියෙන ඒව තමයි )මොනව උනත් බබා එක්ක ගතකරන කාලය අඩු කරන්න බෑනෙ..ඒ හින්ද බ්ලොගය,මූනු පොත මග ඇරුන......ඔය ඔක්කොම එක්ක සමහර අවස්ථා වලදි මාව ටිකක් පටලැවුන.....සමහර ප්‍රශ්න එක්ක හා පුද්ගලයන් එක්ක ගනුදෙනු කරද්දි....මට හිතන්න උනා මෙන්න මේ ගැන...
1.තමන් කරන දේවල් හරිද වැරදිද කියල මනින්නෙ කොහොමද....??
තමන්ගෙ පැත්තෙන් නම් හැමවෙලෙම හරිනෙ...
තමන්ගෙ හෘද සාක්ෂිය අනුවද(හිතට එකඟව)..........???
අනිත් අය ඒ ගැන කියන දේවල් වලින්ද..................???
වැඩි දෙනා කියන දේවල් වලින්ද(බහුතර මතය ).....???
සමාජය පිළිගන්න සම්මත ආකාරයකින්ද................???
නීතියට අනුවද...................................................... ???
මොකද්ද හරි විදිය...මේ කරුනු ඔක්කොම එකපාර තෘප්ත කරන්න පුලුවන්ද???
මොකද එක්තර ගැටළුවකදි මට අහන් ඉන්න උනු කතා වල හැටියට පාර්ශව දෙකම හරි. (මමම කරල දුන්නු හොඳක් තමා පස්සෙන් එලෙව්වෙ )...ඒත් මම උඩ අහල තියෙන ප්‍රශ්න ටික අනුව ඒව දෙපැත්තට බෙදෙනව...සමහර කරුනු තමන්ට අනුව හරි...ඒත් අනුන්ට වැරදියි...සමහර ඒව මිනිස්සු හැටියට හරි..එත් සදාචාරාත්මකව වැරදියි... හරිම ප්‍රශ්නෙකට තමා මම පැටලුනෙ...ඔක්කොම කට්ටිය තම තමන්ගෙ අදහස් ටික තමන්ගෙ පැත්තට වාසි විදියට කියල මා දිහා බලන් ඉන්නව... පෞද්ගලික ප්‍රශ්නෙ සමාජ ප්‍රශ්න දක්වා දුර දිග ගියා ...හැමෝගෙම කතා වලත් ඇත්තක් තියෙනව..ඒ හින්ද තත්වය හරිම සීරියස් උනා....කාගෙවත් පැත්තක් ගන්න විදියකුත් නෑ..මං දෙන උත්තරේ අනුව තමා පවුලක ඉරණම තීරණය වෙන්නෙ... එක පැත්තක් නතර කරද්දි අනෙක් පැත්ත පටන් ගන්නව..මේ යක්කු ඔක්කොම කරුනු කියන්න වෙන්වෙන පැත්තටමනෙ...ප්‍රශ්නෙ විසඳෙන පැත්තට එක Point එකක් දෙන්නෙ නෑනෙ.....අන්තිමට මට ඉතුරු උනෙ...ආගම විතරයි...බුදු හාමුදුරුවො හරි ...ජේසු තුම හරි..කවුරු උනත් ආගමක, ධර්මයක කියල දෙන මූලික යහ පැවැත්මෙ කරුනු අනුව ජීවත් උනානම් කිසිම ගැටළුවක් අතිවෙන්නෙ නෑ...කාගෙ කාගෙත් කරුනු ආගම ධර්මයට අනුව නම් වැරදියි කියල තමයි ජාමෙ බේරගත්තෙ...හොඳ වෙලාවට ඒ කතාවට කවුරුත් විරුද්ධ උනේ නෑ... එතනින් එහාට කතා කරන්න දෙයක් නැතිඋන හින්ද දෙපර්ශවයටම සාමදාන වෙන්න උනා... මමත් බේරුනා....
කොහොම උනත් කාට කාටත් දෙවියො බුදුන් මතක් වෙන්නෙ තමන්ට කෙලවෙනකොට විතරයි නෙ.............
මෙතනදි මට හිතෙන හැටියට ගැටළු වලදි
විවෘත මනසකින් ඒ දිහා බලන එක තමයි හොඳම දේ , නමුත් නොවෙන්නෙත් ඒකමයි.... එත් හැමතැනටම ගැලපෙයිද මන්දා?? තමන්ගෙ මහත්තයගෙ හරි නෝනගෙ හරි අනියම්
සම්බන්ධයක් වගේ අවස්තාවකදි මොන විවෘත මනසක් ද නේද?? විවෘත මනසකින් බලනව කිව්වට ඒකෙත්
හරිම නිර්වචනය මොකද්ද...මොකද මම අදහස් කරන දේ නොවෙන්න පුලුවන් ෙවන අයට තියෙන්නෙ.. මගෙ
නම් අදහස මේකයි...හැමදේම එකවරම ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ , භාරගන්නෙත් නෑ..නමුත් රඳව ගන්නෙ අවශ්‍ය
දේ පමණයි සාධාරණ කරුනු මත...ඒ වගේම යාවත් කලීන වෙනවා..මොකද පහු
ගිය කාලෙට ගැලපුනු දේවල් දැන් ගැලපෙන්නෙ නැතිවෙන්න පුලුවන් හින්ද...
ගැටළුවකට උදාහරණයක් හැටියට ගණිකාවක්
අර ගත්තොත් හැම පැත්තෙන්ම වැරදියි,ආගමෙන්වත්
ගැලවිල්ලක් නෑ... ඒත් ඇත්තටම ඇය ගණිකාවක් බවට පත් උනේ ඇයි...දිගටම මේ රැකියාවෙ
යෙදෙන්නෙ ඇයි... කියල හොයල බැලුවොත් සමහරවිට හරිම සංවේදී කතාවක් අහගන්න පුලුවන්
වෙයි....සමහර විට සැමිය නැතිව දරුවො ජීවත් කරනව වෙන්න පුලුවන්....සමහර බක පණ්ඩිතයො
නම් කියනව ඕක නැතිව වෙන තව කොයිතරම් දේවල් කරන්න තියෙනවද කියල...තියෙනව තමා ඒත්
කවුද ඒවට උදව් කරන්නෙ...හරියට උන් කරනව වගෙ...උස්සන්න පුලුවන් නම් මොනව හරි කරල
දෙයි...හොයාගෙන ඇවිල්ල සල්ලි දීල යන්නෙ වෙන මොන රස්සාවෙද...ගොඩක් අය සමාජයට පේන්න
දවල්ට බනිනවා තමන් සුදන කියල පෙන්නන්න...රෑට ගණිකාවො ලඟට යන්නෙත් ඒ අයම තමා...... තමනුත්
වැරැද්ද කරන ගමන් ..අනෙකට බනිනව ඒ වැරැද්දම කරනව කියල..ඒක කොයි තරම් සාධාරණද??
ඉතින් ඔය වගේ තව හුඟක් සමාජ ගැටලු වල
ඇතුලාන්තය ඔහොම තමා...ඒත් ඉතින් දැන් ඔය වගේ ප්‍රශ්න ගැන ගැඹුරින් හොයල බලල කටයුතු
කරන්න හැමෝටම පුලුවන්ද තමන්ගෙ ප්‍රශ්න ටිකවත් බලාගන්න බැරිව.. අනික අනුන්ගෙ පවුල්
ප්‍රශ්න විසඳන්න ගිහින් තමන්ගෙ පවුලෙ ප්‍රශ්න හදා ගත්ත අය ඕන තරම් මම දැකල
තියෙනව....එත් සමාජය වෙනුවෙනුත් අපිට වගකීමක්
තියෙනව මට හිතෙන හැටියට...
ඉතින් මොකද්ද අපි කරන්න ඕන...
1. අනුන්ගෙ ඒවා අපිට වැඩක් නෑ අපේ වැඩ
ටික ගැන බලමු
2. අපේ වැඩ පාඩු උනත් කමක් නෑ අනිත්
අයගෙ ප්‍රශ්න විසඳමු
3. අපෙ වැඩ කරගන්න ගමන් අනිත් අයගෙ
වැඩ වලටත් සහය වෙමු...
4...?..........................................................................................
4. ට මොනව හරි යෝජනා එහෙම තියෙනවද????
අපි හරිද වැරදිද කියල දැනගන්නෙ කොහොමද???
හැබැයි මොනවා උනත් තමන්ට තමන් හරහට
හිටින දවසට නම් දෙවියන්ටත් කොරන්න දෙයක් නෑ
ප.ලි
//"කාලීන තත්වයන් සමග ගලපල බලල කරුනු කාරන ඉදිරිපත් කල නම් "// එක මං හිතන්නේ බ්ලොග් ලෝකෙට නෙවෙයි, ජීවිතේ හැම වෙලාවකම අදාළ දෙයක්.සමාජයට අවශ්‍ය නැති වුනත් සමාජය හැමවිටම තනි පුද්ගල අවශ්‍යතා සපිරෙන් විසඳුම් තමයි ඉදිරිපත් කරන්නේ.
ReplyDeleteඇත්ත...ඒත් තමන්ට නැත්නම් අනුන්ටත් නැති වෙන විදියට වැඩ කරන අය තමා සමාජයෙ දැන් වැඩිපුර ඉන්නෙ....තමන්ට පාඩුවක් උනාම අනුන්ටත් ඒ පාඩුවම වෙනවට මිනිස්සු කැමතියි.. ඒත් වාසියක් වෙන වෙලාවට????(ඒත් පිටට පෙන්නන්නෙ නෑ)
Deleteඑතකොට විසඳුමක් යෝජනා කරන කොට අර යටි හිතේ තියෙන දේ අනුව තමා වැඩ කරන්නෙ...
හොද ලිපියක්. හැබැයි මට වාද කරන්න කරුණු ඕන තරං තියෙනවා. දැං ඒවට වෙලා නැති එක තමා අවුල. කොහේද බං මකබෑවි සිටියේ මෙතුවක් කලක්..
ReplyDeleteකරමු..කරමු දේශකයා....වාද කරල හරි, නිවැරදි දේ මතුකරගන්න එක තමා කරන්න ඕන...එතකොට මම දැනට ඉන්න මතය නිවැරදිද නැත්නම් වෙනස් කරගන්න ඕනද කියල දැනගන්නත් පුලුවන්නෙ..වැඩේ තියෙන්නෙ හරිදේ දැනගන්න එක පැත්තක දාල තමන්ගෙ අදහස තමයි හරිම කියල වාද කරන එකනෙ...වාදයකදි තමන් වැරදි තැනක ඉන්නව දැනුනොත් ඒක නිවැරදි කරගෙන යනවනම් තමයි හොඳ...වැරදියි කියල දැන දැනත් සමහර අය ඒකම හරි කියන එකනෙ වැඩේ...
Deleteමගෙ Priority List එකට අනුව බ්ලොගය හා මූනුපොත තියෙන්නෙ 10 වෙනි තැනටත් එහා බන්...ඉතින් මුල ටිකට යොදන කාලෙ වැඩි වෙන කොට පහල ඒව නිකම්ම හැලිල යනවා...ඒකයි ගිය ටිකේ පේන්න හිටියෙ නැත්තෙ...
කස්ටිය එක්ක වාද කරන්න බැරි ඕක නිසා තමා බං...
Deleteමේ හැම දේටම උත්තරේ පුද්ගලා තම තමන් වෙන වෙනම හැදෙන එක.
ReplyDeleteකවුද ඒත් එහෙම හැදෙන්නෙ?
ජය වේවා.
ඔය විදිය සමහර තැන්වල වෙනවා Sam...ඔය ස්කීම් වල ඉන්න සමහර අය එහා පැත්තෙ ගෙදර ඉන්නෙ කවුද දන්නෙ නෑ...සම්බන්ධකම් පවත්වනවා අඩුයි....තමන්ට කාගෙන්වත් කරදර නෑ....ඒත් හදිසියක් කරදරයක් උන වෙලාවට තමා තරු විසිවෙන්නෙ....
Deleteඅපේ ප්‍රදේශයෙ නම් කට්ටිය හොඳ අවබෝධයෙන් ඉන්නව...ඕනවට වඩා ගෙවල් වලට යන්නෙත් නෑ..නොගිහින් ඉන්නෙත් නෑ.... උදාහරණයක් විදියට අපෙ බබා රෑ පාන්දරක අඬනවා නම් ටික වෙලාවක් බලල වටේ පිටේ කට්ටිය ගෙදර ලයිට් එකක් දානව..ඒ කියන්නෙ අපි ඇහැරල ඉන්නෙ ඕන වෙලාවක එන්න පුලුවන් කියල මට අඟවනවා...සමහර අය කෝල් කරල බලනවා..ඇඬිල්ල සැරේටම යනවනම්....ලඟ පාත කට්ටිය ඔක්කොම එනවා....
මෙහෙම හදිසියකට ආවට නිතරම ඇවිල්ල අපේ වැඩත් පාලු කරල ඕප දූප කිය කිය ඉන්නෙ නෑ...ප්‍රශ්නයක් උනත් එක ගෙදරකට රැස් වෙලා කතා කරනව මිසක් ...තැන් තැන් වල මුණු මුණු ගාන්නෙ නෑ....ඒ වගේම වෙන කාට හරි කරදරයක් නම් මමත් යන්න ඕන...වෙලාව කලාව බලන්නෙ නැතිව.....ඉතින් එතකොට උදව් වගේම කරදරත් තියෙනවා... තනියම රජ වෙන්න ගියොත් මේ වගේ උදව් නෑ..හැබැයි අනුන්ගෙ කරදරත් නෑ....
තර්කයට ගිහින් එහෙම නවත්තපු කීප දෙනෙක් මටත් ඉන්නවා. එතනදි මගේ තියරියනම්... පිස්සෙක් එක්ක පැටලෙන එකා ඊටත් වඩා පිස්සෙක්..... කියන එකයි...
ReplyDeleteඒක නම් හරි මාතලන් අයියා..පිස්සො එක්ක පැටලුනාම අපිටත් පිස්සු හැදිල තමා නතරවෙන්නෙ...
Deleteක්‍රියාවක් ගත්තොත් බුදුහාමුදුරුවො කියල තියනව මෙහෙම, යම් ක්‍රියාවකින් තමන්ටත් අනුන්ටත් හානියක් වේ නම් එය නුසුදුසු ලෙසත් ඕකෙ අනෙක් පැත්ත ක්‍රියා කිරීම සුදුසු ලෙසත්.
ReplyDeleteමෙතන දක්වල තියන කරුණු වලින් මම පිලිගන්න සහ අයින් කරන කරුණු තියනව. උදාහරණයක් විදියට බහුතරයක් කිව්ව කියල යමක් හොඳ වෙන්නෙ නෑ. (ඡන්දෙකින් පත්වෙන උන්දැල දිහා බලන්න). ඒ වගේම නීතියට එකඟ නොවේනම් ඒ දේවල් කිරීම සුදුසුත් නෑ. නීතිය සහ ආගමික කරුණු විසංවාදී වන තැන් තියනව. එතකොට මම බලන්නෙ නීතිය පැත්ත. මොකද ඒක ලෙහෙසි නිසා.
ගැටළු ප්‍රශ්න විසඳීමේදී ඒ දෙස බැලීමේ ක්‍රමවේදයක් මම ඉගනගත්ත දේ තුල තිබුන. ඕනම ප්‍රශ්නයක ඊට හේතුවන මට්ටම් ගනනක් තියනව. හැබැයි අපිට පේන්නෙ මතුපිට විතරයි. උදාහරණයක් විදියට ගණිකාවක් පොලිසියට අහුවෙනව. ඒක වැරැද්දක්. නමුත් එයාගෙ පසුබිම් කතාව සාධාරණ වෙන්න පුළුවන්. ඒ උනත් එයාගෙ වත්මන් ක්‍රියාව දඬුවම් ලැබියයුතු එකක්. නීතිය පාලනය සකස් වියයුතු වරදට දඬුවම් දෙන ගමන් හේතුවටත් පිලියම් යෙදියයුතු ලෙස.
මම සංවාද කිරීමේදී මිතුරන් හෝ නොවෙන ලෙස වෙන් කරන්නෙ නෑ. අදහස් සම්පාත නොවුන කියල අමනාප වෙන්නෙත් නෑ. එහෙම උදවිය බ්ලොග් අවකාශෙ ඉන්නෙ ඉතාම අතලොස්සයි.
//"""නීතිය පාලනය සකස් වියයුතු වරදට දඬුවම් දෙන ගමන් හේතුවටත් පිලියම් යෙදියයුතු"""//
Deleteමේක තමා විය යුතු..එත් වැඩිපුර කරන්නෙ පැලැස්තර් අලවන එකනේ....